ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිත අතර දෙවන වතාවටත් දීර්ඝ සාකච්ඡාවක් ඊයෙ(30) උදෑසන පැවැත්විණි.
එම සාකච්ඡාව තුළදී රටේ තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ කෘෂිකර්මාන්තය ගොඩනැඟීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙසත්, රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හැකි සෑම ආකාරයකින්ම උදව් උපකාර කරන ලෙසත්, ණය සහ ආයතන ප්‍රතිව්යුහගත කිරීමේදී දීලීදු සහ සමෘද්ධිලාභී ජනතාව, කෘෂිකාර්මික ගොවි ජනතාව පිළිබඳව විශේෂ කාරුණික අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටින ලදී.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගපෙන්වීම යටතේ සහ ජාත්‍යන්තර සහයෝගය මත හැකි ඉක්මනින් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවූයෙ දෙවන වතාවටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර , ජාතික සංවිධායක හිටපු අමාත් දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ශාන් විජේලාල් ද සිල්වා මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරුන් වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ උදය ආර් සෙනවිරත්න යන මහත්වරුන්ද සහභාගී වූහ.












