• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රොෂාන් ජීවිතය පටන් අරන් තියෙන්නේ තාත්තත් එක්ක ගෙදර බීඩි ඔතලා! පස් දෙනෙක් ඉන්න පවුලේ එකම පිරිමියා! වැරදි වැඩ මොනවත් නෑ! හැම වෙලාවෙම භාවනා කරනවා! ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රෙදි කෑලි අරන් ගෙදර මූට්ටු කරලා මහලා! ඝාතක යුවළට හරියට සිංහල කතාකරන්නත් බෑ! කටුනායකට ගියත් රටින් පිටවුණේදැයි සැකයක්! කෝටිපති SHADES හිමිකරුගේ ඝාතනයේ තවත් තොරතුරු එළියට එයි!

February 5, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
කෝටිපති SHADES ව්‍යාපාරිකයාගේ සිරුර ඥාතීන් හඳුනා නොගනි! මරණ පරීක්ෂණය කල් යයි! DNA පරීක්ෂණයක් කරන්න ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයට යාබදව ව්‍යාප්තව ඇති නිමි ඇදුම් සාප්පු අතර ෂේඩ්ස් (shades) විලාසිතාගාරයට ජනතාව අතර ඇත්තේ ලොකු ඉල්ලුමකි. රාජගිරියේ කුඩා ඉඩකඩක කුඩාවට ඇරඹි ෂේඩ්ස් අද වන විට රාජගිරිය, කොටිගාවත්ත සහ මාළඹේ පැත්තේ විලාසිතා බලය අල්ලා ගෙන සිටින රෙදි පිළි විලාසිතාගාරයකි.

මෙම රෙදි පිළි විලාසිතාගාරය පවත්වා ගෙන යන්නේ සහෝදර කැලකි. ඒ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ බීඩි ගෙදර දරුවන්ය. සහෝදරියන් පස් දෙනෙකුගෙන් සහ එක් පිරිමි දරුවකුගෙන් පොහොසත් මෙම සහෝදර කැලේ ශක්තිවන්තයා වූයේ මේ පවුලේ තෙවැන්නා වූ එකම පිරිමියාය. ඔහු නමින් රොෂාන් වන්නිනායකය. රටේම දැඩි අවධානයකට ලක්වෙමින් බත්තරමුල්ල පැලවත්තේ එම්. ඩී. එච්. පුර සුවිසල් තෙමහල් නිවසක ඉහළ මහලේ ඇති නාන තටාකයේ මියගොස් සිටියදී පසුගිය 02 දා තලංගම පොලිසියට හමුවන්නේ ඔහුගේ සිරුරය. මෙම මරණය ගැන මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව එය සිදුව ඇත්තේ පිහිනුම් තටාකයේ ගිලී සිදුවූ මරණයක් ලෙස නොව ඝාතනයක් ලෙසිනි.

මෙම නිවෙස රොෂාන්ට අයත් වූවකි. මෑතකදී මිලදී ගෙන තිබුණු එහි ඒ වන විටත් කරමින් තිබුණේ ඔහුට ඇවැසි ආකාරයට අලුත් වැඩියාවන්ට ලක්කිරීමය. එහි පදිංචියට යාමට ඔහු තීරණය කර තිබී ඇත්තේ සියලු අලුත්වැඩියා කිරීම්වලින් පසුවය. සිය වයස අවුරුදු 50කට කිට්ටු වුවත් අවිවාහකව සිටි රොෂාන් ඇතැම් විට විවාහයක් කරගෙනම මෙහි පදිංචියට යාමට සැළසුම් කර තිබුණා ද විය හැකිය. ඒ බවට ඉඟි ඔහු ඉතා ළඟින් ඇසුරු කළ මිතුරන්ට පවා කර තිබුණේය.

රොෂාන් ගේ සිරුර මෙසේ නාන තටාකයකින් හමුවන්නේ ද දින කිහිපයක් තිස්සේ ඔහු ආගිය අතක් නොමැතිව සිටි පසුබිමකය. ඔහුගේ නැගණියක් විසින් පසුගිය 01 වෙනිදා වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඒ ගැන පැමිණිල්ලක් පවා කරනුයේ සිය සහෝදරයාව සොයන්නට හැකි හැම තැනකම සොයා බලා බැරිම තැනය. ඇය වැල්ලම්පිටිය පොලිසිය හමුවේ පවසා තිබුණේ ජනවාරි 30 වෙනිදා සවස 5.30ට පමණ කිත්තම්පහුවේ නිවසින් KE 9998 මෝටර් රථයෙන් පිටව ගිය සිය සහෝදරයා ගැන කිසිදු තොරතුරක් මෙතෙක් සොයා ගන්නට නැති බවය. නැගණිය පොලිසියට කී හැටියට ඇය සවස 7.00ට පමණ ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ රාත්‍රී ආහාරය සම්බන්ධයෙන් විමසා බැලීමකටය. ඊට සිය සහෝදරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණත් රාත්‍රී 7.29ට පමණ ඔහු සිය නැගණියට ඇමතුමක් ගන්නේ මඟහැරුණු ඇමතුම ගැන විමසන්නටය. එහිදී රොෂාන් සිය නැගණියට පවසා ඇත්තේ රාත්‍රී ආහාරය ගැනීමට පැමිණෙන බවකි. එහෙත් ඒ කී හැටියට රොෂාන් නිවසට ආවේ නැත. ජංගම දුරකතනය ද පසුදින වන විට තිබෙන්නේ අක්‍රිය කරය. ඒ ගැන ඇයට ගෙන දෙන්නේ බලවත් සැකයකි. ඒ සිය සහෝදරයා දුරකතනය වසා තබාගෙන නොසිටින බව ඇය හොදාකාරවම දැන සිටි බැවිනි. සිය සහෝරයා ආගිය තැන් ගැන සෙසු සහොදරියන් සමඟ එක්ව ඇය සොයන්නට ගන්නේ මේ නිසාය.

කඩුවෙල පිහිටි අසපුවට පවා ඇමතුම් ගෙන එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේගෙන් පවා සිය හෝදරයා එහි පැමිණියේදැයි සොයා බලන්නට මෙහිදී රොෂාන්ගේ සහෝදරියෝ අමතක නොකළහ. ඒ , අසපුව සමඟ කිට්ටු සම්බන්ධකමක් රොෂාන්ට තිබුණු බැවිනි. ඉඩ ලැබෙන හැම විටම නිවසේදී පවා භාවනායෝගීව සිටියෙක් වූ බැවින් සියල්ල අතහැර සිය සහෝදරයා මහන දම් පුරන්නට ගියේදැයි සැකයකින් එසේ අසපුවෙන් රොෂාන් ගැන ඒ අය වැඩිපුර සොයා බැලුවා විය හැකිය.

අසපුවට ඉතා කිට්ටුවන්ත දායකයෙක් වූ නිසාම එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේ ද රොෂාන්ට කුමක් සිදුවූයේදැයි ඒත් එක්කම උනන්දුවකින් සොයා බලන්නට ගත්තේය. උන්වහන්සේලා තමන් දන්නා කියන පොලිසියේ ඉහළ නිලධාරීන්ට පවා මේ ගැන කියන්නට වූහ. ඒ හැම ඉහළ නිලධාරියෙකුගෙන්ම උපදෙස් ලැබෙන්නට වූයේ මුලින්ම මෙම අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසය. පෙබරවාරි 01 වෙනිදා රොෂාන්ගේ නැගණිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණ සිය සහෝදරයාගේ අතුරුදන්වීම ගැන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරනු ලබන්නේ මෙවන් පසුබිමක් හමුවේය.

සමාජයේ බොහෝ අය දන්නා කියන චරිතයක් වූ නිසාම රොෂාන්ගේ අතුරුදන්වීම පොලිස් පොතේ ලියැවුණු තවත් එක් පැමිණිල්ලක් බවට මෙහිදී කිසිසේත්ම පත් නොවීය. වැල්ලම්පිටිය පොලිසිය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නට වූයේ පොලිසියේ අය සමඟ ද ඔහුගේ හිතවත්කම් පැවති බැවිනි. ඒ නිසාම රොෂාන්ගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ල සටහන් වී පළමු පැය 12 තුළ වැල්ලම්පිටිය පොලිසිය අනාවරණය කර ගනු ලබන්නේ රොෂාන් සතුව ඇති ක්‍රෙඩිට් කාඩ්පතකින් 30 වෙනිදා රාත්‍රී කාලයේ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට ගුවන් ටිකට් පත් දෙකක් වෙන්කරගෙන ඇති බවය. ඒ මාර්ග ගත ක්‍රමයටය. එපමණක් නොව, 31 වෙනිදා අලුයම් කාලයේදී එම ක්‍රෙඩිට් කාඩ්පතින් බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ ඇති සුපිරි සාප්පුවකින් යම් භාණ්ඩ මිලදී ගැනීමක් සිදුකර ඇති බව ද වැල්ලම්පිටිය පොලිසිය විසින් හෙළිකර ගත්තේය. මෙහිදී වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන්ට පැන නැඟුණු ගැටලුවක් වූයේ රොෂාන් කාටත් නොකියා රට සවාරියක්වත් ගොස් තිබේදැයි කියාය. පැලවත්තේ නිවසේ නාන කටාකයෙන් රොෂාන්ගේ සිරුර හමුවන්නේ ඒ ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමට වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් ලකලෑස්ති වන විටදීය.

අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඇතුළු අංශ රැසකම නිලධාරීන් එදා පැලවත්තේ පිහිටි මෙම නිවෙසට ආවේය. ඒ වන විටත් නාන තටාකයේ රොෂාන්ගේ මළ සිරුර තිබුණේ බැලුම් බෝලයක් මෙන් පිම්බී දුඟද හමමිනි. බැලූ බැල්මට පොලිසියට පෙනී ගියේ දින කිහිපයකට පෙර ඔහුගේ මරණය සිදුවී ඇති බවය. නිරුවත්ව සිටි ඔහුගේ යට ඇදුම් මෙන්ම කිත්තම්පහුවේ නිවසින් 30 වෙනිදා සවස පිටත්ව යන විට හැඳ සිටි ඇඳුම් ද තිබුණේ නාන තටාකය ආසන්නයේය. බලහත්කාරයෙන් ඇඳුම් ගලවා දැමූ බවට වූ ලක්ෂණ ඒ තුළින් පෙන්නුම් නොකළේය.

රොෂාන්ගේ මරණය නාන තටාකයේ ගිලී සිදු වූ මරණයක් නොව, ඝාතනයක් බවට වූ සාක්ෂි මෙහිදී පොලිස් විමර්ශකයන්ට ගෙන දුන්නේ නාන තටාකය අවට විසිරී තිබුණු ලේ පැල්ලම් කිහිපයක් හේතුවෙනි. රොෂාන්ව බිම දිගේ ඇදගෙන විත් නාන තටාකයට ඇද දැමූ බවට වූ සලකුණු පවා ග්‍රහණය කර ගැනීමට විමර්ශකයන්ට සියුම් විමර්ශන ඔස්සේ එතරම් අපහසු වූයේ නැත. ඒ අනුව විමර්ශකයන් අනුමාන කරන්නට වූයේ හිසට යම් තදබල පහරක් එල්ල කර රොෂාන්ව මරා දමා සිරුර නාන තටාකයට දමා ඇති බවටය.

රොෂාන් ගැන දන්නා කියන අය නම් පවසන්නේ ඔහු දැහැමි ජීවිතයක් ගත කළ කලහකාරී නොවන නිවුණු අයෙක් බවය. දුප්පත්කම තුරුලු කරගෙන උපන් පවුලක සාමාජිකයෙක් වන රොෂාන් ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් ලෙස ඉහළට යන විට කිසිවිටකත් මුල අමතක නොකළ බව කිත්තම්පහුවේ ඔහුගේ අසල්වැසියේ අදටත් පවසති.

රොෂාන්ගේ පවුලේ ඉතිහාසය ගැන එම අසල්වැසියන්ගෙන් තොරතුරු හාර අවුස්සා සොයා බැලීමේදී පෙනී යන්නේ රොෂාන්ගේ පියා බෝතල් පත්තර එකතු කර ඒවා අලෙවි කරමින් රොෂාන් ඇතුළු ඒ පවුලේ දරුවන් පස් දෙනා පෝෂණය කළ අයෙක් බවය. ඒ අතර බීඩි ඔතා අමතර ආදායමක් ද රොෂාන්ගේ පියා උපයා ඇත්තේ දරුවන් පස් දෙනෙක් පෝෂණය කිරීමට බෝතල් පත්තර අලෙවියෙන් පමණක් කළ හැකි කටයුත්තක් නොවූ බැවිනි. පාසල් ගොස් නිවසට පැමිණි රොෂාන් සහ සහෝදරියන් සිය පියාට හයියක් වූයේ බීඩි එතීමට ඔහුට සහය වෙමිනි.

එම බීඩි තැටියක දමාගෙන රොෂාන්ගේ පියා පාපැදියකින් රැගෙන යාම එකල කිත්තම්පහුවේ වැසියන්ට සුලබ දසුනකි. රොෂාන්ගේ මහ ගෙදරට බීඩි ගෙදර යැයි අදටත් කියන්නේ ඒ නිසාය.

රොෂාන් සහ සහෝදරියන් එදා ජීවත් වූයේ ද තාර තහඩු හෙවිල්ලන ලද කුඩා පැල්පතකය. එම පැල්පතේ වහල ඔළුවේ හැපෙන තරමට තිබී ඇත්තේ පහතිනි. ගෙබිමේ තිබී ඇත්තේ මැටි පොළොවකි. ඒ මැටි පොළොවේ පැදුරක් එලාගෙන එය යහනක් කරගෙන ජීවත්වූ රොෂාන් සහ සහෝදරියන් ජීවිතය ජය ගන්නේ අපරිමිත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන් කිසි විටෙකත් නැති බැරි කම කියා අධ්‍යාපන කටයුතු අතපසු කළේ නැත. තියෙන එක ඇඳුම පවා හෝදා පිරිසිදුව අඳිමින් පාසල් අධ්‍යාපනයේ උපරිමයටම ඔවුන් ගොස් තිබුණේය.

මෙම පවුලේ හැරවුම් ලක්ෂ්‍යය බව කියැවෙන්නේ වැඩිමහල් සහෝදරියයි. ඇය ගිණුම් අංශයෙන් ඉහළට අධ්‍යාපනය ලැබූ තැනැත්තියකි. ඇය වරලත් ගණකාධිකාරීවරියකි. ඇගළුම් කර්මාන්ත ශාලාවක ගිණුම් අංශයක ප්‍රධානියෙක් ලෙස ද ඇය කලක් සේවයේ නිරතව සිට ඇති බව ද කියැවෙයි. රොෂාන් ඇගළුම් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ඉවත දැමෙන රෙදි කැබලි ටෙන්ඩරය ලබා ගනිමිනි. ඊට ඔහුට හයියක් වී ඇත්තේ සිය වැඩිමහල් සහෝදරියයි.

එම රෙදි කැබලි මූට්ටු කර මැසෙන ඇඳුම් කරපින්නාගෙන රෙදිපිලි සාප්පු ගානේ ගොස් අලෙවිකර ඇත්තේ රොෂාන්ය. දිනෙන් දින මෙම ව්‍යාපාරය දියුණු කරගත් රොෂාන් ඇතුළු පවුලේ සාමාජිකයන් සිය පැල්පත සිමෙන්තියෙන් ගොඩනඟා ඒ තුළ මහන මැෂින් කිහිපයක් දමා කුඩා ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ද නිවසේ ස්ථාපිත කළේ ව්‍යාපාරිකයෙක් ලෙස ඉදිරි පිම්මක් පනිමිනි. වැඩි කල් යන්නට මත්තෙන් කුඩාවට නිමි ඇඳුම් සාප්පුවක් දැමූ රොෂාන් එය ෂේඩ්ස් (shades) වෙළද නාමයෙන් ව්‍යප්ත කරනුයේ නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් ද අත්පත්කර ගනිමිනි. රොෂාන් අභිරහස් ලෙස ඝාතනය වන්නේ නිමි ඇඳුම් ක්ෂේත්‍රෙය් දැවැන්තයන්ට අභියෝගයක් වෙමින් ඔහු ඒ අය සමඟ තරග කරමින් සිය ව්‍යාපාරය දියුණුවේ හිනිපෙත්තට රැගෙන යමින් සිටියදීය.

රොෂාන්ගේ මරණය ගැන මෙතෙක් කෙරී ඇති විමර්ශනවලින් තාමත් මෙය ව්‍යාපාරික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බව පෙනී ගොස් නැත. රොෂාන්ගේ මරණය සිදුවන විට ඔහු සමඟ සිටියේ යැයි අනුමාන කෙරෙන්නේ කාන්තාවකි. ඒ සැකය මතුවන්නේ නිරුවතින් තිබුණු ඔහුගේ සිරුරත් නාන තටාකය අසලින් සොයා ගන්නා උපත් පාලන කොපු කිහිපයකුත් හේතුවෙනි. ඒ එක් උපත් පාලන කොපුවක් තිබෙන්නේ පරිහරණය කරය. එය ඔහු විසින් පරිහරණය කළ එකක්දැයි නැතහොත් උප්පරවැට්ටියක් දැයි තහවුරු කර ගැනීමට ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට ද විමර්ශකයන් දැනටමත් පියවර ගෙන අවසන්ය.

මෙහිදී විමර්ශකයන් මෙම උපත්පාලන කොපු මිලදී ගත් ඔසුහල ද හඳුනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. ඒ මළ සිරුර හමුවී පැය කිහිපයක් ඇතුළතය. ඒ නාන තටාකය අසල වැටී තිබී හමුවුණු ඔසු සලක බිල්පතක් ඔස්සේය. ඊට අනුව මෙම උපත් පාලන කොපු මිලදී ගෙන තිබුණේ කළුබෝවිල පිහිටි ඔසු සලකිනි. ඒ 30 වෙනිදා සවස 3.30ට පමණය. විමර්ශකයන් එම ඔසුහලට ගොස් ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ උපත් පාලන කොපු තුනක් අඩංගු පැකට්ටුවක් එහි පැමිණෙන යුවළක් විසින් රුපියල් 1000ක මුදලක් දී එදින මිලදී ගන්නා බවය. හින්දි නිළියක් මෙන් එම කාන්තාව සුරූපී තැනැත්තියක් බව ද ආරක්ෂක කැමරා දත්ත නිරීක්ෂණයෙන් විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. මෙම යුවළ එම ඔසුහලට ආගිය හැටි කිසිවත් පැහැදිලිවම මෙහිදී හෙළි කර ගැනීමට විමර්ශකයන්ට හැකියාවක් නොවූවත් ඔවුන් එහි සිට කෙලින්ම පැමිණ ඇත්තේ පැලවත්තට බව දුරකතන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම විමර්ශකයන් හෙළි කර ගත්තේය. ඒ රොෂාන්ගේ ජංගම දුරකතනයෙන් මතු කරගත් මෙම යුවළ සතුව තිබුණු ජංගම දුරකතන අංකයක් ඔස්සේය.

මෙහිදී විමර්ශකයන් අනුමාන කරන්නේ පැලවත්තේ පිහිටි නිවෙසට පසුගිය 30 වෙනිදා සවස මෙම යුවළ ඇතුළු වන්නේ රොෂාන් සමඟ එකට පැමිණ බවය. කිත්තම්පහුවේ සිට පැමිණෙන අතරතුර රොෂාන් පැලවත්තේ යම් ස්ථානයකින් මෙම යුවළ සිය මෝටර් රථයට නංවා ගෙන නිවසට රැගෙන ආ බව ඒ අනුව විශ්වාස කළ හැකිය. රොෂාන්ගේ මරණය සිදු වන්නේ මෙම යුවළ නිවෙසේ රැඳී සිටි කාලය තුළදීය. රොෂාන්ගේ මරණය පසුව ද මේ යුවළ පැයක් හමාරක්වත් නිවෙසේ ගත කර ඇති බවට තොරතුරු සිය විශ්ලේෂණ ඔස්සේ දැනටමත් විමර්ශකයන්ට පෙනී ගොස් හමාරය. රොෂාන්ගේ මුදල් පසුම්බියේ වූ ක්‍රෙඩිට් කාඩ්පත් 04 ද එහිදී ඔවුන් තමන් සතු කර ගනිමින් එයින් එක් කාඩ්පතක් භාවිත කර ඇත්තේ ගුවන් ටිකට්පත් දෙකක් මිලදී ගැනීමටය. එහෙත් වැල්ලම්පිටිය පොලිසියට මුලින් අනාවරණය වූ ආකාරයට එක්සත් රාජධානියට යෑම සඳහා නොව, ඉන්දුනීසියාවට යෑමටය.

මෙම ගුවන් ටිකට්පත් දෙක වෙන්කර ගන්නේ ද මාර්ග ගත ක්‍රමය ඔස්සේය. පෙනී ගොස් ඇති ආකාරයට අනුව ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීම් සිදුව ඇත්තේ 30 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ රොෂාන්ගේ ජංගම දුරකතනය ඔස්සේ අන්තර්ජාලයට පිවිස අදාළ ගුවන් ටිකට්පත් සමාගමේ වෙබ් අඩවියට ඇතුළු වෙමිනි. එදා මෙම යුවළ වෙන්කර ගන්නේ 31 වෙනිදා අලුයම කටුනායකින් ඉන්දුනීසියාව බලා යා හැකි පළමු ගුවන් යානයේම අසුන් දෙකකි.

30 වෙනිදා මැදියම් රැයත් 31 වෙනිදා අලුයම් කාලයත් අතර පැලවත්තේ නිවෙසින් මොවුන් දෙදෙනා එළියට බසින්නේ රොෂාන්ගේ මෝටර් රථයේ නැඟීය. එහි සිට ඔවුන් කෙලින්ම එන්නේ කටුනායක අධිවේගී මාර්ගය වෙතය. ඔරුගොඩවත්තෙන් අධිවේගී මාර්ගයට පිවිසෙන ඔවුන්ට එදා ජා – ඇළ පසු කරන්නට ඉඩක් නොවීය. ජා-ඇළ පිවිසුම පෙනී පෙනී මෝටර් රථය ඔවුන්ට නතර කරන්නට සිදුවන්නේ එහි ඇංජිම අධික ලෙස රත්වෙමින් දෝෂයක් පෙන්නුම් කරන්නට වූ බැවිනි. මෙහිදී මෝටර් රථය අධිවේගී මාර්ගයෙන් පිටතට රැගෙන යෑමට ඔවුන් උදව් ඉල්ලා දුරකතන ඇමතුමක් ලබා දෙන්නේ 1969 අංකයටය. ඒ අලුයම 1.30ට පමණය. එම ඇමතුම ලබා දෙන්නේ ද රොෂාන්ගේ ජංගම දුරකතන අංකයෙනි.

අධිවේගී මාර්ගයේ ආපදා අංශයේ රථයක් එහි පැමිණ මෝටර් රථය රැගෙන ගොස් ජා-ඇළ පිවිසුමෙන් පිටතට දමන්නේ මෙම යුවළ ද සමඟිනි. ඒ යන අතරතුර ඔවුන් දෙදෙනා එම ආපදා රථයේ රියදුරුගෙන් ගරාජයක් දක්වා රථය රැගෙන යෑමට තවත් ආපදා රථයක අංකයක් ඉල්ලා ගත්තේය. එම රථයට ඇමතුමක් දී ජා-ඇල පිවිසුම වෙත එම ආපදා රථය ගෙන්වා ගන්නා මෙම යුවළ එය රැගෙන යන්නේ මීගමුව ජෝසප් ද සිල්වා මාවතේ පිහිටි ගරාජයක් වෙතය. ගරාජය අසල මාර්ගයේ මෝටර් රථය දමා මෙම යුවළ ආපදා රථයේම නැඟී ගමන් ගන්නේ කුරණ හන්දිය වෙතය. ආපදා රථයේ ගනුදෙනු පියවන්නේ එම ස්ථානයේදීය. රුපියල් 15,000ක් වූ ආපදා රථයේ ගාස්තුවෙන් රුපියල් 10,000ක් ගෙවා දමන්නේ මුදලිනි. ඉතිරි රුපියල් 5000 ගෙවා දමන්නේ ආපදා රථයේ හිමිකරුගේ බැංකු ගිණුමට මාර්ගගත ක්‍රමයටය. එම ගෙවීම කරනුයේ ද රොෂාන්ගේ ජංගම දුරකතය ඔස්සේය. විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම ගණුදෙනුව සිදුවන්නේ අලුයම 3.00ට පමණය.

ජා-ඇල සිට මීගමුව දක්වා ගිය ගමනේදීත් මීගමුවේ සිට කුරණ දක්වා ආ ගමනේදීත් මේ යුවළ පළ කළ අදහස් හුවමාරුවලදී ආපදා රථයේ රියදුරුට සැකයක් මතුවන්නේ ඔවුන් දෙදෙනා මෙරට පුරවැසියන්දැයි කියාය. ඒ රියදුරු සමඟ ඔවුන් දෙදෙනා කතාබහ කරන විට සිංහල භාෂාව හරිහැටි උච්ඡාරණය කිරීමට නොහැකි වූ බැවිනි. එහෙත් ඔවුහු ඉංශ්‍රීසි භාෂාව නම් චතුර ලෙස හසුරුවා තිබුණහ.

ඒ අනුව මෙම යුවළ විදේශිකයන් ද එසේත් නොමැති නම් සිංහල සමාජය නොවන වෙනත් සමාජ පන්තියක පිරිසක්දැයි සැකයක් ද විමර්ශන නිලධාරීන්ට මතු වූවත් විමර්ශන නිලධාරීන්ගේ අවසන් නිගමනය වූයේ නම් මෙම යුවළ මෙරට පුරවැසියන් වන සිංහල නොවන ජන වර්ගයකට අයත් වූවන් විය හැකි බවය. මේ දේවල් හෙළි කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට පසුගිය 02 වෙනිදා රොෂාන්ගේ මළ සිරුර හමුවූ අවස්ථාවේ සිට නිදිවර්ජිතව වෙහෙස කර මෙහෙයුමක නිරත වන්නට සිදුවී තිබුණේය. 03 වෙනිදා අලුයම් කාලයේදී මීගමුවේ ගරාජය ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබුණු රොෂාන්ගේ මෝටර් රථය පවා සොයා ගැනීමට හැකිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ අතර කුරණින් ආපදා රථයෙන් බැසගත් සැකකාර යුවළ පළා ගියේ කුමන දිසාවකටදැයි සොයා බැලීමට ද විමර්ශකයෝ අමතක නොකළහ. එහිදී පෙනී යන්නේ ඔවුන් ඊට විනාඩි කිහිපයකට පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේ ඇති සුපිරි සාප්පු සංකීර්ණයකට ද ගොඩවී ඇති බවය. එහිදී ජල බෝතල් දෙකකට රුපියල් 300ක් හෝ ඒ ආසන්න මුදලක් ගෙවා දමන්නේ ද රොෂාන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතකිනි.

ඒ වන විට රොෂාන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් 04න් තුනක්ම මේ අය භාවිත කර තිබුණේ රුපියල් ලක්ෂ 09ක පමණ ගනුදෙනු ප්‍රමාණයක් පැය 05ක් වැනි කාලසීමාවක් තුළ කරමිනි. ඒ ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීමට කළ වැය කිරීම් ද සමඟිනි. මේ යුවළ ගුවන් තොටුපොළට එන්නේ මලයාසියාව බලා එදින උදෑසන ගුවන් ගතවීමට නියමිත ගුවන් යානයක නැගී මෙරටින් පළායන්ට සැළසුම් කරගෙනය. මෙම යුවළ ගුවන් තොටුපොළට ඇතුළු වී ගුවන් යානයකට ගොඩවීමට සූදානමින් සිටියත් සැබෑ ලෙසම රටින් පළා ගියේදැයි ඇත්තේ තවමත් ගැටලුවකි. මෙම යුවළ රටින් පළා ගොස් නොමැති නම් ඔවුන්ට තවත් වැඩි කල් පොලිසිය සමඟ කට්ටි පනින්නට ඉඩක් නම් නොලැබෙනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

2048 වනවිට රට සංවර්ධිත කරනවා! නිදහස් දවසේ ජනාධිපති ජාතිය අමතා කළ කතාව! VIDEO

Next Post

දවස් 167ක් හිරගෙදර ඉඳලත් වසන්තගේ හයිය එදා වගේමයි! එළියට ඇවිල්ලා දවස් 4ක් ඇතුළත සිසුන් එක්ක පාරට බැහැලා විනාඩි 28ක ඇඟ හිරිවැටෙන කතාවක් කරයි! ගෝඨා-මහින්ද-බැසිල් එළවපු හැටිත් කියයි! ආණ්ඩුවට අභියෝගයකුත් කරයි! VIDEO

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.