ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පහළ ගොස් ඇත.
ඒ අනුව අද (04) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.37 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.50 ලෙස සටහන් විය.
කෙසේවෙතත් අද දින කොටස් වෙළෙදපොළේ යම් කඩාවැටීමක් සිදුවූ ආකාරයක් දැකගත හැකි විය.
ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) -0.44% හෝ ඒකක 40.52 කින් 9,196.41 දක්වා පහත වැටුණු අතර, වඩාත්ම ද්‍රවශීල දර්ශකය වන S&P SL20 සියයට 0.14 කින් හෝ ඒකක 3.79 කින් පහළ ගොස් 2,672.69 ක් විය.










