අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීම සදහා සැගවී සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැගෙනහිර ප්‍රදේශයේ ගම්නියම්ගම් සැරිසරමින් විමර්ශන ආරම්භ කොට තිබේ.
ඒ අනුව ඊයේ (17) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදියුදීන් මහතාගේ සමීපතම පිරිස් සිටින පොතුවිල්, අම්පාර, සමන්තුරෙයි, නින්දවූර් සහ කල්මුණේ ප්‍රදේශවල විමර්ශන සිදු කර ඇති බව පැවසේ.
ඒ ඊට පෙර දින පුත්තලම සහ මන්නාරම ප්‍රදේශවල විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුවය.
මේ වනවිට බදුර්දීන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කොට ඇත.
2019 ජනාධිපතිවරණයේදී අවතැන් ජනතාවට ජන්දය භාවිත කිරීම සදහා ප්‍රවාහන පහසුකම් ලබා දීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතය.










