ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළුවට ලක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනිය පවසයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව පවසා ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා තබා ගෙන විමර්ෂණ සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් අදාල අංශවෙත අනුමැතිය ලබා දීමෙන් පසුවයි.
අදහස් ප්‍රකාශ කිරීම සදහා ජනතාවට ඇති අයිතිවාසිකම තහවුරු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඇමරිකානු තානාපතිනිය සිය ට්වීටර් පණිවිඩයෙන් සදහන් කරයි.
Using laws that don’t conform with international human rights standards – like the PTA – erodes democracy in Sri Lanka. We encourage the government to uphold the rights of the people to express their views.
— Ambassador Julie Chung (@USAmbSL) August 22, 2022