වඩාත්ම ගෞරවනීය සමාගම් 20 අතරටත් එක්වෙයි
නෙස්ලේ ලංකා සමාගම, LMD විසින් නිකුත් කරන ලද 2022 වසරේ වඩාත්ම ගෞරවනීය සමාගම් ලැයිස්තුවේ, ‘වඩාත්ම ගෞරවනීය ආහාර සහ පාන සමාගම’ ලෙස ශ්‍රේණිගත වීමට පසුගියදා සමත්විය. ඊට අමතරව, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රසිද්ධ සමාගම් 100කටත් වැඩි සංඛ්‍යාවක් අතුරින්, මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් ශ්‍රේණිගත කිරීමෙහි පළමු සමාගම් 20 අතරට පිවිසීමට ද නෙස්ලේ ලංකා සමාගමට හැකිවී තිබේ.
ලොව විශාලතම ආහාර සහ පාන නිෂ්පාදන සමාගම වන නෙස්ලේ යනු වසර 115කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජීවිතවලට බද්ධ වූ සමාගමකි. වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමග ක්‍රියා කරන නෙස්ලේ සමාගම, තම ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයන්ට සමීප වී ඇත.
ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් අති නවීන කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබන අතර, නෙස්ලේ ලංකා සමාගම මෙරට සමාජ ආර්ථික සංවර්ධනයට ලබාදෙන්නේ අනුපමේය දායකත්වයකි. විශේෂයෙන්ම, 800කට වැඩි සේවක සංඛ්‍යාවකට ඍජු රැකියා අවස්ථා සපයන නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ දැවැන්තම පිටි කළ පොල්කිරි අපනයනකරුවෙකු සහ විශාලතම නැවුම් එළකිරි මිලදීගන්නා ආයතනයක් ලෙස 25,000කට වැඩි ගොවි පවුල් සංඛ්‍යාවකටත්, සෙසු ව්‍යාපාර සහකරුවන්ටත් සහාය වෙයි. එමෙන්ම, 2050 වසර වනවිට සිය සැපයුම් ජාලය තුළ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් කටයුතු කරන නෙස්ලේ සමාගම, සිය නිෂ්පාදන පරිසරයට යහපත් බවට සහතික කරගැනීමටද දැඩි පරිශ්‍රමයක් දරයි.