මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC මගින් ආධාර දෙන රටවල ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත.
අද (16) අමෙරිකාවේ පැවැති එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නැවත කිසිදු ආකාරයේ සාකච්ජාවක් හෝ නොපැවැත්වීමට එම ආයතනය තීන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් මීට දෙසතියකට ඉහතදී ‘මව්රට’ පුවත්පත මගින් විශේෂ අනාවරණයක් කළ අතර අප එහිදී පෙන්වා දුන්නේ 15 වැනි දින MCC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට නියමිත බවත්, එහිදී ලංකාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත්ය.
මේ ප්‍රදානය යටතේ වසර 5ක කාලයක් සදහා මාර්ග ඇතුලු සංවර්ධන කටයුතු වෙනුවෙන් ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් ලැබීමට නියමිතව තිබිණ.











