ඊයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත සහ සුනිල් හදුන්නෙත්ති සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකොට ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඉකුත් දා ඇතිවූ කලබලවලදී පාර්ලිමේන්තුව වටලන ලෙස මොවුන් ජනාතාවට ප්‍රසිද්ධියේ දැනුම් දුන් බවත්, ඔවුන්ගේ සැලසුම් වී තිබුණේ පාර්ලිමේන්තුව වටලා සියලු කටයුතු අකර්මණ්‍ය කිරීම බවත්ය.
මේ පිළිබද තවමත් නිසි විමර්ශනයක් සිදු කොට නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ඒ පිළිබද සභානායක ප්‍රසන්න රණතුංග මහතා හට කතානායකවරයා සමග සාකච්ජා කරන ලෙස දැනුම් දීමක්ද කොට ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව හඩ නගන ලෙස පොහොට්ටු මන්ත්‍රීවරුන්ට උපදෙස් දීමටද ජනාධිපතිවරයා එහිදී පියවර ගෙන ඇති බව වාර්තා වේ.










