• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය රහස් පනත හරහා දැමූ අලුත් ගැසට්ටුව! ඇඟ බඳින අධි ආරක්ෂිත කලාප ගිනිගෙඩිය…!

October 4, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
රාජ්‍ය රහස් පනත හරහා දැමූ අලුත් ගැසට්ටුව! ඇඟ බඳින අධි ආරක්ෂිත කලාප ගිනිගෙඩිය…!
Share on WhatsAppShare on Facebook

නූතන සමාජයේ සිටින මිනිසුන්ගේ හොඳම හිතවතා සිටින්නේ තමන්ගේ සාක්කුවේ හෝ තමන්ගේ ගමන් මල්ලේය. ඒ වෙනත් කිසිවක් නොව ජංගම දුරකතනයයි. පිරිමින් හෝ වේවා ගැහැනුන් හෝ වේවා අද ජංගම දුරකතනයක් තමන්ට නැතිනම් ජීවත් වීමද එපාවන තත්ත්වයකට පත්වෙයි. අද මෙලෙස මෙම පිරිස් විසින් බොහෝ විට භාවිත කරනු ලබන්නේද නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයන්ය. මෙහිදී බහුතරය තරුණ තරුණියෝද මෙම ස්මාර්ට් දුරකතන මේනියාවෙන් දරුණු ලෙස බලාගෙන සිටියි. බොහෝ විට ඔවුන් යන එන තැන්වලදී සෙල්ෆි ඡායාරූප බුරුතු පිටින් ගැනීමටද හුරුවී සිටිති. කොළඹ නගරය තුළද විවිධ ස්ථානවලදී සෙල්ෆි ඡායාරූප නොයෙකුත් විලාසිතාවේ පසුතල ආශ්‍රය කරගෙන ලබාගනිති. එම ක්‍රියාවන්ට කිසිදු තහනමක්ද නොවීය. එහෙත් පසුගිය දින කිහිපයකට පෙර සිට මෙලෙස අහිංසක ආශාවක් ලෙස සෙල්ෆි ඡායාරූපයක් ගත්තද පොලිසියෙන් හෝ හමුදාවෙන් හෝ අල්ලා අත්අඩංගුවට ගන්නා තත්ත්වයක් දැන් උද්ගතව ඇත. එසේ වන්නේ දැන් කොළඹ නගරයේ බොහෝ ස්ථාන අධි ආරක්ෂිත කලාප (High Security Zones) යන විශේෂිත ප්‍රදේශ රාශියක් ලෙස පසුගියදා අලුතින් ප්‍රකාශයට පත්කිරීම නිසා මේ ආකාරයෙන් සිතෙන සිතෙන දේ කරන්නට නොහැකි වනු ඇත. එනම් ආශාවට සෙල්ෆි ඡායාරූපයක් ගත්තද අත්අඩංගුවට ගන්නා තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. එසේත් නැතිනම් එවැනි ස්ථානයකට ගොස් සැකසහිත ලෙස හැසිරුණද සිරගෙදර ලගින්නට සිදුවන්නට ඉඩ ඇත. එසේම එවැනි තැන්වලදී සිදුනොවිය යුතු තවත් බොහෝ දේද ඇත.

මෙයට කාලයකට පෙර කළා මෙන් දැන් ‘කොළොම්පුරේ ශ්‍රියා කොළොම්පුරේ ශ්‍රියා’ බලන්නට අවකාශයක් නැත. ‘ශ්‍රියාව’ බලන්නට රංචු ගැසෙන්නටද හැකියාවක් නැත. කිසිදු නාඩගමක් නටන්නටද අවස්ථාවක් නැත. ඒවා කරන්නට ගියහොත් උකුසු ඇස් රාජාලි ඇස් සිය ගණනක් අප දෙස බලා සිටිනු ඇත. එතැනින් පසු අපගේ සතුටු ජවනිකාව කෙළවර වනු ඇත. අධි ආරක්ෂිත කලාප යන වදන අපගේ මනසේ උදේ සවස පුරා රැව් දුන්නේ පසුගිය වාර්ගික යුද සමයේදීය. එම සමයේදී දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවී තිබුණු ඉතා බියකරු මාරක තර්ජන නිසා කොළඹ නගරයේත්, දිවයින තුළ තවත් විවිධ ප්‍රදේශ ගණනාවකත් (උතුර, නැඟෙනහිර ඇතුළු) මේ ආකාරයේ අධි ආරක්ෂිත කලාපයන් පිහිටුවීමට එකල රජයන් පියවර ගත්තේය. එහෙත් දැන් යුද්ධය නිමවී වසර 13ක් ගතවී තිබියදීත් මෙලෙස අලුතින් අධි ආරක්ෂිත කලාප වත්මන් රජය ස්ථාපිත කළේ කුමන ත්‍රස්තවාදී තර්ජනයක් මඩින්නද? මේ දිනවල සමාජයේ බහුල ලෙස කතාබහට ලක්වන මෙම ආන්දෝලනාත්මක වගතුග ගැන සොයා බලමු.

මෙයට දින කිහිපයකට ඉහතදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම නව අධි ආරක්ෂිත කලාප නම්කර තිබිණි. එසේම එම කලාප ආශ්‍රිතව සිදුකළ යුතු ක්‍රමවේදයන් ගැනද විස්තර දක්වා තිබිණි. එනම් අදාළ නීතියට පටහැනිව කිසිවක් මෙම කලාපයන් තුළ සිදුකළ නොහැකි බැව් දැඩි ලෙස අවධාරණය කර තිබිණි. මෙලෙස හදිසියේම අධි ආරක්ෂිත කලාප රාශියක් අහසින් කඩාගෙන වැටුණා සේ පොළොවට පත්වී තිබිණි. කොටි ත්‍රස්තවාදීන් බෙහෙතකටවත් සොයාගැනීමට නැති මාඉමකදී, එසේ නම් මෙම කලාපයන්හිදී කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට එහි පැමිණෙන්නේ වෙනත් ත්‍රස්තවාදීන් විශේෂයක්ද? අද රජයට ත්‍රස්තවාදීන් සහ ජන අරගලකරුවන් කවුදැයි පැටලී ඇත්තේ මෙවන් පසුබිමකදීය. එනම් මෙම ත්‍රස්තවාදීන් විය යුත්තේ ජන අරගලකරුවන්ය. මෙයට දින කිහිපයකට ඉහතදී මෙම අධි ආරක්ෂිත කලාප ගිනිගෙඩිය අතහරිනු ලැබුවේ පසුගියදා සිදුකෙරුණු එක්තරා තරුණ සංගමයක මහජන උද්ඝෝෂණයක් හේතුවෙනි. මරදාන ප්‍රදේශයේදී පැවැති එම උද්ඝෙෘ්ෂණය දිගු නිහැඬියාවකින් පසුව ඇතිවී තිබිණි. එහෙත් එම උද්ඝෝෂණ පෙළපාළිය ආරම්භ වී පැය භාගයක් යන්නට මත්තෙන් එයට දරුණු පොලිස් හමුදා ප්‍රහාරයක් එල්ල විය. මෙම තරුණ පෙළපාළිය ඇරැඹීමට දින දෙකකට පමණ පෙර අධි ආරක්ෂිත කලාප අලුතින් නම්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරී තිබිණි. එහෙයින් තත්ත්වය ඉතා බරපතළ විය.

අලුත් ගැසට් නිවේදනය හරහා පොලිසිය කල දුටු කල වළ ඉසගන්නට විය. මෙම නව අධි ආරක්ෂිත කලාපයන් තුළ ජනයා ඒකරාශී වීම, පෙළපාළි පැවැත්වීම, උද්ඝෝෂණ රැස්වීම් පැවැත්වීම සහ වෙනත් කිසිදු ආකාරයක කඩාකප්පල්කාරී යැයි පැවසෙන ක්‍රියාවක් සිදුකිරීමට අවකාශ නැත. එසේ නම් මෙලෙස යළි අධි ආරක්ෂිත කලාප පිහිටුවනු ලැබුවේ ජන අරගලයන් මැඬපවත්වන්නට නොවේද? මෙම නාගරික ප්‍රදේශයන් තුළ ඉදිරියේදී පොලිසියේ පූර්ව ලිඛිත නිල අවසරයකින් තොරව කිසිදු ආකාරයක රැස්වීමක් හෝ ජනතා ඒකරාශී වීමක් හෝ සිදුකළ නොහැකිය. රජය මෙම නව අධි ආරක්ෂිත කලාප පිහිටුවනු ලැබුවේ ජාතික ආරක්ෂාව හේතු කරගෙන යැයි ප්‍රකාශ කර තිබිණි. එසේම රාජ්‍ය ආරක්ෂක අංශවල නිර්දේශයන්ට අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම තීරණය ගත් බවද ප්‍රකාශ විය. රජය මෙම නව අධි ආරක්ෂිත කලාප පිහිටුවනු ලැබුවේ ජාතික ව්‍යවස්ථානුකූලව 1995 වසරේදී ස්ථාපිත කරන ලද රාජ්‍ය රහස් පනත (Official Security Act – 1995) යටතේ බැව්ද ප්‍රකාශ කර තිබිණි. පනතේ දෙවැනි වගන්තිය යටතේ එම තීන්දුව ගෙන තිබිණි.

මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට කොළඹ නගරය තුළ ප්‍රදේශ රාශියක් අධි ආරක්ෂිත කලාප බවට නම්කර තිබිණි. 1995 අංක 32 දරන රාජ්‍ය රහස් පනතේ දෙවැනි වගන්තිය යටතේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම නියෝගයන් නිකුත් කළ බැව් 2022 සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද අංක 2298/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සඳහන් කර තිබිණි. මේ අනුව අප මුලින්ම සොයා බැලිය යුත්තේ මෙම නව අධි ආරක්ෂිත කලාප මොනවාද යන්නය. එම ප්‍රදේශ මෙසේ පැහැදිලිව දක්වා ඇති අතර ඒවා මෙසේ වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණය

පොල්දූව මංසන්ධියේ සිට කතානායක නිල නිවෙස, කුඹුක්ගහදූව පාර, රජමල්වත්ත පාර, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කිඹුලාවල හන්දිය දක්වා වන කොටස, මාදිවෙල මන්ත්‍රී නිවාස, පින්නියර හන්දියේ සිට බැද්දගාන හන්දිය දක්වා වන ප්‍රදේශය දියවන්නා ජලාශයද ඇතුළුව අධි ආරක්ෂිත කලාපයට අයත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නීතිපති දෙපාර්තමේන්තුව

වේල්ලවීදිය පාර, අලුත්කඩේ වීදිය, සංචිආරච්චි වත්ත පාර, පාර්සල් වටරවුම, ශාන්ත සෙබස්තියන් පාර හා මිහිඳු මාවත දක්වා වන කොටසත් මෙම කලාපයට අයත්ය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය
මෙම අධි ආරක්ෂිත කලාපයට අයත් වන්නේ චෛත්‍ය පාර දෙසින් පොලිස් මූලස්ථානය දක්වා වන ප්‍රදේශය සහ බේරේ වැව, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, වෙරළ තීරයද ඇතුළත්ව ගාලු මුවදොර වටරවුම දක්වා වන ප්‍රදේශයය.

අකුරෙගොඩ ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය

ආරක්ෂක අමාත්‍යාංශ මාවත, දියවන්නා උද්‍යාන මාවත, පාසල් මාවත, ඩී.ජී. විජේසිංහ මාවත දක්වා වන කොටස් මෙම අධි ආරක්ෂිත කලාපයට ඇතුළත් වෙයි.

ගුවන් හමුදා මූලස්ථානය

බේරේ වැව, චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත දක්වා වන ප්‍රදේශ මෙම කලාපයට ඇතුළත්ය.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය

මල්පාර, ඇතුළත මල්පාර, 5 වැනි පටුමග, 27 වැනි පටුමග දක්වා වන ප්‍රදේශ මෙම අධි ආරක්ෂිත කලාපයට ඇතුළත්ය.

අරලියගහ මන්දිරය

ගාලු පාර රොටුන්ඩා හන්දියේ සිට පෙරහැර මාවත, අල්විස් හන්දිය දක්වා පෙදෙස, ධර්මපාල මාවත, කොල්ලුපිටිය දුම්රියපළ මුහුදු තීරය, ලිබර්ටි වටරවුම, ගාලු පාරේ කොටස සහ කොල්ලුපිටිය හන්දිය දක්වා වන ප්‍රදේශය ඇතුළත්ය.

ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස

බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල හන්දිය, සම්බුද්ධත්ව ජයන්ති මාවත හන්දිය දක්වා වන ප්‍රදේශය සහ ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, පැජට් පාර හා මහගමසේකර මාවතද මෙම අධි ආරක්ෂිත කලාපයට අයත්ය.

අදාළ ප්‍රදේශ තුළ පිහිටි තානාපති මුක්තීන් හිමි තානාපති කාර්යාල ස්ථාන මෙම අධි ආරක්ෂිත කලාපයන්ට ඇතුළත් වන්නේ නැත.

දැන් ඔබට මෙම වගතුග බොහෝ දුරට පැහැදිලි වනු ඇත. මෙම තත්ත්වය ගැන ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ ත්‍රස්තවාදී කලබල යුද සමයේදීවත් කොළඹ නගරය තුළ මේ තරම් අධි ආරක්ෂිත කලාප සංඛ්‍යාවක් ස්ථාපිත නොකළ බවය. මේ අනුව බලන විට අද කොළඹ නගරයේත්, කොළඹට ආසන්න අනෙක් අගනගර ප්‍රදේශ වන කෝට්ටේ ජයවර්ධනපුරයේත් බොහෝ ප්‍රදේශවල නිදහසේ හැසිරීමට පවා ජනතාවට නොහැක. එසේම එම ප්‍රදේශ තුළදී එදිනෙදා තම ජීවිතයට අවශ්‍ය යම් අත්‍යාවශ්‍ය කටයුත්තක් ඉටුකිරීමට යෑම පවා අනතුරුදායකය. එසේ වන්නේ මෙම අධි ආරක්ෂිත කලාප තුළදී තමන්ගේ විවිධ කටයුතු සිදුකළ යුතු වන්නේ සැකක් බයක් ඇතිව වීම හේතුවෙනි. එසේම මෙහිදී අනෙක් කනගාටුදායක තත්ත්වය වන්නේ මෙම ප්‍රදේශ තුළ කටයුතු කරන රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන මෙන්ම පුද්ගලික නිවාසවල වෙසෙන පිරිස් සඳහා ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කරනු ලබන නීතිරීතිය. එම ආරක්ෂක ක්‍රමවේදය මෙසේ ක්‍රියාත්මක වනු ඇත. ඒ ගැන සොයා බලමු.

මෙම අධි ආරක්ෂිත කලාප තුළ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල සේවා යෝජකයන් විසින් ඔවුන්ගේ සියලු සේවකයන්ගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම කලාපවල පිහිටා තිබෙන පුද්ගලික නිවාසවල අයිතිකරුවන් තමන්ගේ නිවාසවල පදිංචි ස්ථිර හා තාවකාලික පදිංචිකරුවන්ගේ නම් සහ විස්තර ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතුය.

පුද්ගලික නිවාසවල පදිංචිකරුවන් තමන්ගේ නිවාසවල පදිංචියේ වෙනසක් සිදුකරන්නේ නම් පැය 24ක් ඇතුළත පොලිසියට දැනුම්දිය යුතුය.

අධි ආරක්ෂිත කලාප තුළ පිහිටා තිබෙන ඉහත ඕනෑම වර්ගයේ රාජ්‍ය හෝ පුද්ගලික හෝ ගොඩනැගිල්ලකට දිනයේ ඕනෑම වේලාවක ආරක්ෂක අංශවලට පැමිණ සෝදිසි කිරීම් සිදුකළ හැකිය.

මෙම කාලප තුළදී පොලිසියේ පෙර අවසරයක් නොමැතිව කිසිම ආකාරයේ ජන රාශියක් එකතු වීම, රැස්වීම් පැවැත්වීම, පෙළපාළි පැවැත්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම සිදුකළ නොහැකිය.

ආරක්ෂක අංශවල පෙර අවසරයකින් තොරව පෙරහැර පැවැත්වීමද සිදුකළ නොහැක.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බලපත්‍රයක් නොමැතිව මෙම කලාප තුළ ඉදිකිරීම් කටයුතු සිදුකළ නොහැක. එසේම රථවාහන ගාල්කිරීම ගැනද පෙර අවසරය ලබාගත යුතුය.

අධි ආරක්ෂිත කලාප තුළ තිබෙන නීතිරීති කඩකරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීමට හැකි අතර ඔවුන්ට ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයට පමණි. ගැසට් පත්‍රයේ සඳහන් වැරැදි සම්බන්ධයෙන් වැරැදිකරුවන් වන අයට රාජ්‍ය රහස් පනතේ 26(2) වගන්තිය යටතේ මාස හයක සිට වසර දෙකක් දක්වා සිර දඬුවමක් සහ දඩයක්ද පැනවීම සිදුකළ හැකිය.

පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදී ප්‍රහාරවල තර්ජනය හේතුවෙන් කොළඹ බොහෝ ප්‍රදේශ කුඩා බළකොටු බවට පත්කරන ලද යුද සමය වෙත නැවත පැමිණීමක් මෙම නව ගැසට් පත්‍රය මගින් උද්දීපනය කර ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුල්සිලයේ සැසිවාරයන් පැවැත්වෙන මෙම මොහොතේදී මෙලෙස අධි ආරක්ෂිත කලාප රාශියක් ස්ථාපිත කිරීම පැහැදිලිවම මානව හිමිකම් තවත් දරුණු ලෙස කඩකිරීමක් යැයිද මානව හිමිකම් විද්වත්හු කියා සිටිති. ජන අරගලයේ නායකයන් තවද අත්අඩංගුවේ තබාගැනීම ගැන මේ වන විට ජිනීවා සැසිවාරයේදී ප්‍රබලව විචාරයට ලක්වී ඇති අතර ලබන ඔක්තෝබර් 07 වැනිදා දක්වා මෙම සැසිවාරය පැවැත්වෙයි. එසේම ත්‍රස්ත මර්දන පනත යටතේ අරගලවලට සහ උද්ඝෝෂණවලට සම්බන්ධ වන පිරිස් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම්ද සිදුකරනු ලබයි. ඒ අනුව මෙයට දින කිහිපයකට ඉහතදී මරදාන ඩීන්ස් පාරේ සිදුකළ උද්ඝෝෂණයේදී ක්‍රියාකාරීන් 85ක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇපපිට නිදහස් කරන ලදී. මේ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මෙම තත්ත්වය දැඩි මානව හිමිකම් කඩකිරීමක් ලෙස අවධාරණය කර ඇත.

කෙසේ හෝ නව ජනපති රනිල් වික්‍රමසිංහගේ මෙම අධි ආරක්ෂිත කලාප ගැසට්ටුවට සහ නියෝගවලට එරෙහිව මේ වන විට ඉතා ප්‍රබල විරෝධයක් මතුවී තිබෙයි. එහිදී ඉතා තදබල ලෙස තම විරෝධතාව ප්‍රකාශ කළ අංශ කිහිපයක්ම වෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

‘රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්ෂිත කලාප නම්කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ. රාජ්‍ය රහස් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතිය පාලනය කිරීමටද ජනාධිපතිවරයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමට පමණක් එකී පනත භාවිත කළ හැකියි. කිසිදු නීතිමය හෝ සාධාරණ හෝ පදනමකින් තොරව පුරවැසියාගේ නිදහස සැලකිය යුතු ලෙස සීමා කිරීමට මේ නියෝග මගින් උත්සාහ කර තිබෙනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා…’

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

‘අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකියි. මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වන බැවින් මෙම ගැසට් නිවේදනය වහාම ඉල්ලා අස්කරගත යුතුයි. ඒ අනුව අංක 2298/53 දරන ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීම සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට උපදෙස් දී සිටිනවා…’

කෙසේ හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර අගමැති ධුරයේ සිටියදී පවා එම රජයන් යටතේදී අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමටද කටයුතු කර ඇත. එනම් 2001-2004 පැවැති රජය සහ 2015-2018 පැවැති එකල යහපාලන රජය යටතේදීද එවැනි ක්‍රමවෙදයන් සිදුකර ඇත. එහෙත් අද එම නායකයාට නැවත අධි ආරක්ෂිත කලාප පිහිටුවීම පුදුමයක් බව විවිධ පාර්ශ්ව අවධාරණය කර සිටියි.
මෙම නවතම අර්බුදය පිළිබඳ ප්‍රවීණ නීති විශාරදයකු වන දැනට නීතිඥ සංගම් කිහිපයක් නියෝජනය කරනු ලබන නීතිඥ සුනිල්වටගල මහතා තම අදහස් ප්‍රකාශ කර සිටියේය.

‘අධි ආරක්ෂිත කලාප යැයි හඳුන්වන්නේ බොරු ගැසට් එකක්. මේක ඒ අයගේ දේශපාලනය පහසුවෙන් කරගන්නට හැකි වන ආකාරයේ ඉදිරිපත් කරපු ගැසට් එකක්. අපි මේ ගැසට් එක අභියෝගයට ලක්කරනවා.

නීතිඥ සංගමය පවා මේ බව ප්‍රකාශ කරලා තියෙනවා. පසුගියදා සමාජවාදී තරුණ සංගමය ඉතා සාමකාමී උද්ඝෝෂණයක් සිදුකළේ. එය මේ රටේ නීතියට එකඟව කරන ලද උද්ඝෝෂණයක්. ඒත් පොලිසිය තමන්ගේ උපරිම බලය භාවිත කරලා මෙම තරුණ උද්ඝෝෂණයට පහර දීලා 85 දෙනකු අත්අඩංගුවට ගත්තා. අලුත් ගැසට් නිවේදනයට අනුව ප්‍රකාශයට පත්කරන ලද නව අධි ආරක්ෂිත කලාපයට මෙම උද්ඝෝෂකයන් ඇතුළු වුණා කියලා පොලිසිය ප්‍රකාශ කළා. පෙළපාළිය මැඩපවත්වනු ලැබුවේ එම කොන්දේසි මත බවත් කියලා තිබුණා. එහෙම නම් ඇයි ඒ බව ‘බී’ වාර්තාවට නොදැම්මේ? පොලිසියට ඒ බව අධිකරණයට ප්‍රකාශ කරන්න තිබුණනේ. ඔව් ඒ අයට ඒක දාන්න බැහැ. අපි පැහැදිලිවම කිව්වා මේ අලුත් ගැසට් පත්‍රයේ උපලේඛන 05 තුළ එකදු තැනකවත් ඩීන්ස් පාර අහුවෙන්නේ නැහැ කියලා. අධි ආරක්ෂිත කලාපයකට අහුවෙන්නේ නෑ කියලා කෑගහලා කියද්දී තමයි මේ උද්ඝෝෂණයට පහරදුන්නේ. ශ්‍රී ලංකා පොලිසියත් මේ දේශපාලනය කරන එකේ සීමාවක් තියෙන්න ඕනෑ. මේක බරපතළ නීතියේ බිඳවැටීමක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ බිඳවැටීමක්.’

ශ්‍රී ලංකාව තුළ මෙම අර්බුදය ඇතිවෙමින් තිබෙන විටදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් රටවල් දෙකක සංචාරයට ගොස් ඇත. ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවමඟුලට සහභාගි වූ ඔහු මේ වන විට පිලිපීනයට ගොස් සිටී. ඔහු ලංකාවට පැමිණි පසුව ඔහුගේ මෙම බරපතළ තීරණය යම් අයුරකින් වෙනස් කරගනු ඇතැයි පැවැසෙයි. ‘හිතන තරම් යකා කළු නෑ වගේ…’



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලක්ෂ 223ක තඹුත්තේගම කොල්ලය තනියෙන් වැළැක්වූ ‌පොලිස් වීරයාට පොලිසියෙන් කරපු දේ! ලොකු ලොක්කො ළඟ තියාගෙන පොලිස් වීරයා කියපු දේ! (VIDEO)

Next Post

රනිල් ලාල්කාන්තයි හඳුන්නෙත්තියි පස්සේ පන්නන්න පටන් ගනී! හෙට අනිද්දාම අත්අඩංගුවට ගනීද?

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.