• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මාතලේ ගිහින්! PHOTOS I Sri Lanka Latest News

November 25, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල් මාතලේ ගිහින්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය නැවත නඟාසිටුවීමේ වැඩපිළිවෙළේදී කෘෂි අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ඒ අනුව සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහනුවර, මාතලේ සහ කුරුණැගල දිස්ත්‍රික්කවල කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට සහ ඉදිරියේදී කෝපි සහ කුරුදු වගාව නැවත ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු ලබාදීමේ අයවැය යෝජනාව යථාර්තයක් කරමින් ලබන පෙබරවාරි 04 වනදාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

උඩරට සංවර්ධන වැඩසටහන යටතේ නොදියුණු ගම්මාන සංවර්ධනය කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් මිලියන 10ක මුදල ඉදිරි වසර පහ සඳහාම අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
සෑම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදීම මුදල් වැය කිරීම පිළිබඳ සඳහන් කරන නමුත් දිස්ත්‍රික්කයේ ආදායම් එකතු කිරීම පිළිබඳ නව යෝජනා නිලධාරීන් විසින් ඉදිරිපත් නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රට මුහුණදී ඇති ආර්ථික ගැටලු විසඳා ගැනීමට නව ආදායම් උත්පාදනය කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද දායක කර ගනිමන් නිසි සැලැස්මක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටි මෙම රැස්වීමේ දී දීර්ඝ කාලයක් පුරා දිස්ත්‍රික්කය තුළ නොවිසඳුනු ගැටලු රැසකට ජනාධිපතිවරයා‍ගේ මැදිහත්වීමෙන් සෘජු විසඳුම් ලබාදීමට හැකි විය.

මානූෂීය ගැටලුවක් වූ වකුගඩු රෝගීන්ගේ පානීය ජල ගැටලුව විසඳීම, අඹන්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉඩම් ලබාදීම, මහාමාර්ග සංවර්ධනය මෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ එකම කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ දීර්ඝකාලීන ගැටලුවක් වූ වන අලි ගැටලුව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී අධ්‍යාපනය පිළිබඳ ගැටලු කිසිවක් ඉදිරිපත් නොවීම පිළිබඳව විමසූ ජනාධිපතිවරයා අධ්‍යාපනය වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද අවධාරණය කළේය.
උසස් පෙළ සඳහා සිසුන් වැඩි ප්‍රමාණයක් සහභාගී කරවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව වෘත්තීය පුහුණුවක් ලබාදී තරුණ තරුණියන් ජාතික ආර්ථිකයකට දායක කර ගැනීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
දිස්ත්‍රික් සංවර්ධන අරමුදල (DCB) දිස්ත්‍රික් කමිටුවට භාරදීමට අප මෙම වසරේදී අපේක්ෂා කරනවා. ඊට අමතරව උඩරට කඳුකරයේ තිබෙන නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 10ක් බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර 05දී එම මුදල් අඛණ්ඩව ලබාදීමට අප අපේක්ෂා කරනවා.
කොවිඩ් වසංගතය සහ පසුගිය ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘති ගණනාවක් අතරමග නැවතුණා. බංකොළොත්භාවයෙන් නිදහස් වූ බවට සහතිකය ලැබීමත් සමග මෙම වසර අවසන් වන විට අපට එම මුදල් නැවත ලැබීමට පටන් ගන්නවා. ඒ අනුව මේ සියලු ව්‍යාපෘති ලබන වසරේ සිට ක්‍රියාත්මක කළයුතුයි.
විශේෂයෙන්ම ගලේවල – දඹුල්ල – හබරණ ප්‍රදේශ යම්කිසි සැලැස්මක් අනුව දියුණු කළ යුතුයි. හිගුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණු වීමත් සමග මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා සැලැස්මක් අනුව මෙම නගර තුන සංවර්ධනය විය යුතුයි.
එසේම ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු 10,000ක් ලබාදීම දඹුල්ල ක්‍රීඩාංගණයේ දි සිදු කරනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ලබාදුන් ඉඩම්වල සින්නකර අයිතිය ලබාදීම කොළඹ දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ සෑම දිස්ත්‍රික් කමිටු රැස්වීමකදීම තිබෙන ප්‍රශ්නය තමයි කොහොමද මුදල් වියදම් කරන්නේ කියන එක. නමුත් මට තිබෙන ප්‍රශ්නය මෙම වියදම් සඳහා ලබාදීමට මුදල් සොයා ගන්නේ කෙසේද කියන එකයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුමට අනුව අපට දැන් මුදල් මුද්‍රණය කරන්න බැහැ. එය මහ බැංකු පනතින් ඉවත් කර තිබෙනවා. ඒ වගේම අපට ණය ලබා ගන්නත් බැහැ. අපට එලෙස ලබාගත් ණය විශාල වශයෙන් ගෙවීමට තිබෙනවා. ඒ නිසා අපට ඉදිරියේ දී කටයුතු කිරීමට සිදු වන්නේ ආදායම් උපයා ගැනීම මගිනුයි.
ඒ වගේම අය වැය හිඟය පියවා ගැනීමට සහ වෙළෙඳ ශේෂයේ අවාසිය පියවා ගැනීමටත් අපට නිසි වැඩසටහනක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඉදිරි වසරේ සිට අප මෙම අංශ දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අපට සිදුව තිබෙනවා.

එහිදී අප නැවත කෘෂි අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. 1972න් පසු අප කෘෂි ආර්ථිකය අමතක කළා. කුඩා තේ වතු අංශය දියුණු කිරීම හැර වෙනත් කටයුත්තක් සිදු කර නැහැ. ඒ නිසා අප කඩිනමින් කෘෂි නවීකරණ වැඩසටහනට යොමු විය යුතුයි.
මෙය එකවර කළ නොහැකි වුවත් වසර 05කින්10කින් එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. කෘෂි නවීකරණ මධ්‍යස්ථාන ලෙස ගොවි ජන සේවා මධ්‍යස්ථාන පරිවර්තනය කර පුද්ගලික අංශයත් එයට දායක කර ගැනීම සිදු කරනවා. දැනට පවතින බෝගවල නිෂ්පාන වැඩි කර ගැනීම මෙන්ම නව බෝග වගාව සඳහා ද අප යොමු විය යුතුයි.
කෘෂිකර්මය සඳහා ඉතා හොඳ දිස්ත්‍රික්කයක් ලෙස මෙම මාතලේ දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබෙනවා. කඳුකරයේ බෝග සහ රජරට බෝග යන දෙකම මෙහි වගාකළ හැකියි. ඒ නිසා නව සැලැස්මක් අනුව මෙම ප්‍රදේශය දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
කොකෝවා වගාව සඳහා ආයෝජනය කිරීමට දැනටමත් ආයතන කිහිපයක් කැමැත්ත පළ කර තිබෙනවා. ගෝතමාලාවට පසුව හොඳම කොකෝවා තිබෙන්නේ ශ්‍රී ලංකාවේයි. නමුත් දැන් ලංකාවේ කොකෝවා නැහැ. ඒ නිසා මාතලේ, මහනුවර සහ කුරුණෑගල අවට ප්‍රදේශවල කොකෝවා වගාව නැවත ප්‍රචලිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද දායකත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කළයුතුයි.
ඒ වගේම ඉන් අනතුරුව කෝපි වගාව සඳහා යොමු වීමට අපේක්ෂා කරනවා. ඒ වගේම කුරුදු වගාව සඳහා වෙනම අංශයක් සකස් කරනවා. මෙලෙස නව සැලැස්මක් ඔස්සේ සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීම අපේ අරමුණයි.
මෙය රජයේ වැඩපිළිවෙළක් පමණක් නොවන අතර මේ සඳහා පුද්ගලික අංශයද දායක කරගත යුතුයි. රජයේ සංස්ථාවලට අයත් ඉඩම් එම සංස්ථා වෙත දීර්ඝකාලීනව බදු දීමට අප සැලසුම් කර තිබෙනවා. පොල්වතු වසර 60ක් සහ අනෙක් ඒවා වසර 40-50ක් බල පැවැත්වෙන පරිදි එම බදු දීම සිදු කිරීමට යෝජනා කර තිබෙනවා.
එහිදී නවීන කෘෂිකර්ම ක්‍රමවේදයට අනුව කටයුතු කිරීමට තරුණ ගොවීන්ට එම ඉඩම් ලබාදීමට අපේක්ෂා කරනවා. එසේම තරුණ ගොවීන්ගේ වැඩකටයුතුවලට සහාය දැක්වීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ අයුරින් මාතලේ ප්‍රධාන කෘෂි දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව කිවයුතුයි.
අප අධ්‍යාපනය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතුය. අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි. උසස් පෙළෙන් පසුව වෘත්තීය පුහුණු සඳහා තරුණ තරුණියන් යොමු කර පුහුණු ශ්‍රම බලකායක් රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා දිවයින පුරා තිබෙන වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 400 එකතුකරමින් එක් ආයතනයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිණී කවිරත්න, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීහු සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-25

SendShareShare
Previous Post

මේ නඩු තීන්දුව ලැබුණේ ජනතාවට! ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කළා කියපු රාජපක්ෂලා ඇතුලු 9 දෙනාට එරෙහිව දැන් වන්දි ඉල්ලලා නඩු පවරන්න පුලුවන්! නීතීඥ රාජපක්ෂ නීතිය පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමෙරිකන් ටැක්ස්… සෝමාලියන් ලයිෆ්… ඉන්ග්ලන්ඩ් ටෝක්… ශ්‍රී ලංකන් ස්ටයිල් I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.