• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකන් ටැක්ස්… සෝමාලියන් ලයිෆ්… ඉන්ග්ලන්ඩ් ටෝක්… ශ්‍රී ලංකන් ස්ටයිල් I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක අපි ෆේස්බුක් එකේ දැක්ක කතන්දරයක් ගැන කියන්න හිතුණා. ඒක ‘යූ.කේ. ටැක්ස් ස්මෝලියන්. සෝමාලියන් ලයිෆ්.’ එහෙම තමයි තිබුණේ. වෙලාවට මේක සෝමාලියන් ලයිෆ් කියලා දාලා තිබුණේ. ඉතියෝපියන් ලයිෆ් කියලා දැම්මා නම් ඉතියෝපියන් ලයිෆ් එක දැන් අපට වඩා පට්ට තැනක තියෙන්නේ. ලංකාවේ ලයිෆ් එක තියෙන්නේ වෙන ගොං ආතල් එකක.(Sri Lanka Latest News)

ඒකට මරු රහ කෑල්ලක් හම්බවුණා දවසක්. එක්තරා විදේශික කාන්තාවක් එක්ක රෝහලකට ගිය මේ ලියුම්කරුට. බොහොම කලබලකාරී අවස්ථාවක ලියුම්කරුට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවට ආපු ජර්මන් ජාතික කාන්තාවක් සමග එක්තරා රෝහලකට යන්න. රෝහලට ඇතුළු වෙන්න පුළුවන් පාස් එකෙන් විතරයි. ඒක රෝහල විසින් සකස් කරන ලද නීතියක්. ඒ නීතියට එකඟ වෙනවා මිසක අපිට වෙන විකල්පයක් නෑ. සුදු ජාතික කාන්තාවට හෝ මට පමණයි මේ රෝහලට යන්න පුළුවන්. හැබැයි සුදු ජාතික කාන්තාවට රෝහලට ගිහිල්ලා එහි වැඩකටයුතු කරගන්න තේරෙන්නේ නෑ.

රෝහල තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අය බොහෝ විට නැහැ. මේ රෝහලේ ඉන්න එක්තරා තැනැත්තියක් බලන්න තමයි මේ යන්නේ. එතකොට රෝහල ඇතුළට යනකොට ආරක්ෂක අංශ විසින් ඊට අදාළ නීතිරීති ගැන පැහැදිලි කරලා දුන්නා. ඈ ඒ ගැන ලොකු අපැහැදිලි චිත්‍රයක් මවාගත්තෙත් නෑ. ‘මට කරන්න දෙයක් නෑ. උඹ ගිහිල්ලා වරෙන්. මම එළියට වෙලා ඉන්නම් කියලා’ ඈ කිව්වා. ඇත්තටම ඇයටත් රෝහල තුළට යන්න අවශ්‍යතාව තිබුණත් කරන්න දෙයක් තිබුණෙ නෑ.

කොහොම නමුත් රෝහලට ගිහින් රෝගියා බලලා එළියට එද්දී ඈ කියනවා අපූරු කතාවක්. ඈ කියනවා ‘උඹේ රෝහලේ බෙහෙත් නෑ. උඹේ රෝහලේ ප්‍රතිකාර සඳහා බොහෝ වෙලාවට වෛද්‍යවරු නෑ. උඹේ රෝහලේ උපකරණ නෑ. උඹේ රෝහලේ සැත්කම් කරගන්න බෑ. හැබැයි උඹේ රෝහලේ ඔය කිසි දෙයක් නැති වුණාට නීතිරීති ටික නම් හොඳටම තියෙනවා’ කියලා. ඒ වගේම ඇය කියනවා ‘අපේ රටේ රෝහල්වල බේත් හේත්, උපකරණ හැම දේම තියෙනවා, හැබැයි නීතිරීතී නෑ’ කියලා. එහෙම ඈ කිව්වම මට හිතුණු දේ තමයි ‘උඹලට නීති දාලා ආරක්ෂා කරන්න දෙයක් නෑ, උඹලා කොහොමත් නීතිගරුකයි හුඟක් වෙලාවට. අපේ අය එහෙම නීතිගරුක නෑ. පුළුවන් තරම් ට්‍රයි කරන්නේ මොකක් හරි අස්සකින් රිංගන්න…’ කියන එක.

මේ සෝමාලියන් ලයිෆ් එක අපට දුන්නු අයම තමයි අපට ඇමෙරිකන් ටැක්ස් එක දෙන්නේ. ඇමෙරිකන් ටැක්ස් එක දීලා ඒගොල්ලෝ අපට කියනවා ‘උඹලට අපි දෙනවා දැන් ඇමෙරිකන් ලයිෆ් එකක්. ඒ ඇමෙරිකන් ලයිෆ් එක වෙනුවෙන් තමයි අපි උඹලට ටැක්ස් එක දෙන්නේ. උඹලා ඒකට ලෑස්ති වෙයල්ලා’ කියලා. අපිත් ඇත්තටම ගොං හරක් වගේ හිතනවා ‘දැන් දෙයි දැන් දෙයි’ කියලා. නමුත් දෙන්නේ නෑ. අපි හැමදාම මේ ටැක්ස් එක ගෙවාගෙන ලස්සනට ඉන්න සැලසුම් හදනවා.

ලංකාවේ මිනිහෙක්ට ජීවිතාරක්ෂාව සහිතව වාහනයක් පදවාගෙන යනවා කියන එක හීනයක්. පහුගිය දවස්වල අපි දැක්කා වහිනවා. වැස්ස එන්න ඕනෙ නෑ. වැහි හුළඟටත් අපේ රටේ ගස් කඩන් වැටිලා මිනිස්සු මැරුණා. පළමු වැහි පොද දහය පහළොව යද්දී කොළඹ යටවෙනවා. කොළඹ තමයි ලංකාවේ ආර්ථික මර්මස්ථානය. ප්‍රධාන නගරය කෝට්ටේ පාර්ලිමේන්තු පාර යටවෙනවා. යටවෙන්නේ විනාඩි 10ක් 15ක් ඇතුළත. වතුර බහින්න සෑහෙන කාලයක් ගතවෙනවා. ප්‍රධාන නගර ඔක්කොම යටවෙලා. ගම්පහ කියලා කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානතම නගරයක්.

කොළඹට පස්සේ තියෙන්නේ ගම්පහ. බස්නාහිර පළාතේ දෙවැනි නගරය. වැස්සට පස්සේ යටවෙලා මාස ගානක් වහලා දාන්න සිද්ධ වෙනවා. කිසි දෙයක් කරගන්න බැරිවෙනවා. මේ ඔක්කොම අපිට දීලා තියෙන්නේ දෙවියෝ නෙවෙයි. අපිට දීලා තියෙන්නේ අපේ රටේ සහ සදාදරණීය දේශපාලකයෝ. ඒකට අරයා මෙයා කියලා කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ. හැමෝම එකතු වෙලා අපිට හදලා දුන්නේ මේ ස්වර්ගය තමයි. මේ ස්වර්ග රාජ්‍යයේ අපේ දේශය අවදි කරන්න ආපු දෙවිදේවතාවුන් වහන්සේලා වගේ ඉන්න දේශපාලකයෝ අපිට තෑගි දීලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන කරගනිද්දී අපි සෝමාලියන් ආතල් එක ගන්නවා.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්. ඒ ජොලිය අපි වින්දා. අපරාදෙ කියන්න බෑ ඒක හරිම ෂෝක්. ඒකෙ වරදකුත් නෑ. ඇත්තටම ඒක මාර වැඩක්. ලංකාවේ විතරයි එක්ස්පරිමන්ට් ටික තිබුණේ. ලෝකෙ වෙන කොහෙවත් මෙහෙම තිබුණේ නෑ. තෙල් ටිකක් ගහගත්තට පස්සේ දැනෙන ආත්ම තෘප්තිය අපිට දැනෙන්නේ මේ රටේ පාලකයෝ හින්දා. අදටත් තෙල් ටැංකිය ෆුල් ටෑන්ක් කරගත්තම අපට දැනෙනවා වෙනම හැඟීමක්.

ජයග්‍රාහී පුරවැසියෙක් බව. සාමාන්‍යයෙන් ලෝකෙ වෙන රටවල ලක්ෂ දෙකක තුනක වාහනයක් පදින මිනිහෙක්ට තියෙන ආත්ම තෘප්තිය වගේද ලංකාවේ ඒ ජාතියේ වාහනයක් පදින මිනිහෙක්ට තියෙන තෘප්තිය. මොකද ලක්ෂ දෙකක් තුනක් වටින වාහනයක්, ලංකාවේ මනුස්සයෙක් ගාව තියෙනවා කියන්නේ ඒ මනුස්සයා කෝටිපතියෙක්. ඇයි? ඒකෙ වටිනාකම කෝටි ගානක්. තෙල් ලීටර් දෙක තුනක් අතේ තිබුණත් පොර පොරක් වෙන කාලයක්නෙ තිබුණේ. එව්වා හැදුවේ දේශපාලකයෝ. ඒ නිසා අපි ඒගොල්ලන්ට කවදාවත් ඇඟිල්ලක් දික් කරලා චෝදනාවක් කරන්න හොඳ නෑ.

මොකද අපේ ජීවිතවල වටිනාකම වැඩිකළා. සල්ලිවල වටිනාකම වැඩි කළා. දැන් අපිට සාමාන්‍ය තැනකදී රුපියල් 5000ක් ලැබෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මිනිහෙක්ට බස් එකේ යන එනවා කියලා කියන්නේ මිනිහෙක්ගේ වටිනාකමක්. මොකද හේතුව ඉස්සර නම් කාර් එකක එනකොට තමයි අපි හිතන්නේ ඒ මිනිහා සල්ලිකාරයෙක් කියලා. දැන් එහෙම නෑ. දුර ගමනක් බස් එකෙන් යනවා කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න ඕනේ.

මොකද බස් ගාස්තුව සාමාන්‍යයෙන් ඉස්සර වාහනයක ගාන. ඒ නිසා මේ සුරංගනා ලෝකයට අපි හිනාවෙන්න හොඳ නෑ. සෝමාලියන් ලයිෆ් එක තමයි අපට තියෙන්නේ. හැබැයි සෝමාලියන් ලයිෆ් එකෙත් වෙන ආතල් එකක් තියෙන බව මතක තියාගන්න ඕනේ. ඇමෙරිකන් ටැක්ස් එක අපට ගහලා ඒ ආතල් එක දෙන පාලකයන්ට අපේ උත්තමාචාරය! එකෙන්ම සැලියුට්….!

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් මාතලේ ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

පුද්ගලිකයි රහසිගතයි කියලා හංගන්න එපා! රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන ගෙවලා නැති ලොකුම 10 ‌දෙනා කව්ද? ගෙවලා නැති ණය මුදල කොච්චරද? අය විය යුතු පොලිය කොච්චරද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.