• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ගෝඨාට මහබැංකු අධිපති අයින් කරන්න කියයි! වීරක්කොඩිගේ නම දෙයි! ගෝඨා බෑ කියයි! රනිල් අයින් වෙනවා කියයි! ගෝඨා ‌එහෙනම් යන්න කියයි! අලුත් අගමැතිකමට පොහොට්ටුවෙන් නම් 2ක්! රනිල් ඉල්ලා අස්වීමේ ලියුමත් හදලා! (රාජ්‍ය රහස්)

June 5, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ලංකාදීප පත්තරේ යළි කොන්ත්‍රාත් කරන්න පටන් අරන්!

තිරු නඩේසන් යළිත් කපුකම කරයි!

රනිල් ජනපති මැදුරේ සාකච්ජාවලට නෑ!

මන්ත්‍රීවරු ගමට යන්න තවත් ආරක්ෂකයන් ඉල්ලයි!

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී මේ වන විට සති තුනක් ඉක්ම ගොස් අවසානය. මේ සති තුනක කාලය ඇතුළතදී බොහෝ දෙනා ජනාධිපතිවරයා සහ රනිල් එකමුතුව රට තුළ දැනට මතුව පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනු ඇති බව සිතා සිටියද ගෙවුණු සති තුනක කාලය ඇතුළත එවැනි ඒකාබද්ධ ප්‍රයන්තයක් දරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට දැකගන්නට ලැබුණේ ආරම්භයේ සිටම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් යම් කඹ ඇදිලිය. උණුසුම් වචන හුවමාරුය. එකිනෙකට පරස්පර තීන්දු තීරණ ගැනීම්ය. ඉකුත් සතිය තුළද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ ආකාරයේ පරස්පරයන් මතුවූ අවස්ථා කිහිපයක්ම දැකගන්නට ලැබිණි.

මුලින්ම ගැටුම ආවේ මුදල් ඇමැතිකමට!

දෙදෙනා අතර මෙම ගැටුම මුලින්ම ආරම්භ වූයේ මුදල් අමාත්‍ය ධුරය මුල් කරගෙනය. එහිදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබුණේ මුදල් අමාත්‍ය ධුරය හිටපු මුදල් ඇමැති අලි සබ්‍රි මහතාටම ලබා දීමටය. නමුත් රනිල්ගේ ස්ථාවරය වී තිබුණේ මුදල් අමාත්‍ය ධුරයද අගමැතිවරයා වශයෙන් තමන්ටම හිමිවිය යුතු යැයි කියාය. ඒ අනුව රනිල් විවිධ පාර්ශ්ව ඔස්සේ තමන්ට මුදල් අමාත්‍ය ධුරය අවශ්‍ය බව ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණත් ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ දැරුවේ අලි සබ්‍රිට මුදල් අමාත්‍ය ධුරය භාරගැනීම සඳහා හිත වෙනස් කරගැනීමටය. එමෙන්ම යම් හෙයකින් සබි්‍ර එය භාරගැනීම ප්‍රතික්ෂේප කළහොත් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබිණි. අනුර යාපා කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුව සිටීම නිසා අවසන් මොහොතේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවක් වාරතා විය.

රනිල් ඉල්ලා අස්වීමේ ලියුමත් හදලා!

කෙසේ වෙතත් මුලින් මුලින් පවුලේ ඥාතීන්ගේ විරෝධය මත සබ්‍රි එය එකහෙළාම ප්‍රතික්ෂේප කර සිටියද, ජනාධිපතිවරයාගේ පෙරැත්තය හේතුවෙන් අවසාන මොහොතේදී මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට කැමැත්ත පළකොට තිබිණි. නමුත් මෙම තොරතුරු වාර්තා වීමත් සමග රනිල් දැඩිව ජනාධිපතිවරයාට කියා සිටියේ මුදල් අමාත්‍ය ධුරය ලබා නොදෙන්නේ නම් තමන් අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනවා යැයි කියාය. නිල නොවන ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වී ඇත්තේ රනිල් මුදල් අමාත්‍ය ධුරය ලබා නොදෙන්නේ නම් අගමැති ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපියද සකස් කර තිබුණා යැයි කියාය. මේ හේතුව නිසා අවසානයේදී සබි්‍රද තමන්ගේ වැඩක් බලාගෙන පසෙකට වූයේ රනිල්ට මුදල් ඇමැතිකම ලබාදීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමිකර දෙමිනි.

ජනපති නන්දලාල් ට සහතිකයක් දෙයි!

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපතිවරයා එක් දැඩි තීන්දුවක් ගෙන තිබිණි. ඒ, රනිල්ට මුදල් අමාත්‍ය ධුරය භාරදුන්නද ඔහුට මහ බැංකුව භාර නොදීමටය. ඊට හේතුවී තිබුණේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට බරපතළ චෝදනාවක් එල්ලවී තිබීමත්, එවකට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි රැසක් හෙළිදරව් කළ නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ වර්තමානයේදී ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණ මහ බැංකු අධිපති ධුරය භාරගෙන තිබීමත්ය. මේ නිසා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් පවා මහ බැංකුව රනිල් යටතට පත්කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ජනාධිපතිවරයා වෙත පළකර තිබූ බවක්ද ආරංචිය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ මුදල් අමාත්‍ය ධුරය අගමැතිවරයාට භාරදීමත් සමග මහ බැංකු අධිපති වූ නන්දලාල්ව ජනාධිපති මන්දිරයට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමය. එසේ සාකච්ඡා කොට මහ බැංකුවට කිසිදු බාහිර ඇඟිලි ගැසීමකින් තොරව නිදහසේ සහ ස්වාධීනව රාජකාරි කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව තමන් ඇතිකරන බවට වූ සහතිකයක්ද ජනාධිපතිවරයා එහිදී නන්දලාල්ට ලබාදීමට පියවර ගෙන තිබිණි. ඊට ජනාධිපති මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

කෙසේ වෙතත් අවසානයේදී රනිල්ගේ පාර්ශ්වයෙන් එල්ල වූ දැඩි බලපෑම හේතුකොට ගෙන මහ බැංකුවද මුදල් අමාත්‍යවරයා වූ රනිල් යටතටම පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය. එසේ වුවත් එහිදී ජනාධිපතිවරයා රනිල්ට දැනුම්දී තිබුණේ ආචාර්ය නන්දලාල් මහතා කිසිසේත්ම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ යුතු යැයි කියාය.

රනිල් පරණ පුරුදු සෙල්ලම පටන් ගනී! ගිය පාර මහේන්ද්‍රන්! මේ පාර වීරක්කොඩි!

නමුත් රනිල් පසුගිය සතිය වන විට සැලසුම් කර තිබුණේ ආචාර්ය නන්දලාල්වද මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් කොට 2015 යහපාලන ආණ්ඩු සමයේ කළාක් මෙන්ම තම හිතවතකු එම තනතුරට පත්කර ගැනීමටය. ඒ අනුව රනිල්ගේ තේරීම වී තිබුණේ ආචාර්ය නන්දලාල් වෙනුවට තවත් ප්‍රකට බැංකුකරුවකු වන දිනේෂ් වීරක්කොඩිය. දිනේෂ් වීරක්කොඩි යනු රනිල්ගේ අතිශය සමීපතමයකු වන හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බෑණනුවන්ය. ඒ අනුව රනිල් පසුගිය සතියේදී නන්දලාල්ව ඉවත් කොට දිනේෂ්ව මහ බැංකු අධිපති ධුරය සඳහා පත්කිරීමේ මෙහෙයුම දියත් කිරීමට පියවර ගෙන තිබිණි.

කපුකම කළේ තිරු නඩේසන්!

රනිල් මේ සඳහා සූදානම් වූයේ තනිවම නොව රාජපක්ෂ පවුල හොඳින්ම දන්නා හඳුනන රාජපක්ෂ පවුලේ ඥාතියකුද එක් කරගෙනය. ඒ, වෙන කවුරුවත් නොව තිරු නඩේසන්ය. තිරු නඩේසන් යනු රාජපක්ෂ පවුලේ දියණියක වන නිරූපමා රාජපක්ෂ විවාහ වී සිටින පුද්ගලයාය. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. එමෙන්ම රාජපක්ෂ පවුලට පමණක් නොව, වික්‍රමසිංහ පවුලටද අතිශය හිතවත් විශ්වාසවන්තයකු ලෙස සැලකෙන තිරු නඩේසන් කලක සිට දෙපාර්ශ්වය අතර පණිවුඩ ගෙන යන දූතයාගේ භූමිකාවට පණපොවා සිටි අයකු ලෙසද ප්‍රකටය. 2004දී මහින්දට අගමැතිකම ලබාගැනීම සඳහා චන්ද්‍රිකා හා මහින්ද අතර පණිවුඩ හුවමාරුකරුවා බවට පත්ව සිටියේ මේ කියන තිරු නඩේසන්ය. එමෙන්ම 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල හමුවේ මහින්ද පරාජය වීමෙන් පසු සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් මහින්ද සහ රනිල් අතර සමගි පාලම නිර්මාණය කළේද තිරු නඩේසන්ය. එමෙන්ම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් පැන්ඩෝරා පේපර්ස්හි නිරූපමාගේ මෙන්ම මේ කියන තිරු නඩේසන්ගේ නම්ද සඳහන්ව තිබිණි.

ජනපතිට යකා නගී! බැරි නම් රනිල්ට යන්න කියයි!

ඒ අනුව මෙවරත් රනිල් කළේ තිරු නඩේසන්ට වහාම ඇමතුමක් ලබාදී තවදුරටත් විසඳාගත යුතු කරුණු කිහිපයක් සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සූදානම් කරන ලෙසට දැනුම්දී සිටීමය. ඒ වනවිට තිරු නඩේසන් සිටියේ ඩුබායිහි පිහිටි සිය නිවසේය. එ අනුව පසුගිය දිනෙක ලංකාවට පැමිණි තිරු නඩේසන් රනිල්ගේ ඉල්ලීමට අනුව වහාම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඒ සඳහා වේලාවක් ලබාගැනීමට පියවර ගත්තේය. ඒ අනුව රනිලුත්, තිරු නඩේසනුත් පසුගිය සතියේ ජනාධිපතිවරයා මුණගැසුණේ දැනට මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහාය. එහිදී රනිල්ගේ මුල්ම යෝජනාව වී තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ඉවත් කොට එම තනතුර දිනේෂ් වීරක්කොඩිට ලබාදිය යුතු බවත්, එසේ නොමැතිව තමන්ට ආර්ථිකය සම්බන්ධයෙන් වූ වැදගත් තීන්දු තීරණ ගත නොහැකි බවත්ය. කෙසේ වෙතත් රනිල්ගේ මෙම යෝජනාවත් සමග ජනාධිපතිවරයා තමක් කෝපයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහාම රනිල්ගේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු හේතුවක් මත ආචාර්ය නන්දලාල්ව මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ නොහැකි යැයි කියාය. එවිට රනිල්ද ජනාධිපතිවරයාට කියා සිටියේ එසේ නම් තමන්ට මුදල් ඇමැති ධුරයේ කටයුතු තවදුරටත් සිදුකළ නොහැකි බවත්, තමන් අගමැති ධුරයෙන්ද ඉවත් වීමට පියවර ගන්නා බවත්ය. රනිල්ගේ මේ පිළිතුරෙන් ජනාධිපතිවරයා තවදුරටත් කෝපයට පත්ව කෙළින්ම කියා සිටියේ, ‘යනව නම් යන්න’ කියාය. එසේ පිළිතුරු දුන් ජනාධිපතිවරයා එම සාකච්ඡාව එතැනින් අවසන් කිරීමටද පියවර ගත්තේය.

රනිල්ට බැරි නම් අගමැතිකමට පොහොට්ටුවෙන් නම් 2ක්!

මේ ආකාරයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ ආකාරයේ මතගැටුම් සිදුවන බවට වාර්තා වීමත් සමග පොහොට්ටුව පැත්තෙන්ද විවිධ යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් වන ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් එක් යෝජනාවක් වී ඇත්තේ දැනටත් රනිල් අගමැති ධුරය දරන්නේ පොහොට්ටුවේ බහුතර බලය මත වීම නිසා, රනිල් ඉවත් කොට පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කොට ආණ්ඩුවේ බලය අතට ගත යුතු යැයි කියාය. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නම් දෙකක්ද ජනාධිපතිවරයා වෙත මේ වන විටත් ඉදිරිපත්ව තිබේ. ඉන් එක් නමක් වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමය. අනෙක් නම වී ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමය. නමුත් නිමල් සිරිපාල මේ වන විට පක්ෂ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගැනීමේ චෝදනාව මත පක්ෂය සමග ගැටුමක් ඇතිකරගෙන ඇති නිසා බහුතරයගේ අදහස වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ඊට සුදුසු යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයාද රනිල්ට යනවා නම් යන්න කීවේ මෙම සැලසුම ඔළුවේ තබාගෙනද යන්න තවම පැහැදිලි නැත.

පොහොර ගෙනාවේ ගෝඨාද-රනිල්ද?

මේ අතරවාරයේ ජනාධිපතිවරයා සහ රනිල් අතර යම් මතගැටුමක් ඇතිවූ තවත් සිද්ධියක් ලෙස පොහොර ප්‍රශ්නයද පෙන්වා දිය හැකිය. මෙවර යල කන්නයට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙර සිටමය. එම සාකච්ඡා සාර්ථක මට්ටමකින් පැවැති අතර මෝදි අවසානයේදී දැනුම් දී තිබුණේ පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් ලංකාවට ලබාදීමට තමන් තීරණය කර ඇතැයි කියාය. කෙසේ වෙතත් රනිල් අගමැති ධූරය භාරගත් වහාම මෙවර යල කන්නයට අවශ්‍ය පොහොර ලබාගැනීමේ වැඩකටයුත්ත අකිලට පවරා එය එජාපයේ සහ අගමැතිවරයාගේ වැඩක් ලෙස පෙන්වමින් ඉන්දියාව පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් ලබාදීමට තීන්දු කළ බව ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදීමටද රනිල්ගේ පාර්ශ්වයෙන් පියවර ගැනිණි.

රනිල්ට කිසිම සාකච්ජාවකට ආරාධනා නෑ!

ඒ අනුව පසුගිය සතියේදී ජනාධිපතිවරයා නව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ අගමැති මෝදි තමන්ට මෙවර යල කන්නයට පොහොර ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද දැනුම්දී සිටියේය. එම නිසා ගොවීන්ට මෙවර වගා කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දී සිටීමටද ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අගමැතිවරයා වශයෙන් රනිල්ට එම සාකච්ඡාවට ආරාධනා නොකිරීමය. එම සාකච්ඡාවට පමණක් නොව, පසුගිය සතිය පුරාම ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් හමුවී සාකච්ඡා කළද ඒ කිසිවකට අගමැතිවරයාට ආරාධනා කිරීමට පියවර ගෙන නොතිබිණි. ඒ අනුව ඉකුත් යහපාලන ආණ්ඩුවේදී රනිල් හා ජනාධිපති මෛත්‍රි අතර ඇතිවූ ගැටුම හා සමානම ගැටුමක් මේ වන විට රනිල් හා ගෝඨාභය අතරද මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. යහපාලන ආණ්ඩුවේදී දෙදෙනා අතර ගැටුම මතුවීමට වසර දෙක තුනක කාලයක් ගතවුවද මෙහිදී මාසයකටත් වඩා අඩු කාලයකදී රනිල් හා ජනාධිපතිවරයා අතර ගැටුම හටගෙන තිබීම විශේෂ සිදුවීමකි.

ආණ්ඩු පක්ෂය රැස්වෙයි! පළමුවරට රනිල්-හරීන්-මනූෂ යයි!

මේ සියල්ල අතරවාරයේ පසුගිය සඳුදා ජනාධිපති මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායමක් පැවැත්විණි. ඊට පොහොට්ටුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබූ අතර, විශේෂම සිදුවීම වූයේ අගමැතිවරයා වූ රනිල්ටත්, සජබෙන් ආණ්ඩුවට එක්ව ඇමැති ලබාගත් හරීන්ට සහ මනුෂටත් ඊට ආරාධනා කර තිබීමය. ඒ අනුව එම රැස්වීමේ මූලාසනය ජනාධිපතිවරයාටත්, රනිල්ටත් අමතරව මහින්දටද ආසනයක් වෙන්කර තිබිණි.

21ට පොහොට්ටුව පැත්තෙන් විවේචන! මුලින්ම ආර්ථික ප්‍රශ්න විසදන්න කියයි!

ඒ අනුව කණ්ඩායම් රැස්වීම ආරම්භයේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදුකළේය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මන්ත්‍රීවරුන් බොහෝ ප්‍රමාණයක් ව්‍යවස්ථා සංශෝධන ගෙන එනවාට වඩා මේ මොහොතේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය සහ පෝලිම් ප්‍රශ්නය විසඳීමට කටයුතු කළ යුතු යැයි අවධාරණය කර සිටීමය. විශේෂයෙන් දිලුම් අමුණුගම පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධන සිදුකරනවාට වඩා ජනතාවගේ ජීවන ගැටලු සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අනුනායක හිමිවරුන්ද ප්‍රකාශ කර ඇති බවකි. දිලුම්ගේ අදහසම අනුමත කරමින් තවත් බොහෝ මන්ත්‍රීවරු පිරිසක් ආර්ථික ප්‍රශ්නය ගැන අදහස් දැක්වීමට පියවර ගත්හ. කෙසේ වෙතත් එහිදී අදහස් දැක්වූ රනිල් කියා සිටියේ තමන් හරීන් සමග එක්ව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා විපක්ෂයේ සහයෝගය ලබාගැනීමට කටයුතු කරනවා යැයි කියාය. එමෙන්ම මේ වන විට මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය පිළිබඳවද රනිල් අදහස් දක්වමින් කියා සිටියේ මාස 09ක පමණ ආහාර හිඟ කාල සමයක් පසුකිරීමට ලංකාවට සිදුවනු ඇතැයි කියාය.

රනිල්ගෙන් ආඩපාලියක්!

‘මම තීරණය ගත්තේ අස්ථාවරත්වය මතයි. ඒක අභියෝගයක්. ජනාධිපති මාව විශ්වාස කළා. ඔබතුමන්ලත් මා ගැන විශ්වාස තැබුවාට ස්තුතියි. අපේ අනාගතය බරපතළයි. මාස 09ක කෑම පිළිබඳ ප්‍රශ්නයක් එයි. යුක්රෙන් යුද්ධය අවසන් නොවුණොත් ලබන අවුරැද්ද දක්වා යන්න පුළුවන්. සල්ලි තිබුණත් බඩු ගන්න බැරි වෙනවා. ඩොලරය රුපියල් 450ක් වෙයි. සහානාධාර අයවැයක් මම ගේනවා. බොරිස් ජොන්සන්ට මම කතා කළා. එයාලා උදව් කරන්න සූදානම්. ලබන අඟහරුවාදා රටේ ඇත්ත තත්ත්වය මම පාර්ලිමේන්තුවේ කියනවා. අද බදු වැඩි කරන්න කැබිනට් එක තීරණය කළා. 21ට විපක්ෂයේ සහයෝගය ගන්න හරීන් සමග මම කටයුතු කරමින් යනවා…’ යැයි කියාය.

ජනපති විධායක අහෝසිය ගැන ස්ථාවරය කියයි!

මෙහිදී ජනාධිපතිවරයාද අදහස් දැක්වීමට කටයුතු කළද හෙතෙම 21 වැනි සංශෝධනය පිළිබඳ වැඩිපුර කතා කළේ නැත. නමුත් ජනාධිපතිවරයා විධායකය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පළ කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඔහු කියා සිටියේ විධායකය අහෝසි කරනවා නම් එය ජනතාව සමග සාකච්ඡා කළ යුතු යැයි කියාය. ඒ අනුව ජනමත විචාරණයක් හෝ තබා ඒ පිළිබඳ තීන්දු ගත යුතු බව කී ජනාධිපතිවරයා එය හැරුණු විට රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට තමන් සූදානම් බව සඳහන් කර සිටියේය.

මන්ත්‍රීවරු ගමට යන්න තවත් 5ක් ඉල්ලයි!

ඉන් අනතුරුව කතා කළේ නාලක ගොඩහේවාය. ගොඩහේවා කියා සිටියේ මාර්තු 09 වැනිදා සිදුවූ ගෙවල් ගිනිතැබීම හේතුවෙන් මන්ත්‍රීවරුන් තවමත් දැඩි සිත් වේදනාවකින් සිටින බවය. මෙතෙක් මන්ත්‍රීවරුන්ට ඇති බලපෑම අහෝසි වී නැති බව පෙන්වා දුන් ගොඩහේවා ඕමල්පේ සෝභිත හිමියන් සහ ලාල් කාන්ත මාධ්‍ය හමුවේ කර ඇති ‘ජීවිතවලින් වන්දි ගෙවන්න සූදානම් වෙන්න’ වැනි ප්‍රකාශවලින් තර්ජනය තවමත් අවසන්ව නැති බව පෙනී යන බවද ප්‍රකාශ කර සිටියේය. එවිට රනිල් කියා සිටියේ ඊට පොදුරාජ්‍ය මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගනිමු යැයි කියාය.
ඉන් අනතුරුව තවත් මන්ත්‍රීවරයකු කියා සිටියේ ගම්වල තත්ත්වය තවමත් සුබදායක නැති බැවින් අවම වශයෙන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ග්‍රාමාරක්ෂක භටයන් පස් දෙනකු හෝ ලබාදෙන්න යැයි කියාය. එසේ නොමැති වුවහොත් යළිත් 88-89 වැනි කාලවලදී සිදුවූවාක් මෙන් භීෂණයක් සිදුවිය හැකි බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එවිට පිටුපස පේළිවල සිටි ඇතැම් මන්ත්‍රීවරුන්, ‘ඇයි බටලන්ද බටලන්ද…’ යනුවෙන් කියන ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ 88-89 සමයේ තමන් මාතලේ රාජකාරි කළ බවත්, එහි ආදීනව තමන් හොඳින් දුටු නිසා නැවත එවැන්නක් සිදුවීමට තමන් කිසිදු විටෙක ඉඩ නොතබන බවත්ය.

මහින්දානන්දගෙන් අමරවීරට ෂොට් එකක්!

ඉක් අනතුරුව අමරවීර හා අලුත්ගමගේ අතර යම් කතාබහක් සිදුවූයේ ආහාර හිඟයක් සම්බන්ධයෙන් අමරවීර කර තිබූ කතාවක් මුල් කරගෙනය. එහිදී අමරවීර කියා තිබුණේ බරපතළ ආහාර හිඟයක් මෙරට ඇතිවිය හැකි බවත්, මෙවැනි කාලවලදී චීන සහ කොරියන් ජාතිකයන් බල්ලන් සහ ගැරඬින් මරාගෙන කෑ බවත්ය. එම නිසා ඊට මුහුණ දීම සඳහා සෑම තැනකම වගා කළ යුතු බවද අමරවීර කියා තිබිණි. කෙසේ වෙතත් ඊට පිළිතුරු දුන් මහින්දානන්ද කියා සිටියේ අමරවීර ජනතාව බියවද්දන බවත්, ඔය කියන ආකාරයේ සහල් ප්‍රශ්නයක් මෙරට මතු නොවන බවත්ය. ඒ නිසා බොරු මත සමාජගත නොකරන ලෙසද මහින්දානන්ද, අමරවීරට කියා සිටියේය.

ඩයනා හරීන්ට උත්තර දෙයි! හරීන් කියපු ගමන් ගිහින්!

ඉන් අනතුරුව තවත් ගැටුමක් පැනනැගුනේ හරීන් සහ ඩයනා ගමගේ අතරය. ඒ, හරීන් තමන් සජබය නිර්මාණය කිරීමට විශාල මෙහෙයක් දැරූ බවට කළ ප්‍රකාශයෙන් අනතුරුවය.

‘අපි මෙතනට ලොකු කැපකිරීමක් කරලයි ආවෙ. සජබය හදන්න අපි ගොඩක් මහන්සි වුණා. කැපකිරීම් කළා. ඒකෙ නම, සලකුණ, පාට තීන්දු කරන්න මුල් වුණේ මම. හැබැයි අපි දැන් එළියට බැහැලා හින්දා අපට පක්ෂෙකුත් නැහැ. ඒ හින්දා අපි එළියෙ තියෙන ජනමතයට ඇහුන්කන් දීලා බැලන්ස් ගේමක් ගහන්න ඕනෙ. එහෙම නැත්නම් මේ ගමන යන්න අමාරුයි…’ යනුවෙන් හරීන් ප්‍රකාශ කොට මොහොතක් යන්නට මත්තෙන් ඉදිරිපස අසුනක සිටි ඩයනා නැගී සිට ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තාය. එහිදී ඩයනා කියා සිටියේ සජබය නිර්මාණය කළේ තමන් ඇතුළු කණ්ඩායමක් බවත්, ඒ කිසිදු සාකච්ඡාවක හරීන් නොසිටි බවත්ය. එසේ කියමින් ඩයනා පිටුපස හැරී හරීන් දෙස බලද්දී බොහෝ දෙනා කියා සිටියේ, ‘ගියා.. ගියා එයා.. එයා කතා කරලා ඉවර වෙච්ච ගමන් ගියා…’ යැයි කියාය. ඒ අනුව ඩයනාද තමන්ගේ කතාව එතැනින් අවසන් කිරීමට පියවර ගත්තාය.

ලන්සා-මායාදුන්නත් මතගැටුමක!

මීට අමතරව ලන්සා කළ කතාවක් හේතුවෙන් ඔහු හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මායාදුන්න අතරද වචන හුවමාරුවක් සිදුවිය. එහිදී ලන්සා කියා සිටියේ තමන් ඇතුළු විශාල පිරිසකගේ නිවාස මැයි 09 දා ගැටුමෙන් ගිනිබත් වූ බවත්, තමන්ට ඉන් දැඩි හානියක් සිදුවූ බවත්ය.

මේ ආකාරයට ලන්සා තමන්ගේ දුක්ගැනවිල්ල කියාගෙන යද්දී මායාදුන්න ඊට එරෙහිව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. මායාදුන්න කියා සිටියේ ගැටුම් හේතුවෙන් තමන්ගේ නිවෙසද ගිනිතැබූ බවත්, වරක් නොව සිට තෙවරක්ම දේශපාලනික ප්‍රශ්න හේතුවෙන් තමන්ගේ නිවෙස ගිනිතබා ඇති බවත්ය. ඒවාට බියවී දේශපාලනය කළ නොහැකි බවත්, ඒවාට බිය නම් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් මායාදුන්න මෙහිදී කියා සිටියේය.

21ට මොනවා වෙයිද?

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේත්, රට ඇතුළේත් විවිධ මත පළවෙමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව පැත්තෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ නැත. ඒ වෙනුවට යෝජනා වූයේ පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට ඔවුන්ගේද අදහස් විමසා නැවත එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටය. ඒ අනුව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ සියල්ලම පාහේ සංශෝධන එක් කිරීම අත්‍යාවශ්‍ය බව මේ වන විටත් පැහැදිලිවම ප්‍රකාශ කොට තිබේ.

රාඝවන් දයාසිරිට යන්න කියයි!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. පළමුව මෙම රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැත්වීමට තීන්දු වී තිබුණත්, පසුව විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීන්දු වී තිබිණි. ඒ අනුව රැස්වීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සියල්ලන්ටම ආරාධනා කර තිබූ නිසා ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්නද ඊට සහභාගි වීම සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් ප්‍රශ්නය පැනනැඟුණේ රැස්වීම ආරම්භයේදී සුරේන් රාඝවන් විසින් මෙය පොහොට්ටුවේ රැස්වීමක්ද, එසේත් නැත්නම් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්ද යන්න විමසා සිටීමත් සමගය. මෙය තමන් ඉලක්ක කර ඇසූ ප්‍රශ්නයක් බව වටහා ගත් දයාසිරි වහාම නැගී සිටිමින් කියා සිටියේ තමන් මෙතැනට පැමිණියේ ඊට ආරාධනා ලැබී තිබීම හේතුවෙන් බවත්, තමන්ගේ සහභාගීත්වය අනවශ්‍ය නම් තමන් රැස්වීමෙන් පිටව යන බවත්ය. එසේ කියමින් දයාසිරි සහ අලගියවන්න පිටව යෑමට දොරටුව අසලට පැමිණෙද්දී වහාම පැමිණි ප්‍රේමනාත් දොළවත්ත දයාසිරිගේ අතින් අල්ලාගෙන නැවතත් ඔහුව රැස්වීමේ අසුන් ගැන්වූයේ මෙම සාකච්ඡාව සියලු දෙනාටම වැදගත් යැයි කියමිනි. දයාසිරි එසේ අසුන් ගත්තද පසුව සුළු මොහොතකින් පසු ඔහු ඉන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

ද්විත්ව පුරවැසි බව සාමාන්‍ය ජන්දයෙන්!

කෙසේ වෙතත් සාකච්ඡාවේදී විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වීමට නියමිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළේය. එහිදී විජයදාස කියා සිටියේ විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කිරීම කළ නොහැකි යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිය නොහැකි බවට වූ වගන්තිය 21ට ඇතුළත් නොවන බවද විජයදාස එහිදී පැහැදිලි කර සිටියේය. ඉන් අනතුරුව මේ දිනවල බොහෝ කතාබහට ලක්ව ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විජයදාස කෙටි අදහස් දැක්වීමක් කළේය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව තමන්ගේ යෝජනාවක් නොවන බව එහිදී කියා සිටි විජයදාස එය ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් බවද සඳහන් කර සිටියේය. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවද විජයදාස සඳහන් කළේය.

දිනේෂ්ට ප්‍රශ්නය විපක්ෂනායක ගැන!

මෙම සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාටද ප්‍රශ්නයක් පැනනැගී තිබිණි. ඒ, විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්ය. දිනේෂ් කියා සිටියේ විපක්ෂ නායකවරයා තෝරාගැනීම සම්බන්ධයෙන්ද නව වගන්ති කිහිපයක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු යැයි කියාය. උදාහරණයක් ලෙස විපක්ෂ නායකවරයා තෝරාගන්නේ විපක්ෂයේ සිටින වැඩිම මන්ත්‍රීවරුන් සිටින පක්ෂයේ නායකයාද, එසේත් නැතිනම් විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් කැමැති මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස තෝරාගන්නවාද යනුවෙන් තීරණය කළ යුතු බව දිනේෂ් එහිදී පෙන්වා දුන්නේය.

ජනපතිගෙනුත් 21ට සංශෝධන!

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන කිහිපයක් එක් කිරීමට සැලසුම් කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් එක් වගන්තියක් වී ඇත්තේ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඕනෑම අවස්ථාවකදී ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබාදීමේ යෝජනාවය. අනෙක් යෝජනාව වී ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතකදී, ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගැනීමේ බලය හිමිවන ආකාරයේ වගන්තියක් ඇතුළත් කිරීමය. මීට පෙර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ප්‍රථම යම් යම් සීමාවන්ට යටත්ව මෙම බලතල දෙකම ජනාධිපතිවරයා වෙත හිමිව තිබුණද, 19 වැනි සංශෝධනයෙන් ඒවා තවදුරටත් සීමා කිරීමට යහපාලන ආණ්ඩු සමයේ පියවර ගෙන තිබිනි. නමුත් පවතින දේශපාලන වටපිටාව යටතේ බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම බලතල ජනාධිපතිවරයා සතුව පැවැතිය යුතු යැයි කියාය. ඒ අනුව ඉදිරියේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම යෝජනා ඊට එක් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ. ඒ අනුව බොහෝ දුරට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අහෝසි කොට පාර්ලිමේන්තුවට එම බලතල ලබාදෙනු ඇති බව කියැවුණද, තවදුරටත් විධායකය ශක්තිමත් කරන යෝජනාද ඊට අඩංගු විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ලංකාදීපය ගහපු අමු පචය!

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය සතියේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම වූයේ සමගි ජන බලවේගයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි බවට ‘ලංකාදීප’ පුවත්පත සිය මුල් පුවත මගින් වාර්තා කොට තිබීමය. පසුගිය සඳුදා සිය මුල් පුවත මගින් ‘ලංකාදීප’ය වාර්තා කර තිබුණේ ‘21ට සජබ සහාය නෑ – සජිත් කියයි’ යනුවෙනි. නමුත් එවැනි තීරණයක් සජබය ගෙන නොතිබුණු නිසා සහ එවැනි ප්‍රකාශයක් සජිත් කර නොතිබුණ නිසා එදිනම මාධ්‍ය හමුවක් කැඳවූ සජිත් කියා සිටියේ සජබය 21ට විරුද්ධ බවට ජාතික යැයි කියාගන්නා පත්තරයක් විසින් අමූලික බොරුවක් ජනගත කොට ඇති බවත්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කාටත් පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ තම පක්ෂය නිසා එවැනි 21කට තමන් විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසාද යන්නත්ය. එපමණක් නොව මෙවැනි අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව එන්තරවාසි යොමු කිරීමටත් සමගි ජන බලවේගය තීන්දු කළේය.

ලංකාදීපය කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද?

කෙසේ වෙතත් ‘ලංකාදීප’ පුවත්පත හිටි හැටියේම සජිත්ට සහ සමගි ජන බලවේගයට එරෙහිව මේ මොහොතේ මෙවැනි අසත්‍ය පුවතක් පළ කළේ ඇයි? කවුරුත් දන්නා පරිදි ‘ලංකාදීප’ පුවත්පත යනු රනිල්ගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් එකකි. රංජිත් විජයවර්ධන මහතාගේ පුත්‍රයා වන රුවන් විජයවර්ධන මහතා ඥාතිත්වයෙන් රනිල්ට වන්නේ මස්සිනාය. එමෙන්ම රුවන් විජයවර්ධන යනු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාය. එම නිසා සියල්ලන්ගේම අදහස වී ඇත්තේ සජබය සහ සජිත් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කර රට ඇතුළේ යම් අප්‍රසාදයක් මතු කිරීම සඳහා රනිල්ගේ න්‍යාය පත්‍රයකට අනුව ‘ලංකාදීප’ය මේ වන විට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය.

ලංකාදීප කර්තෘ දුන් අපූරු උත්තරේ

ඒ අනුව මේ පුවත පළවීමත් සමග සජබ මහලේකම්වරයා වෙනුවෙන් විශේෂ නියෝජිතයකු ‘ලංකාදීප’ කර්තෘ සිරි රණසිංහ මහතාට කතාකොට මෙවැනි අසත්‍ය පුවතක් පළ කළේ ඇයිදැයි විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී ඊට ලංකාදීප කර්තෘවරයා දී තිබුණේ අපූරු පිළිතුරකි. ඒ, ‘මම එහෙම නිවුස් එකක් දැක්කෙත් නෑ, මම එහෙම නිවුස් එකක් දන්නෙත් නෑ…’ යන්න එම පිළිතුරය.

මෛත්‍රී නිමල්වයි අමරවීරවයි පන්නයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේද මේ වන විට මතුව ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඊට හේතු වී ඇත්තේ පක්ෂ මතයට පිටින් ගොස් නිමල් සිරිපාල ද සිල්වාත්, මහින්ද අමරවීරත් ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගැනීමය. පක්ෂය ඊට පෙර තීන්දු කර තිබුණේ ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගෙන විපක්ෂයේ සිට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමය.

කෙසේ වෙතත් පක්ෂ මතයට පිටින් ගොස් ඔවුන් දෙදෙනා ඇමැතිකම් ලබාගැනීමත් සමග පක්ෂයේ බොහෝ දෙනකු මෙන්ම ගම් මට්ටම බිම් මට්ටම නියෝජනය කරන පිරිස්ද මෛත්‍රිපාලට දිගින් දිගටම කතා කරමින් කියා සිටියේ වහාම මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු බවත්ය. ඒ අනුව මෛත්‍රිපාලද සිරිපාලත්, අමරවීරත් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා පසුගිය සතියේ පක්ෂයේ සියලු මට්ටම් නියෝජනය වන පරිදි සාමාජිකයන් කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්තේය. ඊට මධ්‍යම කාරකසභා නියෝජිතයන්ද, විධායක සභා නියෝජිතයන්ද, දේශපාලන මණ්ඩලයේ නියෝජිතයන්ද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු ඔවුන් සියලු දෙනාම ඒකමතිකව තීරණය කළේ සිරිපාලත්, අමරවීරත් පක්ෂය තුළ දරන සියලු තනතුරුවලින් නෙරපා හැරීමටය. එම ලිපිය එදිනම රාත්‍රියේ මෛත්‍රිපාලගේ අස්සනින් ඔවුන් දෙදෙනා වෙත යොමු කිරීමටත් තීන්දු විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ජනපති මැදුරේ සාකච්ජාවලින් රනිල් හැලෙයි! කිසිම එකක් රනිල්ට කියලා නෑ!

Next Post

ජපානෙන් නෑ! යුරෝපෙන් නෑ! චීනෙන් අමාරුයි! ඉන්දියාව විතරයි ඉන්නෙ! තත්ත්වෙ හොඳ නෑ! වේල් දෙකක් කන්න පුරුදු වෙන්න වෙයි! ජාත්‍යන්තර ගේමත් අවුල්! මැජික් එකත් අවුල්! රනිල් අගමැති වුණ ගමන් පෝලිම් ඉවරයි කියලා කියපු වජිර කොහේද දන්නේ නෑ! අනේ එයාව හොයලා දෙන්නකෝ! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.