• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ අයවැය සජිත් පාර්ලිමේන්තුවේදී කුඩේකුඩු කරයි! දුප්පත් මිනිස්සුන්ට බදු ගහලා කෝටිපතියන්ට බදු සහන දෙන හැටි හෙළිකරයි! උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයයි උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය ගැනත් කතා කරයි! ‘ඇයි ගත්තෙ නැත්තේ -ආණ්ඩුවෙන් බාධා!’ අපිට ලැජ්ජාවක් තියෙනවා! රට බංකොලොත් කරපු පොහොට්ටු මැක්කොත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ! ‌ ආණ්ඩුවෙන් බාධා කරන්න එද්දී සජිත් කටඋත්තර නැතිව වාඩිවෙන්නම ‌දෙයි! (VIDEO)

November 21, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට නිවැරැදි ගමනක් කරා ගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී විසදුම් 6ක් ඉදිරිපත් කරන ලදී. තොරතුරු සාක්ෂි සහ දත්ත නිවැරැදි ලෙස සභාගත කරමින් එම විසදුම් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව

රදවා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීම තුළි රුපියල් බිලියන 90ක් වැඩි රාජ්‍ය ආදායමක් ලබා ගත හැකි බවත් එය තුළින් විශ්‍රමකයින්ට අසාධාරණයක් වන්නේ නම් උපයන පොලියට වැඩිපුර සියයට 1 සහනයක් ලබා දිය හැකි බවත් පැවසීය. මේ බදු ක්‍රමය සාධාරණ කළ හැකි අවස්ථාවේ දී වැඩ කරන ජනතාවට හානි වන ලෙස බදු වැඩි කර ඇති බවත් ඊට අදාළ දත්ත වාර්තා රැසක් හැන්සාඩ් ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු විය. උදාහරණයක් ලෙස සීනි බදු වංචාවේදී රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් විශාල හානියක් සිදු වී ඇති බැවින් බදු සහන ලබා දීමේ දී නිවැරදි තක්සේරුවක් සිදු විය යුතු බවත් පැවසීය. සීනි බදු වංචාවෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 48ක් අහිමි වී ඇති බවත් එම වරද ඉදිරි සමගි ජන බලවේග රජයට තුළ නිවැරදි කර අහිමි වූ බදු ආදායම ලබා ගන්නා බවත් පැවසීය. තමන්ගේ ගජමිතුරන්ට සහන ලබා දී ජනතාව මත අධික බදු බරක් පැටවීම හෙලා දකින බවත් පැවසීය.

එමෙන් ම දුම්කොළ බද්ද ඇති කිරීමට සමහර දේශපාලනඥයන් සහ නිලධාරීන් අකැමැති බවත් ඔවුන් දුම්කොළ සමාගම්වලින් වාසි ලාභ ලබන බවත් මේ නිසා දුම්කොළ නිසා රාජ්‍ය බදු ආදායම අඩු වී දුම්කොළ සමාගම්වල ලාභ වැඩි වී ඇති බවත් පැවසීය. එබැවින් නිවැරදි බදු සුත්‍රයක් ක්‍රියාත්මක කළොත් මේ තුළින් රුපියල් බිලියන 63ක ලාභයක් ලැබිය හැකි බවත් ඒ තුළින් ආහාර උද්ධමනය පවා තුරන් කළ හැකි බවත් පැවසීය.

අද වන විට සියයට 70කට අධික උද්ධමන වේගය තුළ වැඩකරන ජනතාවගේ අර්ථසාධකයේ වටිනාකම අඩු වී ඇති බවත් පසුගිය කාලයේ අර්ථසාධකයේ කොල්ලකෑම් රැසක් ගැන අනාවරණය කළත් යුක්තිය ඉටු වී නොමැති බවත් මේ වංචාවලට හවුල් වූ අය නැවතත් මහබැංකු අධිපතිවරයා ලෙස පත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට සේවක භාරකාර අරමුදලේ මුදල් ව්‍යාජ සෞඛ්‍ය රක්ෂණයක් මාර්ගයෙන් උදුරා ගැනීමට උත්සාහ කරන බව පැවසීය. එම කටයුතු නිසා අහිමි වූ මුදල් සමගි ජන බලවේග රජයක් තුළ නැවත ලබා ගන්නා බවත් පැවසීය.

තවද ලෝක බැංකු වාර්තා අනුව දුප්පත් අයගෙන් සියයට 58කට සහනාධාර නොලැබෙන බවත් සියයට 20ක් පමණ පරිපාලන වියදම් යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සදහා මහාචාර්ය දිලිනි ගුනවර්ධන මැතිනිය විසින් මේ සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව යි. ඒ අනුව රටේ විදුලි පාරිභෝජනය ඉලක්ක කර ගෙන අදාළ සහනාධාර ලබා දිය හැකි ක්‍රමයක් සකස් කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි හොද වැඩපිළිවෙළක් තිබිය දී ආණ්ඩුව සමාජ ලේඛන සකස් කර මන්දගාමී වැඩකටයුත්තක් ක්‍රියාත්මක කර බව යි. මනෝමූලික වැඩසටහනකට වඩා විෂය මූලික වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසීය.

අප රටේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම සදහා ප්‍රසූත නිවාඩු ලබා ගැනීමේ දී ලබා දෙන රාජ්‍ය ආයෝජනය වැඩි කිරීම කළ හැකි බවත් ඒ තුළින් දැවැන්ත ආර්ථික ශක්තියක් ඇති කර ගත හැකි බවත් පැවසීය.

සියලු සාක්ෂි තොරතුරු අධ්‍යයන සහ පර්යේෂණ සහිතව ඉදිරිපත් කරන මෙම යෝජනා තුළින රටේ ආදායම වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර ආර්ථිකයේ ලොකු බංකොලොත්භාවයක් නොතිබුණත් අද වන විට අප රට බංකොලොත් වී මුදල් හිඟතාවකට සහ දැවැන්ත ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති බවත් මෙවැනි දැවැන්ත අර්බුධ අවස්ථාවක වත්මන් රජය තුළ සමාජ සම්මුතියක් හෝ ජනතා සම්මුතියක් නොමැති බවත් ඔවුන්ට ඇත්තේ රට බංකොලොත් කළ කණ්ඩායමේ 134ත් සමග වන සම්මුතියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණය, ගජමිතුරුවාදය, විපත සහ විනාශය යන දෑ මූලික කර ගත් නිසා මේ තත්ත්වය තවත් දරුණු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දින ගණනාවක් බදු ගෙවන ජනතාවගේ මුදල් වැය කර අයවැය විවාදයක් සිදු කරන බවත් ය. තොරතුරු නොදැන එය අදුරේ අත පත ගෑමක් බවත් රජය අදාළ තොරතුරු ලබා දීමට අපොහොසත් වී ඇති බවත් විධායකයට මුක්කු ගහන පාර්ලිමේන්තුවේ අතකොලුවන් විසින් තමන්ට අවැසි ආකාරයට පාර්ලිමේන්තුවෙන් තොරතුරු වසන් කර ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් තොරතුරු වසන් කර දේශපාලන ඩීල් සිදු කරමින් සිටින බව පැවසීය.

ඔවුන් ගජමිතුරුවාදය ක්‍රියාත්මක කරමින් මහා විනාශයකයට විපතකට පත් කරන දේශපාලන ඩිල් එකක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සභාවට ඉදිරිපත් කළ අයවැය කතාව පිළිබඳ දෙස බැලීමේදී වර්තමාන රජයේ මූල්‍ය කළමනාකරණය තුළ දැඩි පරස්පරතා රැසක් ඇති බවත් පැවසීය.

අයවැය තුළ පරිසර හිතකාමී, නව තාක්ෂණික ආර්ථික ක්‍රමයක් ගැන කියූවත් එය ක්‍රියාත්මක කරන සංඝටක සඳහා බදු පිට බදු ගසා ඇති බවත් මේ සියලු කරුණු අතර පරස්පරතා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙය රටට ඵලදායී නොවන අයවැයක් බව යි.

SendShareShare
Previous Post

මම ඒ වෙලාවෙ හිටියෙ කටුනායක! සෙනග රැස්වෙලා හිටපු නිසයි බලන්න ගියේ! බැසිල්ව පිළිගන්න කටුනායකට ගියා කියපු පොලිස් කොමිසමේ සභාපති දැන් කියන කතාව මෙන්න! (VIDEO)

Next Post

සජබෙ දිලිප් වෙදආරච්චි සභාව මැදට ඇවිත් බිම වාඩි වී තනිවම විරෝධතාවක! (VIDEO)

MORE NEWS

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Load More
සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.