• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ආපු ගමන…

November 14, 2019
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා ආපු ගමන…
Share on WhatsAppShare on Facebook

“ගගන දෙරණ ජයසක් හඬවා,
සිංහ තේජසින් රට රකිනා,
මැරුණු බිමට යළි පණ පොවනා,
ඔබයි උතුම් මිනිසා,
ගෝඨාභය, ගෝඨාභය, ගෝඨාභය”
එඩිතරවූ ගායනා විලාසයකින් ඇසෙන ගීතයකින් වාතලය ගිගුම් දෙයි. ඒ ගායනයෙහි එතරම් මටසිලිටු බවක් නම් පෙනෙන්නට නැත. එසේ වන්නේ එය ආදර ගීතයක් නොවන නිසා වන්නට ඇතිය. තාරුණ්‍යයේ පිරිමි හඬ කිහිපයක් එකට එකව ගායනයෙහි යෙදෙන්නේ තේජස් රිද්මයකිනි. ගීතයන් සිය, දහස් ගණනක් කනට වැටෙන මායිමේ, මේ නවතම ගී පද ඇසෙන්නේ බොහෝ නුදුරු දිනයකදී සිටය. එම ගී පද සවනට වැටී ගතවූයේ මොහොතකි. මෙන්න දෙවියනේ, තවත් ගී පදවැලක් දෙසවන වෙළාගන්නවා.
“අපට රජෙක් නොව ඔබ දෙවියෙක්,
වීර සිංහලේ සැබෑ රජෙක්.
සීමාවක් නෑ, මායිම් නෑ,
පවුරු බැඳී වැටකොටු නෑ.
උතුරුකරේ, දකුණුකරේ
සීමාවක් දැන් නෑ, නෑ,
සතුටු සිනහා පිරුණු රටක්
සිහිනෙන් අපි මැවූ ලොවක්.
හැබෑ වෙලා දැන් හීන ගොඩක්
මුළු රටටම එකම නමක්
හැරෙන, හැරෙන පැත්තෙන් ඇසෙන්නේ ජය ඝෝෂා ගීතයි. මේ අපූර්ව ගී නිමැයුම් වැයෙන්නේ කා වෙනුවෙන්ද? වෙන කාලයකදී නම් යම් මිනිසකු වෙනුවෙන් ඇසුණේ එක් ජයඝෝෂා ගීතයක් පමණි. එහෙත් මේ මිනිසා වෙනුවෙන් අනේක විදියේ ගී ඇසෙයි.
“හැබෑවෙලා දැන් හීන ගොඩක්, මුළු රටටම එකම නමක්”
ඔව් එකම නමක්, ගෝඨාභය රාජපක්‍ෂ. සම්පූර්ණ නම නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ. මේ නමට ඉදිරියෙන් ලුතිනන් කර්නල් කියලා දාන්නත් පුළුවන්. වයස හරියටම අවුරුදු 70යි. තවත් විදියකින් කියනවා නම් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා. ඒ මොන වගතුගක් තිබුණත් අද රටම ඔහු හඳුනන්නේ ප්‍රබලතම ජනාධිපති අපේක්‍ෂකයකු විදියටයි. අද මෙ ජයඝෝෂා ගී සියල්ලම වැයෙන්නේ ඔහු වෙනුවෙන්ය. ප්‍රීති ඝෝෂා සියල්ලම වාතලය සිසාරා යන්නේද ඔහු වෙනුවෙන්ය. ඒ ඔහු වෙනුවෙන් පිදෙනා ආදරය, භක්තිය හේතුවෙනි.
ගෝඨාභය රාජපක්‍ෂ යනු සැබෑ ලෙසම අපූර්වතම මිනිසෙකි. ඔහුට අද සිටිනා තැනට එන්නට මල් දමා සේද එලූ මාවතක් තිබුණේ නැත. තම අපරිමිත ධෛර්යය සහ දැඩි කැප කිරීම මත අද ඔහු එම ස්ථානයට පැමිණ සිටියි. තවත් දින 4කින් නොහොත් හෝරා 96කින් ඔහු සිටින්නේ කොතැනකදැයි ඔහුවත්, අපිවත් නොදනියි. ඔහු වත්මනේ ඉදිරිපත් වී සිටින “ජනාධිපති පුටුවේ සටන” අතිශය උග්‍ර, බැරෑරුම් එකකි. මේ තරගය ඇත්තේ ප්‍රධානතම අපේක්‍ෂකයන් දෙදෙනා අතරේ පමණකි. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු කලක නොවූ මෙම සටන සැබෑ ලෙසම ද්වන්ධ යුද්ධයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් “පොහොට්ටුවේ” ජනාධිපති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ආගමනය මහා ඈත සමයකට දිවෙන එකක් නොවේ. එහෙත් එය දේශපාලනය මතම එල්බගත් එකක් නොව, රටේ ආරක්‍ෂක ක්‍ෂේත්‍රය අරබයා ගත් විශිෂ්ටතම ක්‍රියාවලියකි. රාජපක්‍ෂ පවුලේ “සහෝදර බඩපිස්සා” වූ ඔහු තම වැඩිමල් සහෝදරයකු වූ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ එම රාජ්‍ය ක්‍රියාවලියට පිවිසෙන්නේ, 2005 වසරේ නොවැම්බර් මාසයේදී ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වෙමිනි. එතැන් සිට වසර 10ක් ඔහු එම තනතුරේ විශිෂ්ටත්වය විදහා පෑවේ කුරිරු එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත යුද්ධය පරාජය කරමින් එයට තිතක්ද තබමින්ය.

ගෝඨාභය රාජපක්‍ෂ යනු සැබෑ ලෙසම දේශපාලකයකු නොවේ. එහෙත් ඔහු දේශපාලකයන් මෙහෙයවන උසස් පරිපාලන පුටුවක වාඩිගෙන සිටිමින් මහා මෙහෙවරක නිරත වුණේය. දේශපාලකයන් මෙන්ම අනෙකුත් සියලු ආකාරයේ “වැඩකාරයන්”ද ඔහුගේ අණසකට කීකරු වූයේය. ඒ සියල්ල සිදුකරමින්, වසර 30ක් සිදුකරන්නට බැරි වූ මහා යුද මෙහෙවර ඔහු රටටත්, ජනතාවටත් යථාර්ථයක් කර දුන්නේය. යුද ජයග්‍රහණය පෘථග්ජනයන්ගේ දෙපතුල ඉදිරියෙහි තැබුවේය. එය මල් කලඹක් කර ඔවුන්ගේ දෑතට පිදුවේය. ගෝඨාභය රාජපක්‍ෂ නොහොත් රටම අමතන “ගෝඨා”ගේ වගතුග ලියා තබන්නට මහා ග්‍රන්ථයක් මදිය. එහෙත් යම් පමණින් හෝ අපි ඔහු දෙස හැරී බලමු.
සැබැවින්ම ඔහු ආ මාවත “ගල්බොරැල්ල”කි. “කටුකුරුන්දකි.” ගෝඨාභය රාජපක්‍ෂ යනු උපතින් ශ්‍රී ලාංකිකයකු වුවද ඔහු වසර කිහිපයක් විදෙස් ගතව ජීවන වෘත්තියෙහි නිරතව සිටියේ ඇමෙරිකාවේය. ඔහුට සමහරු “ඇමෙරිකන්කාරයා” යැයි කියන්නේ ඒ හෙයිනි. 2003 වසර දක්වා ශ්‍රී ලාංකිකයකු වශයෙන් සිටි ඔහු 2003 වසරේදී ඇමෙරිකාවට සංක්‍රමණය වීමෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වෙයි. එහෙත් එය මහා කාලයකට නොවේ. එනම් 2003 – 2005 දක්වා වසර දෙකකට පමණි. ඊට පසු ඔහු තම සහෝදරයා වන මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට පත්වූ පසු 2005දී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, නැවැත ශ්‍රී ලාංකිකයකු බවටද පත්වෙයි. ආරක්‍ෂක ලේකම් පුටුව ඔහුට හිමිවන්නේ ඉන් අනතුරුවය. එම තනතුරේ ඔහු 2015 වසර දක්වා වසර 10ක් රැඳී සිටියි. වසර 2005 සිට 2019 දක්වාම ගෝඨාභයට ඇමෙරිකානු සහ ශ්‍රී ලාංකික යන ද්විත්ව පුරවැසිභාවයම හිමිව තිබුණේය.
රටේ “ජනාධිපතිවරණ ඝෝෂාව” එන්නේ මෙ අතරවාරයේදීය. එනම් නෛතික ලෙස කාලීනව ජනාධිපතිවරණය පැවැත්වීමයි. මේ සඳහා විවිධ දේශපාලන පක්‍ෂ ලකලැහැස්ති වන්නේ වසර කිහිපයක සිටය. අනේක ආකාරයේ විවිධ අපේක්‍ෂකයන්ගේ නම් ගම්ද ඒ අතරින් කතාබහට ලක්වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ නමැති මිනිසාගේ නමද කියැවෙන්නේ මෙ අතරවාරයේදීය. එහෙත් ඔහු ජනාධිපතිවරණයට තරග කරන්නේ කෙසේද? ඔහු ඇමෙරිකානු පුරවැසියකුද වෙයි. ඔහුට දේශපාලන මලල ක්‍රීඩාවේ පනින්නට තිබෙන ප්‍රධාන, පළමුවැනි කඩුල්ල එය විය. ඔහු ජනාධිපතිවරණයට එන්නේ නම් ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වී පූර්ණ ශ්‍රී ලාංකිකයකු පමණක් විය යුතුය. එය නව ව්‍යවස්ථාවට අනුව තිබෙන නෛතික තත්ත්වයකි. කෙසේ හෝ එය විය යුතු යැයි ඔහු අධිෂ්ඨාන කරගත්තේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2005 නොවැම්බර් මාසයේදී ආරක්‍ෂක ලේකම්වරයා බවට පත්වන සමය රට තුළ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් අතිශයින්ම උග්‍රව තිබුණේය. ඔහු තනතුරෙහි වගකීම භාරගෙන කොටින්ට එරෙහි සටන නිසි ලෙස සැලසුම් කරමින් එය ක්‍රියාවට නංවමින් සිටියේය. සියලු හමුදාවන්ගේ සහාය ඇතිව කොටින්ට එරෙහි සටන මෙහෙයවන්නට වූයේය. කොටි ත්‍රස්තයන්ට ගෝඨාභයගෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැති බැව් අවබෝධකර ගත්තේය. හරියටම ගතවූයේ වසරක් පමණි. 2006 දෙසැම්බර් මාසයේද ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹදී එල්ල කළ එම ප්‍රහාරයෙන් ඔහු අනූනවයෙන් තම ජීවිතය බේරා ගත්තේය. එහෙත් කොටි ප්‍රහාරකයා ඉදිරියට මෝටර් සයිකලයක් පදවාගෙන බාධා පැමිණ වූ හමුදා කමාන්ඩෝ සෙබළු දෙදෙනෙක් මියගියේය. මෙය ඔහුගේ ජීවිතයේ ප්‍රථම මරණීය සන්ධිස්ථානය විය. එහෙත් ඔහු සැලුණේ නැත. තවත් ධෛර්යය ගත්තේය.
ගෝඨාභය රාජපක්‍ෂ වසර ගණනාවක් පුරා යුද හමුදා නිලධාරියකු වශයෙන් ඊළාම් යුද්ධයට සම්බන්ධ වී තිබිණි. පසුව 2005දී ආරක්‍ෂක ලේකම් පුටුවෙ අසුන්ගත් පසුද 2009 වසරේදී ඊළාම් යුද්ධය ජයග්‍රහණය කරන තෙක්ම එම වර්ගවාදී යුද්ධයේ අති බිහිසුණු සටන් රැසක්ම මෙහෙයවන්නට විය. ඒ සටන් සියල්ලක්ම ජයග්‍රහණය කළේය. කුරිරු යුද්ධයද අවසන් විය. මුළු මහත් සමාජයම ගෝඨාභය රාජපක්‍ෂගේ අභීතත්ත්වය අගය කරමින් ඔහු සැබෑ යුද විරුවකු ලෙස පිළිගත්තේය. වසර 10ක් නොකඩවා තම මෙහෙවර ඉටු කළේය.
ඊළාම යුද්ධය සිදුකරගෙන යන අතරවාරයේ ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තවත් බටහිර රාජ්‍යයන් කිහිපයකටම චෝදනා කර සිටියේ, එම පාර්ශ්ව කොටි සංවිධානයට සහාය දක්වන බවටය. මේ තත්ත්වය යටතේ විදේශ රාජ්‍ය කිහිපයක් මෙන්ම, විදේශ ස්වේච්ඡා නොවන සංවිධාන සහ මානව හිමිකම් සංවිධානද ගෝඨාභයට එරෙහි විය. මෙම විරසකය දිනෙන් දින උත්සන්න විය.
2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ රජය පරාජයට පත්විය. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී නව ජනාධිපතිවරයකු සහ නව රජයක් එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගන්නා ලදී. එම නව වාතාවරණය යටතේ ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂක ලේකම් ධුරයද අහිමි විය. ඔහුගේ ජීවිතයටද විවිධ තර්ජන, ගර්ජන එන්නට ගත්තේ ඉන් පසුවය. දෙස්-විදෙස් විවිධ පාර්ශ්ව රැසක් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ ඔහු යුද සමයේදී යුද අපරාධ සිදුකළේ යැයි කියන ප්‍රබල චෝදනාව මතය. එසේම තවත් සමහර පාර්ශ්ව ඔහු දූෂණ, වංචා සිදුකළේ යැයිද චෝදනා නඟන්නට විය. එම තත්ත්වය නිකරුණේ මඟහැරී ගියේද නැත. දිනෙන් දිනම ගෝඨාභයට එරෙහි චෝදනා ගොඩගැසෙන්නට වූ අතර, එතැනින් නොනැවතී ඔහුට එරෙහිව විවිධ අධිකරණ නඩු හබද පටලවන්නට විය.
ශ්‍රී ලංකාව තුළ දූෂිත හමුදා ගනුදෙනු සිදුවී ඇතැයි 2015 වසරේදී ජාත්‍යන්තර “ඉන්ටර්පෝල්” පොලිසියද දන්වා සිටියේය. එයින් ප්‍රධාන චෝදනාවක් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා යටතේ පාවෙන අවි ගබඩාවක් (නැවක්) පවත්වාගෙන යෑමය. මෙම වාතාවරණය යටතේ ගෝඨාභයට 2015 වසරේදී රටින් පිටව යෑම තහනම් කිරීමේ නියෝගයක්ද පැනවිණි. අවුරුද්දක් යනතුරු තහනම පැවැත්වුණු අතර, 2016 වසරේදී එය ඉවත් කරන ලදී. ගෝඨාභයට පමණක් නොව ඔහු ඇමෙරිකාවේ සිටින පුතාටද එරෙහිව විවිධ මූල්‍යමය චෝදනා ඉදිරිපත් විණි. රාජපක්‍ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද එරෙහිව විවිධ චෝදනා ගොඩනැඟෙන්නට වූ අතර, මෙම පිරිසෙන් ප්‍රබලතම චෝදනාවලට ලක්වූයේ ගෝඨාභය රාජපක්‍ෂය. ඔහුට එරෙහි අනෙකුත් ප්‍රබලතම චෝදනා මාලාව වූයේ මාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ මර්දනයක් සිදුකිරීමය.
2015 වසරේ සිට වසර කිහිපයක් යන තෙක්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම, ගෝඨාභය රාජපක්‍ෂ යුද අපරාධකරුවකු යැයි ප්‍රකාශ කරමින් විවිධ චෝදනා සහ විමර්ශන ගොනු කරන්නට විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම සංවිධානය මෙහි ප්‍රමුඛත්වය ගත්තේය. අවුරුදු කිහිපයක් ගතවුවද, ඒ කිසිදු පාර්ශ්වයකට ගෝඨාභය වැරදිකරුවකු ලෙස නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි විය. ඔහු බොහෝ බාධක රැසක් මැද කෙසේ හෝ ජීවිතය ඉදිරියට ගෙන යමින් සිටියේය. එසේම එම තත්ත්වයන් කිසිවකට ඔහු සැලුණේද නැත. තමන්ට එරෙහිව චෝදනා ගෙන එන පිරිස්වලට තර්ක, විතර්ක ගෙන එමින් අභීතව මුහුණ දුන්නේය.
කෙසේ හෝ වසර 2015න් පසුව වසර දෙක, තුනක් ගෙවීගෙන යන විටදී විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ තරග කරන බැව්ය. එහෙත් ගෝඨාභය එම මතය ප්‍රතික්‍ෂේප කර සිටියේය. එසේ තරග කිරීම ගැන තමන්ට කිසිදු අදහසක් නොමැති බැව්ද පවසා සිටියේය. කෙසේ හෝ කාලය ක්‍රමයෙන් ගතවී 2019 වසර ආරම්භය තෙක් පැමිණියේය. ගෝඨාභය රාජපක්‍ෂට මැතිවරණයකට තරග කිරීමට පෙර ඔහුට එල්ලවී තිබුණු අනේක විදියේ චෝදනාවලින් ඔහු ගැලවීම ඊට වඩා අත්‍යවශ්‍ය කරුණක් විය. ඒ තරමටම ඔහු නීතියේ රැහැනට අල්ලා ගැටගැසීමට විවිධ පාර්ශ්ව දැඩි වෙහෙසක් ගත්තේය.
මෙම 2019 වසර රාජපක්‍ෂ මහතාගේ අතිශයින්ම ඉරණම්කාරී වසරක් විය. එය තවම ගෙවී නැත. 2019 වසර ආරම්භයේ සිට ඔහු මෙතෙක් පැනගත් වැටකඩොලු රාශියකි. ඔහු තවද එම බාධක පනිමින් සිටියි. මෙම සංක්‍රාන්ති වසර තුළ ඇතිවූ සිදුවීම් මෙසේ දින, වකවානුවලට වෙන්කර දැක්විය හැකිය. එසේ කියැවීම අපට තත්ත්වය වඩාත් පැහැදිලි කරවයි.
2019 ජනවාරි 20
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ක්‍රියාවලිය ඔහු ආරම්භ කිරීම. ඊට පෙර වසරේදීද එම පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළේ යැයි පැවසුවද එවැන්නක් සාර්ථකවී නොතිබිණි.
2019 පෙබරවාරි 22
ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේද මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි චෝදනා නැගී තිබුණු අතර, ඒ සඳහා ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම.
2019 අප්‍රේල් 02
රාජපක්‍ෂ රජය සමයේදී ඝාතනයට පත්වූ ප්‍රවීණ පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයේදී නඩු පැවරීම. එම නඩුවට අමතරව යුද්ධ සමයේදී හිංසනයට ලක්වූයේ යැයි පැවසෙන දමිළ ජාතිකයකුද ගෝඨාභයට එරෙහිව නඩුවක් ගොනුකරන ලදී. ලොව ප්‍රධාන පෙළේ නඩුහබ ජයග්‍රහණය කරන ලද ඇමෙරිකානු ජාතික ස්කොට් ගිල්මෝර් නමැති සුප්‍රකට, දක්‍ෂ නීති විශාරදයා ප්‍රමුඛ නීතිඥ මඬුල්ලක් මෙම නඩු සඳහා පෙනී සිටින්නට විය.
2019 අප්‍රේල් 12
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කෙරුණේ යැයි ප්‍රකාශ විය.
2019 අප්‍රේල් 12
ගෝඨාභය තමන්ට එරෙහිව ඇමෙරිකාවේ පැවරූ නඩුවලට එරෙහිව ප්‍රබල ලෙස තම විරුද්ධතාව ප්‍රකාශ කිරීම සහ එම නඩුවලට නොබියව ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම.
2019 අප්‍රේල් 21
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්ව, අහෝසිවී ගියේ යැයි ප්‍රකාශයට පත්කිරීම.
2019 අප්‍රේල් 26
තමන් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැව් ගෝඨාභය රාජපක්‍ෂ විසින්ම ප්‍රකාශ කිරීම.
2019 මැයි 03
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වුණේ යැයි ඇමෙරිකාව නිල වශයෙන් තහවුරු කිරීම.
2019 මැයි 07
ගෝඨාභය තමන්ගේ හෘද කපාට සැත්කම (බයිපාස්) සඳහා සිංගප්පූරුවට පිටත් වීම. ඔහුට එම ගමන යෑම සඳහා අධිකරණය අවසර ලබා දුන්නේය. ඒ වන විට නඩුහබවලට අදාළව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේය.
2019 ජූලි 30
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සහතිකයේ පිටපතක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. එහෙත් එය අසත්‍ය, නිර්මාණය කරන ලද එකක් යැයි පසුව හෙළි විය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය සැබෑ සහතිකය නොවන බවත් යම් පාර්ශ්වයක් එසේ සිදුකරන්නට ඇති බවත්ය.
2019 අගෝස්තු 10
ගෝඨාභය අලුතින් ලබාගෙන තිබුණු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීති විරෝධී ලෙස පිළියෙල කරගත් බවට චෝදනා සහ පෙත්සමක් ඉදිරිපත් වීම. ඉන්පසුව ඒ ගැන පොලිස් පරීක්‍ෂණ ආරම්භ වීම.
2019 අගෝස්තු 11
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ගෝඨාභය රාජපක්‍ෂ තම පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ප්‍රකාශයට පත්කිරීම. හිටපු ජනපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එම නිවේදනය සිදුකරන ලදී.
2019 අගෝස්තු 15
ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ලියකියැවිලි නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශය පත්කිරීම.
2019 ඔක්තෝබර් 04
ගෝඨාභයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවරූ පුරවැසිභාවය, ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළ වූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීම.
2019 ඔක්තෝබර් 06
ගෝඨාභය තමන්ගේ නාමයෝජනා පත්‍ර භාරදීම.
2019 ඔක්තෝබර් 22
ගෝඨාභයට එරෙහිව ඇමෙරිකාවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය පැවරූ නඩුව ඇමෙරිකානු අධිකරණය ඉවත දැමීම.
2019 ඔක්තෝබර් 24
ගෝඨාභයගේ දස වැදෑරුම් මැතිවරණ ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම.
ගෝඨාභය චරිතයේ ජවනිකා එසේ පෙළගැස්විය හැකි වෙයි. සැබැවින්ම ගෝඨාභය රාජපක්‍ෂ යනු බිය නොහඳුනන පුද්ගලයෙකි. ඔහු අගාධයකට දැමීමට නොයෙකුත් ආකාරයේ පාර්ශ්ව කාලයක් පුරා නොයෙකුත් ආකාරයේ උප්පරවැට්ටි යෙදුවේය. එහෙත් මේතාක් දක්වා ඒ කිසිවක් සාර්ථක වී නොමැත. තවද ඔහු ඔහුගේ ගමන්මඟ යමින් සිටියි. ඔහු ජනාධිපතිවරණ මාවතට පිවිසියේ මේ සියලු බාධක දූරීභූත කරමිනි. එහෙත් ඔහුට තවත් යායුතු දීර්ඝ මාවතක් ඇත. අද සිට ගෙවන තවත් හෝරා ගණනකින් පසුව ඔහු මේ රටේ “මහා මිනිසා” බවට පත්වන්නේද? එය අපි කිසිවකුත් නොදනියි. ඔහුද නොදනියි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

රතිඤ්ඤා ඉල්ලුම අහසට නගී

Next Post

මරණය කැන්දන වාස්තු අපල

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.