හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 30 වැනි ගුණානුස්මරණය නිමිති කොටගෙන හෙට දිනයේ සිට සිසු දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන සිය සක්වල වැඩසටහන යළිත් ආරම්භ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.
ඒ අනුව අද බෙරලිහෙල කණිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමර ඇතුලු පරිගණක ලබා දීමට නියමිතය.
ඊයේ දින විපක්ෂනායකවරයා නැදිගම්වෙල කණිෂ්ඨ විද්‍යාලයට පරිගණක ආධාර ලබා දීමට පියවර ගෙන තිබිණ.









