රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ රිල්හේන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවු රිය අනතුරකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිටි 29 හැවිරිදි උත්පලා සෙව්වන්දි නම් දෙදරු මවක් මියගොස් තිබේ.
ඇය ගමන්ගත් ත්‍රීරෝද රථය බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ ඇයට අමතරව, ඇයගේ නිවුන් දරුවන් දෙදෙනා, සැමියා හා පියා ගමන් කරමින් සිට තිබේ.
අනතුරෙන් සුළු තුවාල ලැබූ එම පිරිස රෝහල්ගත කර තිබුණි.










