මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිව්දින සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා රාම්සේතු මුහුදු වෙරළේදී ආගමික වතාවත්වල නිරත වීමට කටයුතු කොට ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කොට අතීතයේ පාලම පැවැති ස්ථානය ලෙස රාමසේතු සැලකේ.
තවත් හින්දු පූජකයකු මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දැකගත හැකි විය.
පසුව බාගේලේ මහතා තිරුකේතීස්වරම් කෝවිල වෙත ගොස් මහාශිවරාත්‍රී පූජාවන්ටද සහභාගී වීමට පියවර ගෙන ඇත.










