හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.
අද (17) දහවල් 12.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවුණි.
කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් බිඳවැටීම සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.
2016 වසරෙන් පසු දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටීමට ලක්ව ඇත්තේ පළමු වරටය.