ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ අපේ ජනබල පක්ෂයේ සභාපති වන වැලිසරගේ සමන් පෙරේරා නැමැති අය තමන් වහන්සේ පැහැරගත් බවට අරඹේපොළ රතනසාර හිමි විසින් බරපතළ චෝදනාවක් එල්ල කොට ඇත.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේ පැහැරගෙන ගොස් පිස්තෝලයතින් පහර දුන් බවත්, ඥානසාර හිමියන්ද කඩුවක් අතෙහි තබාගෙන තමන්ට පහරදුන් බවත්ය.
කෙසේවෙතත් පක්ෂ මහලේකම්වරයා වන වේදිනිගම විමලතිස්ස හිමි තවමත් සිටින්නේ අතුරුදන්වය.
උන්වහන්සේ ඇතැම් මාධ්‍ය වෙත දැනුම් දී සිටියේ තමන් වහන්සේට නීත්‍යානුකූලව මන්ත්‍රී ආසනය හිමි බවත්, දැනටමත් ඊට අදාළ ලිපිය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කොට ඇති බවත්ය.
එමෙන්ම නීතිපතිවරයාද මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ පක්ෂ මහලේකම්වරයා විසින් එවා ඇති ලිපිය පිළිගන්නා ලෙසය.