රාජ්‍ය නිලධාරීන් සඳහා සමාජ මාධ්‍ය ජාලවල අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දක්වනු ලැබීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015හි 3 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව ය.










