ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් එවීමට පියවර ගෙන ඇත.
එම ලිපිය හරහා ඉන්දීය අගමැතිවරයා ජනාධිපතිවරයාගේ පළමු පදවිප්‍රාප්තිය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට කටයුතු කොට තිබේ.
මීට අමතරව දෙරට අතර සබධතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද එම ලිපිය මගින් ඉන්දීය අගමැතිවරයා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.










