ජනාධිපති මාධ්‍ය ඒකකය සතු කිසිදු භාණ්ඩයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලබා නොදෙන ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතා සිය මාධ්‍ය ඒකකය වෙත නියෝගයක් නිකුත් කර ඇත.
ඊයේ (11) දිනයේදී සිය මාධ්‍ය ඒකකයේ සියලුම නිලධාරීන් කැදවා ඇති ජනාධීපතිවරයා මැතිවරණ සමයේදී යම් යම් පුද්ගලයන් මාධ්‍ය ඒකකයේ ඇති බඩුභාණ්ඩ ඉල්ලා පැමිණෙනු ඇති බවත්, ඒ කිසිවකුට කිසිදු භාණ්ඩයක් නිකුත් නොකරන ලෙසත් නියෝග නිකුත් කොට තිබේ.
ඒ අනුව ශ්‍රීලනිපය හා පොහොට්ටුව එකතු වුවද ජනාධිපතිවරයා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු සහායක් නොදක්වන ස්ථාවරයක සිටින බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.