• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ තියෙන රස්නය උහුලගන්නත් බෑ! සෙල්සියස් අංශක 4කින් උෂ්ණත්වය තවත් ඉහළ යනවා කියන්නේ ඇත්තද? එතකොට ජීවත් වෙන්නවත් බැහැ කියන්නේ ඇත්තද?

April 23, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
මැයි අන්තිම වෙනකම් පුදුම රස්නයක් තියෙන්නේ! රස්නෙ වැඩිකමට තාප කම්පන ඇවිත් මැරෙන්නත් පුලුවන්! ජීවිතේ බේරගන්න මේ ටික කරන්න!
Share on WhatsAppShare on Facebook

ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා. 

කෙසේ වෙතත් ,දේශගුණික විපර්යාස නිසා සිදුවන උෂ්ණත්වය වෙනස්වීම් ආදී කරුණු බොහෝ අවස්ථාවලදී අතිශයෝක්තියට නගමින් ඉදිරිපත් කරන බවක් පෙනී යනවා. මේ තව වසර 10 ක් තුළ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 කින් ඉහල යන බවට සදහන් කරමින් පලවූ එවන් සමාජ ජාලා සටහනක් සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් .

සමාජ ජාලා සටහන් 

මේ දිනවල වට්ස්ඇප් සමාජ ජාලය හරහා වේගයෙන් පැතිර යන පණිවිඩය පහතින්.

මෙමගින් කියවෙන්නේ තවත් වසර 10 කින් පෘථීවියේ උෂ්ණත්වය ,වර්තමාන උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ ඉහල යනු ඇති බවයි. ඒ නිසා හිමාලයේ අයිස් කදු වේගයෙන් දියවීමට පටන්ගනු ඇති බවත් එහි සදහන්.

මෙම සටහන් මඟින් ලබා දෙන්නේ පරිසරයට හානිදායක දේවල් කිරීමෙන් වැළකී පරිසරය සුරක්ෂිතය කිරීම පිළිබඳව වීමත් හේතුවෙන් මෙම සටහන් බොහෝ දෙනෙකු ද හුවමාරු කරගෙන තිබු ආකාරය අපට දැක ගන්නට ලැබුණා.

කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ෆේස්බුක් හරහාද මෙවැනි සටහන් පැතිර තිබුණා. වසර 5 කි තිස්සේ හුවමාරු වෙන එවැනි සටහනක් පහතින්.

Facebook | Archived  FB | Archived

මේ හේතුවෙන් යහපත් පණිවුඩයක් ලබාදුන්නද මෙහි සඳහන් කරුණු පිළිබඳව දැනට විද්‍යාත්මකව සොයාගෙන තිබෙන කරුණු සමඟ ගැලපෙන්නේ කෙසේද යනාදිය පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි තත්ත්වයක් පිලිබදව පිළිගත් ජාත්‍යන්තර සංවිධාන මගින් හෝ විද්වතුන් මගින් අනතුරු හැගවීම් කර තිබෙනවාද යන කාරණයයි. නමුත් වසර 10 ක කාලයක් තුළ ගෝලීය උණුසුම අද පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4 කින් වැඩිවන බවක් , පැහැදිලි සාක්ෂි සහිතව ,පර්යේෂණාත්මක දත්තද ඇතිව කිසිවෙක් විසින් පුරෝකථනය කර තිබුණේ නැහැ.

නමුත් බොහෝ පර්යේෂණ කණ්ඩායම් අනතුරු හගවා ඇත්තේ දැනට සිදුවන හරිතාගාර වායු විමෝචනයන් අවම කිරීමට පියවර නොගතහොත්, මේ සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය දැනට පවතින අගයන්ට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ වැඩිවීමට ඉඩ ඇති බවයි.

දේශගුණික විපර්යාසයන් පිලිබදව අන්තර්රාජ්‍ය කමිටුවට සම්බන්ධ පර්යේෂක කණ්ඩායම්(IPCC) සහ විද්‍යාඥයන් නිරීක්ෂණය කර ඇති ආකාරයට වසර 1850-1900 කාලයේ පෘථිවි පෘෂ්ඨයේ ගෝලීය සාමන්‍ය උෂ්ණතත්වය හා සැසඳීමේ දී 2011-2020 උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1ක පමණ ඉහළ අගයක පවතිනවා. එම වාර්තාව මෙතනින්

මෙම තත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ මානය ක්‍රියාකාරම් හේතුවෙන් සිදුවන හරිතාගාර වායු විමොචනයනයයි. මෙම උෂ්ණත්ව ඉහළ යෑම බැලු බැල්මට එතරම් ඉහළ අගයක් ලෙස නොපෙනුනද ,පසුගිය වසර 2000 ක පමණ කාලයේ සියවස් දෙස බැලු විට පෘථීවියේ වැඩිම උෂ්ණත්ව වෙනසක් සිදුව ඇත්තේ පසුගිය දශක කිහිපය තුළයි.

විසිවැනි සියවසේ පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍ය උෂ්ණත්වය හා සමඟ සැසඳීමේ දී 1880 වසරේ සිට උෂ්ණත්ව වෙනස්වීම් සිදුවී ඇති ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් පහතින්.

ඉහත ප්‍රස්ථාරයේ ද දැක්වෙන ආකාරයට දත්ත අනුව පෘථිවි පෘෂ්ඨය ඉතා සීග්‍රයෙන් උණුසුම් වෙමින් පවතින අතර සෑම දශකයකට සාපේක්ෂව, ඊළඟ දශකයේ උණුසුම් වීමේ වේගය දෙගුණයකටත් වඩා වැඩි 0.32° F (0.18° C) වැනි අගයක් පෙන්නුම් කෙරෙනවා. එසේම 1880 සිට වාර්තාගත උෂ්ණත්ව සලකා බැලීමේ දී වැඩිම සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත වසරවල් දහයම වාර්තා වී තිබෙන්නේ 2010 න් පසුව වීමට පෘථිවි උෂ්ණත්වය ඉහළ යාමේ තීව්‍රතාවය පැහැදිලිවම පෙන්නුම් කරනවා. වැඩි විස්තර මෙතනින් Archived

මෙම තත්වයන් හේතුකොටගෙන, බොහෝ දෙනාගේ බලාපොරත්තු දල්වමින්, ලෝක නායකයන් එකතුවී 2015 වසරේදී අත්සන් කල පැරිස් සම්මුතිය මගින් අදහස් කළේ මේ සියවසේ සිදුවිය හැකි ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම, සෙල්සියස් අංශක 2 කට සීමා කිරීමටයි. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

කෙසේනමුත් මෙම තත්වය ළඟා කරගැනීම පහසු කාර්යයක් නොවන අතර සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි පරිසරය සුරකිමින්, Net Zero වැනි සංකල්ප වෙත ද යොමුවෙමින්, රජය, පුද්ගලික අංශ, වෙනත් සංවිධාන ඇතුළු සියලුම පර්ශවයන් ඒ වෙනුවෙන් කැපවීම අවශ්‍ය වෙනවා. 

කෙසේවෙතත් ඉදිරි වසර 10 තුළ පෘථිවි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක පමණ ප්‍රමාණයකින් ඉහළ යාමට වුව ද හැකි බවට ද ඇතැම් පර්යේෂකයන් අනතුරු අඟවනවා. University of Stanford හි පර්යේෂකයන් පිරිසක් මුලිකත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් කෘතීම බුද්ධියේ(AI) සහයෙන්ද එම පුරෝකථනය කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

නමුත් බොහොමයක් විද්‍යාඥයන් විසින් කාලගුණ මොඩල(Climate Models) ඔස්සේ ගණනය කර ඇති පරිදි දැනට සිදුවන සීග්‍රතාවයෙන්ම මානව ක්‍රියාකාරකම් සිදුකරගෙන ගියහොත්, ඒ නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයන් ද දිගටම සිදුවුවහොත්, 21 වන සියවස වන මෙම සියවස අවසාන වන විට, එනම් වසර ක්‍රිස්තු වර්ෂ 2100 පමණ වන විට, ගෝලීය උෂ්ණත්වය අද පවතින උණුසුමට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ ප්‍රමාණයකින් ඉහළ යෑමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිලිබද වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

2012 වසරේදී ලෝක බැංකු ආධාර යටතේ Postdam Insitute for Climate Impact ආයතනය සහ Climate Analytics ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක රැස්කර ගත් දත්ත ඔස්සේ ද පුරෝකථනය කර තිබුණේ ද හරිතාගාර වායු විමෝචනයන් අවම කරගැනීමකින් තොරව ඉදිරියට ගලා ගියහොත් 21 වන සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහළයා හැකි බව මෙන්ම එහි අහිතකර ප්‍රතිඵල ලෙස මුහුදු මට්ටම ඉහල යාම , අධික තාපකිරණ පෘථිවිය මත පතිතවීම වැනි බොහෝ දේ සිදුවිය හැකි බවයි. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.

හිමාලය ආශ්‍රිත ග්ලැසියර දියව යාම සලකා බැලූ කල එය මේ වන විටක් සිදුවෙමින් පවතින දෙයක්. ක්‍රමිකව සිදුවන ගෝලීය උණුසුම වැඩිවීම හමුවේ අයිස් දියව යාමේ වේගය තවදුරටත් වැඩිවිය හැකියි. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived 

ඔබට කාලගුණික විපර්යාස සහ පාරිසරික කරුණු සම්බන්ධ යම්කිසි සැක සහිත තොරතුරක් / අන්තරගතයක් ලැබුණේ නම් එය අපගේ Climate Buddy වෙත එවා WhatsApp යොමුකරන්න.

කාලගුණික විපර්යාස හා පාරිසරික කරුණු පිලිබඳව හුවමාරු වන අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු පිලිබඳව සිදුකරන විමර්ෂණ රැසක් අප සිදුකර තිබෙන අතර ඒ පිලිබඳ තොරතුරු ලබාගැනීමට Climate Fact Checks වෙත පිවිසිය හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය (Conclusion) 

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමෙන් තහවුරු වන කාරණය නම් ඉදිරි වසර 10 තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් වැඩිවිය හැකි බවට බවට පිළිගත හැකි විද්‍යාත්මක සාධක මත පදනම්වූ පුරෝකථන කිසිවක් ඉදිරිපත්ව නොමැති බවයි. කෙසේ නමුත් දැනට ඉදිරිපත්ව ඇති ඇතැම් පුරෝකථන වලින් කියවෙන්නේ ඉදිරි වසර 10-15 ක කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් පමණ ඉහළ යාමේ යම් සම්භාවිතාවක් ද ඇති බවයි. 

කෙසේවෙතත් බොහෝ පර්යේෂකයන් පවසන්නේ, දැනට පවතින වේගයෙන්ම මානව ක්‍රියාකාරම් හේතුකොටගෙන සිදුවන හරිතාගාර වායු විමෝචනයන් සිදුවුවහොත්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහළයාම මේ සියවස අවසන් වන විට පමණ සිදුවිය හැකි බවයි.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ බල මණ්ඩල හැම තැනම තියන්න පටන් අරන්! නොපෙනී ‌හිටපු පාක්ෂිකයනුත් එන්න පටන් අරන්! PHOTOS

Next Post

රාජපක්ෂලා හදපු නෙළුම් කුළුණේ ‘නෙළුම්’ ගලවන්න රනිල් ලෑස්ති වෙයි!

MORE NEWS

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

බැල්ටිමෝර් සිට කොළඹ දක්වා වූ ඓතිහාසික මුහුදු ගමනෙන් පසුව, එක්සත් ජනපදය සතුව පැවති U.S. Coast Guard Cutter Decisive නෞකාව, SLNS...

Read more
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.