“ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්” තේමාව යටතේ ලබන වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.
කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනය කළේය.