ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ‘ද මෝනින්’ පුවත්පත සමග අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවා මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.
ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෝනින් පුවත්පත කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
“ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුවීවූයේ නැහැ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පක්ෂවලට ආරාධනා කිරීමට යන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මතයවත් විමසුවේ නැහැ. ඒ කියන්නේ එතුමාට එහෙම ආණ්ඩුවක් හදන්න අදහසක් නැහැ.” යැයි ඔහු කියා සිටියේය.