යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වු ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ.
1997 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා (Siobhain McDonagh), මීලඟ මාර්තු මාසයේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.
ඇයට අනුව ප්‍රබල යෝජනාවක් ගෙන ඒමෙන්, ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට සහාය දැක්වීමේ බ්‍රිතාන්‍යයේ ස්ථාවරය ඉහළින්ම පිළිගැනීමට ලක් වෙනු ඇත.
“ශ්‍රී ලංකාවේ නොකඩවා සිදුවෙමින් පවතින මෙවන් අසාධාරණයන්ට එක්සත් රාජධානිය ප්‍රතිචාර දක්වන ආකාරය සහ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට දක්වන සහාය අනුව ජාත්‍යන්තර තලයේ අපගේ නායක කාර්යභාරය පිළිබඳ දැවැන්ත මනා අවබෝධයක් ලබා දෙනු ඇත.” ෂිවොන් මැක්ඩෝනා ට අවශ්‍යව ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම නව යෝජනාවක් ගෙන ඒමට එකඟ වීමයි. එහි දී, එම යෝජනාවට අඩංගු විය යුතු කරුණු ලෙස අවධාරණය කළ යුතු යැයි කල්පනා කරන කරුණු පාර්ලිමේන්තු කතාවේ දී ඇය මෙසේ දක්වා ඇත්තීය. “මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් මානව හිමිකම් අධීක්ෂණය කෙරෙන බව තහවුරු කෙරෙන යෝජනාවක්, මෙයට කලින් සිදු කෙරුණු එක්සත් ජාතීන්ගේ විමර්ශන මත පදනම් වී, අනාගත විමර්ශන සහ නඩු පැවරීම් සඳහා සාක්ෂි රැස්කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට වරය ලබාදෙන යෝජනාවක් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදුසු විකල්ප පිළිබඳ වාර්තාවක් පිළියෙළ කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිනු ලබන්නාවු යෝජනාවක්,” යනාදී ලෙසිනි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තම රට විසින් මීට පෙර දී පෙන්නුම් කර ඇති පරිදි තම ගෝලීය නායකත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට මාර්තු මාසයේ දී එළඹෙන මෙම අද්විතීය අවස්ථාව පාවිච්චි කරන බවට සහතික වන ලෙසත්, එමගින් සිය ජාතිය සැබවින්ම ගෝලීය බ්‍රිතාන්‍යයම බව ජාත්‍යන්තර වේදිකාවට පෙන්වීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරිය ආණ්ඩුවට දැඩි ලෙස කියා සිටී.









