ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වැඩ බාර ගත්තේය.
මෙම වැඩ බාර ගැනීමේ උත්සවය අභිමානවත් ලෙස සංවිධාන කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණ.
එහිදී උත්සව සභාව ඇමතූ මුසම්මිල් මහතා මෙසේද කීය.
‘මම ඌව පළාතේ 13 වන ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගත්තා. නැවත වරක් ජනතාවට සේවය කිරීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්, සතුටක්. මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම අතිගරු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මගේ උපරිමයෙන් ඌව ජනතාවට සේවය කරන බවට අද දින ප්‍රතිඥා දෙනවා.’
මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, ඌව ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය සහ පළාතේ රාජ්‍ය ආයතන වල නිළධාරීන් එක්ව සිටියහ.














