තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 5ක් සහ පළමුවරට නියෝජ්‍ය අමාත්‍ය ධූර 5ක් වශයෙන් මෙම අමාත්‍ය ධූර බෙදී යනු ඇති බව දැනගන්නට තිබේ.
තනතුරු නොමැතිව සිටින ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට සහ ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකුට මෙම අමාත්‍ය ධූර හිමිවීමේ ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.










