20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පවා පාර්ලිමේන්තුවට පිවිසීමේ සම්භාවිතාවක් ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදා වුවහොත් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පවා පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාවක් උදා විය හැති බවකි.
එසේ වුවහොත් එයය බරපතළ තත්ත්වයක පෙරනිමිත්තක් විය හැකි බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.










