• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුවා මැරුව සයිමන්ලා! දැං ඉන්නෙ මාටින්ලා! මොකක් ද මේ පොලිස් කෝලම? Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මුවා මැරුව සයිමන්ලා! දැං ඉන්නෙ මාටින්ලා! මොකක් ද මේ පොලිස් කෝලම?  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැබ්බර මුව දෙනක් ඝාතනය කිරීමේ සිද්ධියක් පහුගිය දිනක ඉතාම ආන්දෝලනාත්මකව වාර්තා වුණා. ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් තමන්ගේ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සිද්ධ වෙච්ච යම් සිදුවීමකට සම්බන්ධව පුද්ගලයන්ව අල්ලගෙන, ඔවුන්ව බැඳලා පොලිසියට භාරදුන්නා. ඔවුන් කරපු වරද විදිහට මේ අය කිව්වේ ගැබ්බර මුව දෙනක් ඝාතනය කිරීම. ගැබ්බර මුව දෙන ඝාතනය කළ බවට අවශ්‍ය කරන සාක්ෂි සියල්ලමත් එක්ක තමයි ඔවුන් මේ පුද්ගලයන්ව පොලිසියට භාර දුන්නේ. පොලිසිය සහ වනජීවී නිලධාරීන් මේ ස්ථානයට ආවා. ඒ අය අතර වචන හුවමාරුවක් එහෙම සිද්ධ වෙන ආකාරය අපි දැක්කා වීඩියෝ පටවල. විවිධ අවස්ථාවල විවිධ විවිධ දේවල් සිද්ධ වෙන ආකාරයේ ජවනිකා අපිට හොයාගන්න පුළුවන් වුණා. වනජීවී නිලධාරීන්ට සැකකරුවන් භාරදෙන්න කියලා ඔවුන් ඉල්ලුවත්, වනජීවී නිලධාරීන්ට සැකකරුවන් භාර නොදෙන ස්වභාවයකුත් අපි දැක්කා. ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙක් මේ සිද්ධියට මැදිහත් වෙලා, සැකකරුවන් සහ සැක භාණ්ඩ පොලිසියට භාරදෙන ලෙස තර්ජනය කරපු බව දැනුම් දුන් බවත් සඳහන් වෙලා තිබුණා. ඒ වගේම පොලිසිය මේ සිද්ධියේ අතරතුරේදී ‘මගදි හම්බවෙයිනේ, එතකොට බලාගමු’ යැයි තර්ජනය කළ ඇති බවත් දැන් තැනින් තැන කියැවෙන කතාවක් බවට පත්වෙලා තියෙනවා. Sri Lanka Latest News

මේ කාලය අලි ඇත්තු ඝාතනය කිරීම් සහ විවිධ සත්ව හිංසන සම්බන්ධව රටම අවධානයෙන් ඉන්න කාලයක්. පොලිසියට සම්බන්ධ නිලධාරීන් ටී 56 හෝ එවැනි ආයුධ යොදාගෙන මේ විදිහට සත්තු මරලා, ඒ අයගේ මස් කනවා හෝ මස් විකුණනවා නම් මේ සම්බන්ධව ජනතාවට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ රාජකාරිය ඉෂ්ට වෙන්නට කුමන හෝ පරිසරයක් නිර්මාණය විය යුතුයි. ඒ පරිසරය නිර්මාණය කිරීමේ උවමනාව අපි දන්නවා ගම්වැසියන්ට තියෙනවා. ඇත්තටම ගම්වැසියන්ට තමයි මේ සත්තුන්ගෙන් කරදර තියෙන්නේ. තමන්ගේ හේන තමයි මේ මුවෝ කන්නේ. තමන්ගේ හේන, තමන්ගේ කෙසෙල් ගස් ටික, තමන්ගේ පොල් ගස් ටික තමයි අලි කන්නේ. අලි ගහලා මැරෙන්නේ තමන්ව. තමන්ගේ ගමේ මිනිස්සුන්ව. හැබැයි ඔවුන් ඒ වෙලාවට සතාට බැන්නට, සතා එක්ක සටන් කළාට, සතාට වෛර කළාට, ඒක ටික වෙලාවකින් ඉවර වෙලා ගිහිල්ලා සතාගේ පැත්ත අරගෙන සතා වෙනුවෙන් පෙනී හිටිනවා බොහෝ වෙලාවට. වනජීවී නිලධාරීන් කියන්නේ වනජීවී නිලධාරීන්ට කොහොමටත් තාමත් තමන්ගේ පිරිස් බලය මදි කියලා මේ අයත් එක්ක මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න.

තව දේකුත් තියෙනවා. ඇත්තටම මහජනතාවට අයිතියක් නැහැ නීතිය අතට ගන්න. ඔවුන්ට පුද්ගලයෙක් අල්ලගන්න පුළුවන් වුණාට අල්ලගෙන ඔහුට ගහන්න බැහැ. යම් පහරදීමක් සිද්ධ වෙලා පුද්ගලයෙක් මියගියොත්, ඔහු අපරාධයක් කරපු කෙනෙක්ද, ඔහු වරදකරුවෙක්ද, ඔහු සැකකරුවෙක්ද, ඔහු හරිද වැරදිද කියන කතාව අදාළ වෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම පැත්තක තියලා මේ වෙලාවේ පොලිසිය හේනට ඇවිල්ලා ගංජා හොයන්නයි, පාරේ යද්දී අල්ලලා කූඩු කරන්නයි, විවිධ දඬුවම් කරන්නයි උත්සාහ කරන බවට මේ අය චෝදනා කරනවා. දැන් වරදකරුවන් අල්ලා ගැනීමත්, වරදකරුවන් හොයාගැනීමත් කරපු ගමේ මිනිස්සු එක පැත්තක ඉද්දි, පොලිසිය තව පැත්තකට හැරුණොත් අපිට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව කියලා තමයි.

මිනිස්සු නීතිය අතට ගන්නේ, නීතිය අතේ තියෙන අය නීතිය රකින්නේ නැති නිසා. පොලිසිය වැරදි කරනකොට, පොලිසියට එරෙහිව වරදකරුවන් අත්අඩංගුවට ගන්න ගමේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඇත්තටම පොලිසියේ රාජකාරිය වෙන්නේ ගමේ මිනිස්සු වැරදි කරනකොට අත්අඩංගුවට ගැනීම. මුවා මැරුවා නම්, මුවා මැරිලා නම්, වෙඩිතියලා නම්, පැහැදිලි නම් මේ ඔක්කොම, ඒකට සම්බන්ධ මිනිස්සු පොලිස් නිලධාරීන්ද, හමුදා නිලධාරීන්ද, දොස්තර මහත්තුරුන්ද, ඉංජිනේරුවොද, මාධ්‍යවේදියොද, ගුරුවරුද කියන එක අදාළ වෙන්නේ නැහැ. වරද වරදමයි. පොලිසියට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා, ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න. මේ විදිහට දිගින් දිගටම මේ මිනිස්සුන්ට වද දෙනවා නම් මුළු රටම ඒ මිනිස්සුත් එක්ක හිටගන්නවා. අපි මේ කොල්ලෝ කෙල්ලන්ව දැකලවත් නැහැ. මේ ගමේ මිනිස්සුන්ව අඳුරන්නෙත් නැහැ. කොහෙවත් හිටපු අපිත් දැන් මේ මිනිස්සුත් එක්ක හිටගන්න පටන් අරගෙන ඉවරයි.

නෝනාවරුනි, මහත්වරුනි තරහ වෙන්න එපා. අපි හොඳින් හෝ නරකින් මේ සටනේදී මේ මිනිස්සුත් එක්ක ඉන්නවා, එකතු වෙනවා. මේ සටන සැබෑ මහජන සටනක් බවට දැන් පරිවර්තනය වෙන බව අපිට පේනවා. එතකොට මේ විදිහට මේ විදිහට මේ සියලු දේවල් සිද්ධ වෙනවා නම් අපිත් මුළු රටමත් එක්ක බලාගෙනයි ඉන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තරුණ සේවා සභාවේ – වෙන්න යනවද අභාවේ! Sri Lanka Latest News

Next Post

චිචීගේ රොකට් එක පැලවත්තට වැටිලද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper