• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණ සේවා සභාවේ – වෙන්න යනවද අභාවේ! Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තරුණ සේවා සභාවේ – වෙන්න යනවද අභාවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික තරුණ සේවා සභාව කියලා කියන්නේ ලංකාවේ තියෙන ඉතා වැදගත් ආයතනයක්. මේ ජාතික තරුණ සේවා සභාව හදන්නේ ලංකාවේ තරුණ තරුණියන්ට සමිති සමාගම් එක්ක එකතු වෙලා තමන්ගේ අනාගතය පිළිබඳ යම් යම් තීන්දු ගන්න පුළුවන් තැනක් විදිහට. තරුණ සේවා සභාව රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක්. රනිල් වික්‍රමසිංහ තරුණ සේවා සභාව හැදුවට තරුණ සේවා සභාව කිසිම වෙලාවක දේශපාලනීකරණය කළ බවක් අපි දන්නේ නැහැ. තරුණ සේවා සභාව කාලයක් තිස්සේ ඉතාම විරාජමානව වැජඹුණා. තරුණ සේවා සභාවට අනුයුක්ත ආයතන රාශියක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ අතර බෙල්වුඩ් එක, ඒ වගේම මහරගම යූත් එක, මේ හැමදේම තරුණයන් අලුත් ඉමකට ඔසවා තබන්න සමත් වෙච්ච තැනක්. බෙල්වුඩ් එකෙන් ලංකාවේ කලාකාරයෝ විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයේ මුල් පිටු පෙරළගත්තා. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේ තමන්ගේ ජීවිතයේ මුලින්ම රංගනයේ යෙදුණු, රඟපාපු ශිල්පීන් අද විශාල ප්‍රමාණයක් ලංකාවේ වේදිකාවේ, ලංකාවේ ටෙලිනාට්‍යවල, ලංකාවේ චිත්‍රපටවල ඉන්නවා.Sri Lanka Latest News

ඒ අතරතුරේ ජාතික තරුණ සේවා සභාවට විවිධ අවස්ථාවල චෝදනා එල්ල වුණා. එහෙම එල්ල වෙන්නේ තරුණ සේවා සභාවට පත්වෙච්ච විවිධ සභාපතිවරුන් විසින් විවිධාකාර හොර මගඩි, තක්කඩි වැඩ, වංචා, දූෂණවල යෙදුණා කියලා. අපි දකිනවා පහුගිය කාලේ ජාතික තරුණ සේවා සභාවේ ඉන්න විවිධ නිලධාරීන්ව කෝප් කමිටුව ඉදිරියට ගෙනල්ලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔවුන් උත්සවවලට වියදම් කරපු විදිහ ඒ අවස්ථාවල එළිදරව් වෙනවා. කෝටි ගණන් මුදල් අයථා ලෙස පරිහරණය කරපු කතා එළියට එනවා. ඒ වගේම අපි දැක්කා නාමල් රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ නාමල් එක්ක දීග කාපු සමහර සභාපතිවරු ගැන කතාවෙනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවෙන් වියදම් කරලා දේශපාලන කටයුතුවලට මැදිහත් වුණු ආකාරයත් අපිට පහුගිය කාලේ දකින්න අහන්න ලැබුණා. කොහොම වුණත් ජාතික තරුණ සේවා සභාව ඉතාම විධිමත් ආයතනයක් විදිහට කාලයක් තිස්සේ පවත්වාගෙන ගියා. ජාතික තරුණ සේවා සභාවේ තියෙන පහළම තැන තමයි ගමේ තියෙන තරුණ සේවා සභාවේ ශාඛාව. මේ ගමේ යෞවන සමාජය පිහිටුවන එක තමයි මේ වැඩේ මුලින්ම වෙන්නේ. ගමේ යෞවන සමාජයෙන් ඉහළට ගියපු අය දිස්ත්‍රික් බලමණ්ඩලයට පත්වෙනවා. දිස්ත්‍රික් බලමණ්ඩලයේ ඉන්න අයගෙන් ජාතික බලමණ්ඩලය පත්කරනවා.

එක කාලයක් අපි දැක්කා යොවුන් පාර්ලිමේන්තුව කියලා එකකුත් අපේ රටට අරගෙන ආවා. ඒක ඇත්තටම එක අතකින් නටපු නැටුමකුත් නැති, බෙරේ පලුවකුත් නැති ගොන් පාට් එකක් කියලා වෙලාවකට අපිට හිතෙනවා. මේ අයගෙන් පත්වෙච්ච දේශපාලකයෝ ගැන අපිට අහන්න දකින්න නැහැ. හැබැයි කොට්ටහච්චි නෝනලට මතක නැති වුණාට කොට්ටහච්චි නෝනලත් පහුගිය කාලේ සමහර දේශපාලන කණ්ඩායම් එක්ක තරුණ කණ්ඩායම් එක්ක දීග කාපු බවට වීඩියෝ සමහර තැන්වල පළවෙනවා. අපි දන්නේ නැහැ ඒවා ඒ.අයි.වලින් ජෙනරේට් කරපුවද කියලා. දැන් ඉස්සර වගේ නෙමෙයි. කොයි දේටත් ලේසියෙන්ම ඒ.අයි.වලින් ජෙනරේට් කළා කියලා ඇඟ බේරගන්න පුළුවන්කම තියෙනවා.

‘මහාරාජාණෙනි’ ගීතය ගායනා කරන ස්ථානවලත් සමහර දේශපාලකයෝ, සමහර දේශපාලනයට සම්බන්ධ කාන්තාවෝ අත්වැල් ගායනා කරන ආකාරය අපි දැක්කා. ඒවා ගැන ඉතින් අපි ඕනෑවට වඩා කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවා අපේ රාජකාරිය නොවෙන හින්දා. කොහොම වෙතත් තරුණ සේවා සභාව පහුගිය දවස්වල දේශපාලනීකරණයට ලක්කළා කියලා අපේ රටේ ලොකු චෝදනාවක් තිබ්බා. තරුණ සේවා සභාවේ විවිධ ආයතන, විවිධ තැන්වල විවිධාකාරයෙන් තමන්ගේ දිස්ත්‍රික් බලමණ්ඩල, ප්‍රධාන බලමණ්ඩල පිහිටුවද්දී හිතාගන්න බැරි විදිහට ලොකු ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්න ඉතාම නරක අතට රටට බලපාන බව තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද රටේ තාරුණ්‍යය මේ විදිහට අසන්තෘප්තව නම් ඉන්නේ ඒක රටට ලොකු ප්‍රශ්නයක්.

ජාතික තරුණ සේවා සභාවේ ආරම්භය ගැන හරියටම කිව්වොත් 1979 වර්ෂයේ තමයි ජාතික තරුණ සේවා සභාව ආරම්භ වෙන්නේ. අංක 69 දරන ජාතික තරුණ සේවා සභා පනත මගින් ජාතික තරුණ සේවා සභාව පිහිටුවූ බව, තරුණ සේවා සභාවේ ඉතිහාසය හොයලා බලද්දි අපිට දැනගන්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ අභිවෘද්ධිය උදෙසා රාජ්‍ය ආයතනයක් ලෙස මෙය පටන් අරගත්ත බව ඔවුන් සඳහන් කරනවා. කෙසේ වෙතත් 2021 වසර වෙනකොට ජාතික තරුණ සේවා සභාව ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තිබුණු බවත්, මහරගම ප්‍රධාන මූලස්ථානය හා සම්බන්ධ පළාත් කාර්යාල නවයක්, දිස්ත්‍රික් කාර්යාල 25ක්, පුහුණු මධ්‍යස්ථාන 54ක් සහ ප්‍රධාන ගොවිපළ 19ක් ජාතික තරුණ සේවා සභාවට අයිතිව තිබුණු බව ඒ පිළිබඳ ඉතිහාස කතාව සහ වර්තමාන කතාව පිළිබඳ සඳහන් කරන තැන්වල සඳහන් වෙලා තිබුණා.
තරුණ සේවා සභාවේ මෙහෙවර මොකක්ද? දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොටගෙන ජීවිත අභියෝග සඳහා මුහුණ දීමට ශ්‍රී ලාංකීය තරුණයා සවිබල ගැන්වීම සඳහා පහසුකම් සැපයීම. දැන් ඒකද මේකෙන් ඉෂ්ට වෙන්නේ?

තරුණ සේවා සභාවේ අරමුණු කීපයකුත් තියෙනවා. ඉතින් අරමුණු විශාල ප්‍රමාණයක් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒ අතර තියෙනවා එක් එක් තරුණයාගේ ආවේණික ලක්ෂණ වර්ධනය කිරීම, තරුණ සේවා ව්‍යාප්ත සැලසුම් කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රවර්ධනය කිරීම, මෙහෙයවීම, තරුණ සංවිධාන පිහිටුවීම, තරුණ සුබසාධනය හා දැනටමත් පිහිටුවා ඇති සංවිධානවලට සහාය වීම වගේ කරුණු විශාල ප්‍රමාණයක් සඳහන් වෙලා තියෙනවා. ක්‍රීඩාව, ආබාධිත තරුණයන්, ඒ වගේම රටේ ආර්ථිකයට තරුණයන් දායක කරගැනීම වගේ විශාල ප්‍රමාණයක් අරමුණු ඔවුන් සඳහන් කරලා තියෙනවා.

ජාතික තරුණ සේවා සභාව මේ ඇවිල්ලා තියෙන්නේ නිකම්ම නිකම් ගමනක් නෙමෙයි. ජාතික තරුණ සේවා සභාවට විවිධ අවස්ථාවල විවිධ සංකල්ප එකතු වෙලා තියෙනවා. 1968 වර්ෂයේදී මේ තරුණ සේවා සභා පනත සංශෝධනය වෙනවා. ඒ වගේම 1979දී අංක 69 දරන ජාතික තරුණ සේවා පනත ආයෙත් අලුතින් කරළියට එනවා. ජාතික තරුණ සේවා සභාවේ පනත් කෙටුම්පත් හරහා මේ ජාතික තරුණ සේවා සභාව ගැන තියෙන කයි කතන්දර විවිධ අවස්ථාවලදී අලුත් වෙනවා. ඒ වගේම 1980 ජනවාරි මාසේ දෙවැනි දින 69/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික තරුණ සේවා සභාවේ 34 වැනි වගන්තියෙන් රෙගුලාසි මාලාව එහෙම වෙනස් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම 1990දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාවට අන්තර්ග්‍රහණය කිරීමත්, 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා යූත් සංකල්පය ආරම්භ වීමත්, ජාතික තරුණ සේවා සභා සංකල්පයත් එක්ක බොහොම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට වෙලා තියෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධානියා වෙන්නේ සභාපති නැත්නම් අධ්‍යක්ෂ ජනරාල්. ඔහු යටතේ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ප්‍රධාන අභ්‍යන්තර විගණන, ඒ වගේම අධ්‍යක්ෂ පාලන, අධ්‍යක්ෂ මුදල්, අධ්‍යක්ෂ සංවර්ධන, අධ්‍යක්ෂ කාර්මික සහ වෘත්තීය පුහුණු කියලා ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් ඉන්නවා. ඊට පස්සේ සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, ඊට පස්සේ සහකාර අධ්‍යක්ෂවරු, මේ විදියට බොහොම ලොකු වපසරියක් යටතේ මේ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරී මණ්ඩලය බෙදිලා, වෙන්වෙලා ගිහිල්ලා ඉන්නවා.

තරුණ සේවා සභාවේ සභාපතිවරු නිතර දෙවේලේ පත්වෙන බව අපි දන්නවා. ඉතින් ඒ අයට විවිධාකාරයේ චෝදනා පහුගිය කාලේ එල්ල වුණා. ඒ අයව විවිධාකාරයේ කාරණා මත ඔවුන් අභියෝගයට ලක්වුණු ආකාරය අපි දැක්කා. මේ හැමදේමත් එක්කම තරුණ සේවා සභාව දේශපාලනීකරණය වෙලා කියලා බරපතළ චෝදනාවක් තැන් තැන්වල ඉන්න තරුණයෝ නැගිටලා කියනවා. දයාසිරි ජයසේකර මේ සම්බන්ධව තර්කයක් මතු කරමින් කියනවා ඡන්දෙන් පැරදිච්ච ගොඩ දෙනෙක් අද මේවායේ තනතුරු තානාන්තරවලට පත්කරලා තියෙනවාය කියලා. ඒ වගේම ඡන්දෙන් පැරදුණු අය මේ විදිහට තරුණ සේවා සභාවේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව සටන් පාඨ කියන බවත් තවත් කණ්ඩායමක් විසින් පැහැදිලි කරලා තිබුණා. අපි දන්නේ නෑ කවුරු කොහොම මොනවා කොයි විදිහට කියනවාද කියලා. නමුත් වැදගත් වෙන්නේ යෞවන සමාජ පිහිටුවීම. යෞවන සමාජ ලංකාවේ ආසන්න වශයෙන් අපි අහලා තියෙනවා මුළු රට පුරාම විශාල ප්‍රමාණයක් පිහිටුවා ඇති බව. සාමාන්‍යයෙන් සමහර දිස්ත්‍රික්කවල යෞවන සමාජ දහස ඉක්මවා පිහිටුවපු අවස්ථා අපි දැක්කා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල යෞවන සමාජ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල යෞවන සමාජ සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේවා තමයි රටේ තරුණ තරුණියන්ගේ ශක්තිය. ඒ නිසා මේ අය මේ කියන විදිහට දේශපාලනීකරණයට ලක්කරනවා නම් ජාතික තරුණ සේවා සභාව, ඒක වැරදියි. ඒක මේ අයට කලින් අය කළා නම් ඒත් වැරදියි. හැබැයි මේ අයට කලින් අය කළා කියලා මේ අයට එහෙම කරන්න අයිතියකුත් නැහැ.
අපි දැක්කා එක තැනකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා මේ විදිහට ගිහිල්ලා මේ ගමේ හැම සමිතියක්ම, මහිලා සමිතිය පවා, මරණාධාර සමිතිය පවා තමන්ගේ ග්‍රහණයට අරගෙන පන්සලේ ලොකු හාමුදුරුවොත් පක්ෂෙන් පත්කරන තැනට පත්වෙයි ඉස්සරහට කියලා. අපි එහෙම කියන්නේ නෑ. එහෙම කියන්නේ සජිත් ප්‍රේමදාස. කොහොම වෙතත් තරුණ සේවා සභාව කියලා කියන්නේ රටේ වත්කමක්, රටේ යුතුකමක්, රටේ ප්‍රමුඛ කාර්යභාරයක්. ඒ නිසා මේ තරුණ සේවා සභාවේ ඉහළම නිලය කෙසේ වෙතත් පහළම නිලතල ටිකටවත් දේශපාලනීකරණය නොවී ඉන්න දෙන්න කියලා අපි බොහොම ආදරයෙන් ඉල්ලනවා. වටිනාකම දන්න කෙනෙක් විදිහට ජාතික තරුණ සේවා සභාවේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී හමුවක්! මෙන්න සජිත් රට වෙනුවෙන් ඉල්ලපු එකම දේ! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

මුවා මැරුව සයිමන්ලා! දැං ඉන්නෙ මාටින්ලා! මොකක් ද මේ පොලිස් කෝලම? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.