ඝාතනය වීමට ප්‍රථම මාකදුරේ මධූෂ් විසින් මහා පරිමාණ වශයෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයන් සිව් දෙනකුගේ නම් හෙළි කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.
අදාළ වීඩියෝවේ මධුෂ් හා කිසිවකු අතර දුරකතන සංවාදයක් සිදුවන අතර එහිදී මෙම හෙළිදරව් කිරීම සිදු කොට ඇත.
එමෙන්ම තමන් පාතාල ලෝකයට පිවිසි ආකාරයද, ඊට බලපෑ හේතුද මෙහිදී මධූෂ් විසින් අනාවරණය කරන බවක් දැකගන්නට තිබේ.
මෙම වීඩියෝවේ සත්‍යඅසත්‍යතාව පිළිබද මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් එම වීඩියෝව අසත්‍ය එකක් බවට මෙතෙක් වගකිවයුතු පාර්ශ්වයන් විසින් තහවුරු කොට නොමැත.
(මෙම වීඩියෝව අප වෙබ් අඩවිය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 21 වන දින පළ කළ අතර පාඨකයන්ගේ ඉල්ලීම පරිදි මෙය නැවත වතාවක් මෙසේ පළ කිරීමට කටයුතු කරමු.)