පක්ෂ අර්බුද එළියට දමා ආණ්ඩුව සහ මාධ්‍ය රට ඇතුළේ ඇති සත්‍ය අර්බුද සියල්ල වසා දමන බවත්, මේ වනවිට ආණ්ඩුව බිලියන 263ක ණයක් ගැනීමට කටයුතු කරමින්ව සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අනාවරණය කළේය.
මීට අමතරව ආණ්ඩුව මුදල් අර්බුදයක සිටින බවත්, අගමැතිවරයා විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කොට ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව ආණ්ඩුව අසමත් දින 100ක් පසුකොට ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.










