
මාධ්‍යවේදී හසිත කුරුප්පු රචනා කළ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ කෘතිය දොරට වැඩීම 2025 මාර්තු 08 වැනි සෙනසුරාදා (ජාත්‍යන්තර කාන්තා දිනය දා) සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ New Wing Auditorium හිදී සිදුකෙරේ. Sri Lanka Latest News
මහාචාර්ය සරත් විජේසූරිය මහතා කෘතිය පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන අතර, ප්‍රාසාංගික අංග රැසකින්ද උත්සවය සමන්විත වේ.
ජීවිතය දිනූ මිනිසුන්ට සෙවණෑල්ල සේ ළඟින් හිඳ හයිය දුන් බිරින්දෑවරුන් කියන කතා ඇතුළත් මෙම කෘතිය සරසවි ප්‍රකාශනයක් වන අතර, තෘප්ති ඉවෙන්ට්ස් ඉදිරිපත් කිරීමකි.
‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ ග්‍රන්ථය දොරට වඩින අවස්ථාවට සහභාගි වන ලෙස, හසිත කුරුප්පු සහෘද ඔබ සැමට ඇරයුම් කර සිටියි.










