වත්මන් රජය බදු ගැසීමේ සුපිරි කණ්ඩායම් බවට පත් වෙන්න කටයුතු කරමින් සිටින බවත් වැට් බදු පමණක් නොව තවත් සෘජු හා වක්‍ර බදු රැසක් ජනතාවගේ හිසමත කරපිට පටවන ජනපීඩිත ජනතාව අසරණ කරන රජයක් ඇති බවත් සේවා අපනයන ක්ෂේත්‍රයට 15%ක නව බද්ධක් පනවා ඇති බවත් අප රටේ ඩොලර් හිගතාවට විසදුමක් වන්නේ අපනයන ප්‍රවර්ධනය වුවත් අපනයන ප්‍රවර්ධනය කරනවා වෙනුවට අපනයන වැට්ටවීම සදහා බද්දක් පැනවීම අසාධාරණ බවත් රටේ ආර්ථික තත්ත්වය පිළිබදවත් රටේ ඇති ඩොලර් ගැටලුව හා විදේශ සංචිත පිළිබද අංශූ මාත්‍රයක දැනුමක් නොමැති වීම නිසා මෙවැනි අසාධාරණ බද්දක් පනවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අනුරාධපුර අටමස්ථාන වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙවැනි බදු පැනවීම තුළ මුදල් විශ-ුද්ධිකරණය ද ප්‍රබල වී රටට අහිතකර වන බවත් උන්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා මුදල් ගනුදෙනු සිදුවන විට අප රටට ලැබෙන ආදායම විදේශ විනිමය නැතිවන බවත් කර්මාන්ත ඇමතිවරයා ලෙස හදුන්නෙත්ති ඇමතිවරයා මෙම බද්දට විරුද්ධ යැයි කියන බවත් ඔහු මෙම බද්දට විරුද්ධ නම් කැබිනට් එකේ ඉන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් තවදුරටත් රටේ ජනතාව මංමුලා කරන තරුණයන් අසරණ කරන තරුණයන්ගේ මුදලටත් පිට්පොකට් ගහන ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දක්ෂයන්ට අපේ දොරටු විවෘතයි
හොද දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති කණ්ඩායමක් සමග එකතු වෙන බවත් එය එක පක්ෂයකට නාමයකට පමණක් සීමා නොවන බවත් පළාත් පාලන මැතිවරණයේ දී දක්ෂම අපේක්ෂකයා ලෙස ප්‍රතිපත්තිය මත පිහිටා ඕනෑම පක්ෂයට දොරටු විවෘත කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
උසාවි අස්සේ වෙඩි තියා ගන්නෙ කාගේ ආතතියට ද?
උසාවි අස්සේ වෙඩි තියා ගන්නෙ කාගේ ආතතියට ද කියා ගැටලුවක් ඇති බවත් මේ ජාතික ආරක්ෂාව ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ කතා කරන විට කතානායක මයික් විසන්දි කරන බවත් රටේ මේ ගැන බරපතල ගැටලුවක් ඇති බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු රැසක් ඇති බවත් ඒවා අවබෝධ කර ගැනීමට හා විසදුම් දෙන්න රජයට නොහැකි නිසා විවිධ තහංචි පනවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පැහැදිලිවම රජය ජනතාව නොමග යවමින් යන බවත් කියන්නා කෙසේ කීවත් අසන්න බුද්ධියෙන් ඇසිය යුතු බවත් එද කියපු දේ අද රාජ්‍ය බලය සහිත රජය ක්‍රියාත්මක කිරීම වගකීම බවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගැටලුවත් එවැනි දෙයක් බවත් රජය මේවා කරනකම් ජනතාව මේ ගැන දැනුවත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


















