ඉදිරියට ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන බවත් ඉදිරිපත් වන එකම අපේක්ෂකයා සමගි ජන බලවේගයේ නායකයා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.
ජනාධිපතිවරණවලට පොදු අපේක්ෂකයින් යොදාගෙන ඉතිහාසයෙදි අත්විඳි තත්ත්වයන් රටම දන්නා බව පැවසු ඒ මහතා මින් ඉදිරියට එවැන්නක් සිදුනොවන බවද පැවසීය.
මේ අතර පාස්කු ප්‍රහාරයේදී සහරාන්ට එහා ගිය මහ මොළකරුවෙක් පිළිබඳව කියවෙන බවත් වහාම ඔහු රටට හෙළි කළ යුතු බවත් ඒ මහතා කීය. දැරණියගල පැවති 46වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී මේ බව කීය.










