ශ්‍රී ලංකාවේ මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බූදය හේතුකොටගෙන ලබා ගෙන ඇති ණය පියවීමේදී යම් සහන කාලයක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව අවම වශයෙන් වසර 3ක කාල සීමාවක් ලබා දෙන ලෙසත්, ආරම්භයක් වශයෙන් ඉන්දීය රජයෙන් එවැනි සහනයක් ලබා දුනහොත් චීනය ඇතුළු අනෙක් රාජ්‍යයන්ද එවැනි සහනයක් ලබා ගැනීම සදහා එකග කරවා ගැනීමට හැකි බවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇති බව දැනගන්නට ඇත.
පසුගිය ආණ්ඩුව රටේ ආර්ථිකය හිගන තත්ත්වයට ඇද දමා ඇති බව මෙහිදී පෙන්වා දී ඇති අගමැතිවරයා වත්මන් රජය ක්‍රමානුකූලව එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නා බව සදහන් කර තිබේ.










