මාතර, පිටබැද්දර, පහුරුතොට හා සියඹලාගොඩ බටහිර ගම්මාන යා කරමින් නිල්වලා ගඟ හරහා රුපියල් කෝටි ගණනාවක් වැය කොට තැනූ පාලම 2017 ගංවතුරින් ගඟට කඩා වැටිලා.
කඩා වැටුණු පාලමත් සමග පවුල් 3000ක දහස් ගණනක බලාපොරොත්තු වතුරේ ගියේ ජනජිවිතය අකර්මණ්‍ය කරමින්.
ගම්වාසීන් කිඹුල් තර්ජනය මැද්දේ නිල්වලා ගංගාවේ ජලය වැඩිවූ විට දැඩි ජලපහර මැද කම්බියක් ආධාරයෙන් උණබට පහුරෙන් නිල්වලා ගංගාව තරණය කිරීම ඉතාම අවධානමක් බවත් එවැනි දිනවල පාසල් ඇතුළු සිය දෛනික කටයුතු ඇණහිටන බවත් ගම්වාසීන් පවසනවා.
ඔවුන්ගේ එකම ඉල්ලීම එගොඩ මෙගොඩ ගමන් කිරීමට පාලමක් සකස් කර දෙන ලෙසයි.