මාතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දී ඇති මංගල සමරවීර මහතා ජන්ද සටනින් ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
පෞද්ගලික හේතු කිහිපයක් මත මෙසේ සමරවීර මහතා ජන්ද සටනින් ඉවත් වන බව මව්රටට වාර්තා වී තිබේ.
ඒ අනුව ජන්ද සටනින් ඉවත් වී මාතර දිස්ත්‍රික්කයෙන් තරග වදින රෙහාන් ජයවික්‍රම මහතා හට සහාය පළ කිරීමටද මංගල සමරවීර මහතා තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම ගියද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වෙනුවෙන් දිගටම පෙනී සිටීමටද සමරවීර මහතා තීන්දු කර ඇති බව වාර්තා වේ.











