• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන්දයේ ආසන බෙදෙන හැටි (රාජ්‍ය රහස්)

August 4, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 6 mins read
A A
මහජන්දයේ ආසන බෙදෙන හැටි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මේ ගෙවෙන්නේ මැතිවරණ සමයේ පුණ්‍ය කාලය යැයි කිවහොත් වඩාත් නිවැරැදිය. එහිදී සියලු අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු අතහැර නිහඬව කාලය ගත කළ යුතුය. එම නිහඬ දින තුනෙන් පසු රටේ ජනතාව බදාදා දිනයේදී ඊළඟ වසර 5 භාරදෙන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කරනු ඇත. ප්‍රධාන පාර්ශ්ව සියල්ලන්ම සිටින්නේ පාර්ලිමේන්තුව සතු වැඩි බලය තමන් සතුකර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තවය. සියල්ලන්ගේම බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ තම ගොඩ වැඩිකර ගැනීමටය.

බැසිල්ගේ මත විමසුම

ලබන බ්‍රහස්පතින්දා දිනය වන විට ආණ්ඩු බලය ලබාගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න නිශ්චිත වශයෙන් තීරණය වීමට නියමිත වුවත් පසුගිය සතිය වන විට ඒ සම්බන්ධයෙන් වන අනාවැකි බොහෝ දෙනා විසින් පළකිරීමට පටන්ගෙන තිබිණ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පාර්ශ්වයන් කිහිපයක් විසින්ම සිදුකරනු ලැබූ සමීක්ෂණ කිහිපයකම තොරතුරුද පසුගිය සතිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තැන් තැන්වල කතාබහට ලක්වෙමින් තිබිණ. ප්‍රධාන දේශපාලන පක්ෂවලින්ද ස්වාධීන කණ්ඩායම්වලින්ද මෙම ජනමත සමීක්ෂණ සිදුකර තිබූ අතර, පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ මෙම මතවිමසුම්වල ප්‍රතිඵලයන්ය. එමෙන්ම මෙම මතවිමසුම්වල ජනප්‍රියම එක බවට පත්ව තිබුණේ වෙන කාගේවත් මත විමසුමක් නොව බැසිල් රාජපක්ෂගේ මත විමසුමය. සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බැසිල් විසින් සිදුකරනු ලබන මත විමසුම් සියයට 99ක්ම නිවැරැදි යැයි කියාය. ඊට හේතු වී ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කර බැසිල් විසින් සිදුකරනු ලැබූ මත විමසුම් ඉතාම නිවැරැදි ප්‍රතිඵල ලබාදී තිබූ නිසාය.

පළමු මතවිමසුමේ 137ක්

ඒ අනුව මෙවර බැසිල් විසින් සිදුකරනු ලැබ තිබූ මත විමසුමේ ප්‍රතිඵලය ලෙස පසුගිය සතිය ආරම්භය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කියැවුණේ ආණ්ඩුවට ආසන 137ක් ලබාගත හැකි වෙතැයි කියාය. එවිට ඉතිරි වන ආසන 88 විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර බෙදීයනු ඇති බවත්, ඉන් දෙමළ ජාතික සන්ධානය ආසන 15ක් ගනු ඇති බවත්, ජවිපෙට ආසන 4ක් හිමිවනු ඇති බවත්, එජාපයට ආසන 6ත් 8ත් අතර ප්‍රමාණයක් බෙදීයනු ඇති බවත්, ඉතිරි ආසන 61 සජිත්ගේ සමඟි ජන බලවේගය විසින් දිනාගනු ඇති බවත් බැසිල් විසින් සිදුකළ මත විමසුමෙන් ලබාදී ඇති ප්‍රතිඵලයන්ය. මීට අමතරව බැසිල් විසින්ම සිදුකළ තවත් සමීක්ෂණයක ප්‍රතිඵලද පසුගිය සිකුරාදා වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබිණ. මුලින් සිදුකරනු ලැබූ සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව එහි පොහොට්ටුවට ආසන 137ක් හිමිකර ගනු ඇති බවට අනාවැකි පළකර තිබුණද දෙවැනුවට පැමිණි මෙම මත විමසුමෙන් කියැවුණේ පොදුජන පෙරමුණට ආසන 133ක් හිමිවනු ඇතැයි කියාය. ඉතිරි ආසන 92 විපක්ෂයේ පක්ෂ අතර බෙදීයනු ඇති බවද එම මත විමසුමෙන් සඳහන් කර තිබිණ.

විපක්ෂය 100 පන්නයි

මීට අමතරව සෑම අවස්ථාවකදීම මේ අයුරින් ජනමත විමසුම් පවත්වන තවත් නිල ආයතනයක් මඟින් සිදුකරනු ලැබූ ඉතා රහසිගත මත විමසුමක ප්‍රතිඵලද පසුගිය සතිය වන විට දේශපාලන පාර්ශ්වයන්ට ලැබී තිබිණ. එමඟින් දැනුම් දී තිබුණේ ආණ්ඩුවට 118ත්, 125ත් අතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකිවනු ඇති බවකි. විපක්ෂයට ආසන 100ට වඩා වැඩි ප්‍රමාණයක් එහිදී බෙදී යනු ඇති බවද එහි සඳහන්ව තිබිණ.

බොරු බුද්ධි සේවා ප්‍රතිපල

එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා පමණ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය තවත් රාවයකින් කියැවුණේ මැතිවරණයට දිනක් හෝ දෙකක් තබා ව්‍යාජ ලෙස සකස් කළ මත විමසුමක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදාහැරීමට කිසියම් පාර්ශ්වයක් විසින් සූදානමින් සිටින බවකි. රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදුකර ඇති මත විමසුමක ප්‍රතිඵල බව කියමින් මෙසේ ව්‍යාජ වාර්තාවක් එම පිරිස් විසින් සමාජගත කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
මේ සියල්ල අතරමැද දේශපාලන පක්ෂ විසින් සිදුකරනු ලැබ තිබූ මත විමසුම්වල ප්‍රතිඵලද මෙම පක්ෂ ප්‍රධානීන් අතට පත්ව තිබිණ. ඉන් පළමුවැන්න සිදුකර තිබුණේ සජිත්ගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය මඟිනි. අනෙක් මත විමසුම සිදුකර තිබුණේ සමාජ මාධ්‍ය ජාල හරහාය. ඊළඟට සුපුරුදු සමීක්ෂණ කණ්ඩායම් විසින් දිස්ත්‍රික් මට්ටමන් සිදුකරනු ලැබ තිබූ සමීක්ෂණ කිහිපයක ප්‍රතිඵලද මේ අතර විය. මෙහිදී දැකගන්නට ලැබ තිබූ විශේෂ සිදුවීම වූයේ කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් ලබාගත නොහැකි ආකාරයේ ප්‍රතිඵලයක් මෙවර මහ මැතිවරණයේදී ජනතාව විසින් ලබාදෙනු ඇතැයි කියාය.

ජන්දය දැමීම පහතට

මේ ආකාරයට සිදුකර ඇති මත විමසුම්වල ප්‍රතිඵල විවිධ අයුරින් දැක්වුණත් එම සියලු මත විමසුම්වල දැකගන්නට ලැබුණු පොදු කරුණක්ද විය. ඒ අන් කිසිවක් නොව ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය බොහෝ සේ පහතට වැටෙනු ඇතැයි කියාය. ඉකුත් ජනාධිපතිවරණයේදී 83.72%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කිරීමේදී වාර්තා වුවද මෙවර එම ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව එම මත විමසුම්වලින් දැනුම් දී තිබේ. එය බොහෝ දුරට 65%ටත් වඩා පහත වැටෙනු ඇති බවට එම මත විමසුම්වලින් දක්වා තිබීම විශේෂත්වයකි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කිසියම් බියක් රටේ ජනතාවගේ හිත්වල තවමත් තිබීමත්, රාජාංගණය ආදී ප්‍රදේශවල පවුල් 12,000ක් පමණ නිරෝධායනයට යොමුකොට තිබීමත්, ජනතාව තුළ මැතිවරණය කෙරෙහි එතරම් උනන්දුවක් නොතිබීමත් මේ සඳහා හේතු වශයෙන් බලපා ඇති බවද මෙම මත විමසුම්වල වැඩිදුරටත් කරුණු දක්වා ඇති බව දැනගන්නට ඇත.

කොමිසම වහා පියවර ගනී

මේ ආකාරයට මැතිවරණය සම්බන්ධයෙන් කිසියම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබීමත් සමඟ සියලුම දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ද පසුගිය සතිය වන විට මෙම මත විමසුම්වලින් සිදුකර තිබූ අනතුරු ඇඟවීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසමෙන් සාකච්ඡාවක්ද ඉල්ලා තිබිණ. මැතිවරණ කොමිසමද පසුගිය සතියේ සියලුම පක්ෂ ලේකම්වරුන්ට ආරාධනා කරමින් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේ ඒ අනුවය. ඊට පොහොට්ටුව නියෝජනය කරමින් එහි ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂද, පක්ෂ මහලේකම්වරයා වූ නීතිඥ සාගර කාරියවසම්ද සහභාගිව සිටි අතර, අනෙක් පක්ෂවල මහලේකම්වරුන් ඇතුලු නියෝජිතයන්ද ඊට සහභාගිව සිටිනු දැකගන්නට ලැබිණ. මෙහිදී බැසිලුත්, සාගරත් දැඩිව මැතිවරණ කොමිසමට දැනුම්දී සිටියේ කොරෝනා රෝගයට ඇති ජනතා බිය හේතුකොටගෙන ඡන්දය භාවිතා කිරීමේ විශාල අඩුවක් දැකගන්නට ඇති බවකි. මීට අමතරව තවත් හේතු ගණනාවක්ම ඡන්දය භාවිතා කිරීම අඩුවීමට බලපා ඇති බවද ඔවුහු මැතිවරණ කොමිසමට පෙන්වා දුන්හ. එම නිසා වහාම මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, ජනතාව අතර ඇති බිය තුරන් කිරීමට මැදිහත් වන ලෙසත් ඔවුහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියහ. උදාහරණයක් ලෙසට ඔවුන් පෙන්වා දුන්නේ දැනට රාජාංගණ ප්‍රදේශය තුළ මතුව ඇති තත්ත්වයය. එහි පවුල් 12,000ක් පමණ නිරෝධායන කටයුතුවල නිරත වීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීම අඩුවීමට ඍජුවම එය හේතුවක් වනු ඇති බව ඔවුන්ගේ මතය විය. රට තුළ මතුව ඇති තත්ත්වය පිළිගත් මැතිවරණ කොමිසමද මේ වන විට තීන්දු කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත රටම ආවරණය වන පරිදි විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටය. මීට අමතරව මැතිවරණ කොමිසමද දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ හැකි තරම් තම පාක්ෂිකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කොට කෙසේ හෝ ඔවුන්ව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලෙසටය.
පක්ෂ මහලේකම්වරුන් මැතිවරණ කොමිසමට කළ මෙම අනතුරු ඇඟවීම කොමිසමද හොඳ හැටි තේරුම්ගත් බවක් පෙනී ගියේ අදාළ සාකච්ඡාව නිමා කිරීමෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ සමබන්ධයෙන් විශේෂ මතක් කිරීමක් සිදුකිරීම නිසාය. එහිදී මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ කිසිදු බියකින් තොරව බදාදා දින ඡන්ද පොළට පැමිණ ඡන්දය භාවිතා කරන ලෙසත්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අතිවිශේෂ වැඩපිළිවෙළක් සෑම ඡන්ද පොළකදීම ක්‍රියාත්මක කොට ඇති බවත්ය. මීට අමතරව ආණ්ඩුවද ජනතාව අතර මතුව ඇති මෙම සැක සංකාව දුරු කිරීමේ අරමුණින් පසුගිය සතිය වන විට රාජාංගණය ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීමටද පියවර ගෙන තිබිණ.

තරුණයන්ට ජන්දය එපා වෙලා

මේ අතර එක්තරා ස්වාධීන කණ්ඩායමක් විසින් කොළඹ ප්‍රදේශයේ නියැදියක් ගෙන සිදුකර තිබූ සමීක්ෂණයකින් තවත් විශේෂ කරුණක් එළිදක්වා තිබිණ. ඉන් කියැවුණේ අදාළ නියැදියේ ප්‍රතිඵල සමස්තයට ආදේශ කර බැලූ විට ලක්ෂ 6ක් පමණ වන තරුණයන් ප්‍රමාණයක් තවමත් ඡන්දය භාවිතා කළ යුත්තේ කුමන පක්ෂයකටද යන්න තීන්දු කොට නොමැති බවය. එමෙන්ම එම ලක්ෂ 6න් අතිබහුතරයක් මෙම මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා නොකරනු ඇති බවටද ඉන් අනතුරු ඇඟවීමක් කර තිබිණ. ඉනුත් යම් කොටසක් අවසන් මොහොතේ සිය ඡන්දය භාවිතා කරනු ඇති බවටද එමඟින් වැඩිදුරටත් කරුණු අනාවරණය කර තිබිණ. ඒ අනුව අවසන් මොහොත වන තෙක්ම මේ අයුරින් විශාල තරුණ ප්‍රජාවක් සිය ඡන්දය තීන්දු කර නොතිබීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකිය.
මීට අමතරව තවත් එක්තරා කරුණක්ද මෙමඟින් අනාවරණය කර තිබිණ. ඒ, ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කළ යම් ප්‍රතිශතයක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද පොළට නොයනු ඇති බවකි. එසේම එක්සත් ජාතික පක්ෂය තුළ සිදුව ඇති බරපතළ බෙදීම මුල්කරගෙනද සැලකිය යුතු එජාප පාක්ෂිකයන් පිරිසක් මෙවර කිසිවකුටත් ඡන්දය භාවිතා නොකර ඡන්ද දිනයේදී නිවෙසේ රැඳී සිටිනු ඇති බවද එමඟින් අනාවරණය කර තිබිණ.

දෙපැත්තම ජන්ද තුරුම්පු අදී

ඕනෑම මැතිවරණයකදී දේශපාලන පක්ෂ සිය තුරුම්පු එළියට අදින්නේ මැතිවරණ උණුසුම ඉහළින්ම දැකගන්නට ඇති අවසන් සතිය තුළදීය. සාමාන්‍යයෙන් මහ මැතිවරණයකදී වේවා ජනාධිපතිවරණයකදී වේවා ප්‍රතිවාදී පක්ෂවල මානසිකත්වය කඩාබිඳ දමමින් තම පක්ෂවල බලය වැඩිකර පෙන්වන පිල් මාරුකිරීම්, බරපතළ හෙළිදරව් සිදුකිරීම්, ආන්දෝලනාත්මක ප්‍රකාශ ආදිය සිදුවන්නේ මෙම අවසන් සතිය තුළදීය. එය මෙවර මහ මැතිවරණයටද පොදු කාරණාවක් බව දැකගන්නට ලැබුණේ ප්‍රතිවාදී පක්ෂ ඉලක්ක කරගෙන පසුගිය සතියේදී විවිධ කණ්ඩායම් විසින් අතහරිනු ලැබූ දේශපාලන බෝම්බ සහ තුරුම්පු ගණනාවක් මුල්කරගෙනය. මේ දේශපාලන තුරුම්පු හේතුකොටගෙන එතෙක් මන්දගාමීව තිබූ දේශපාලන කරළියද එක්වරම උණුසුම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඉන් පළමුවැනි තුරුම්පුව වූයේ ආණ්ඩුව පැත්තෙන් සමඟි ජන බලවේගය ඉලක්ක කරගෙන එල්ල වූ එකකි. ඉන් කියැවුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බවකි. 2016 සිට 2019 කාලය ඇතුළත මෙම වංචාව සිදුව ඇති බවත්, ඊට යහපාලන රජයේ ප්‍රබලයන් සම්බන්ධ බවත් එහිදී කියැවුණු අතර, ඊට ආණ්ඩුවේ හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය උපයෝගි කරගෙන විශාල ප්‍රසිද්ධියක් ලබාදීමටද පියවර ගත්තේය. වසර තුනක කාලයක් පිළිබඳව එහිදී කියැවුණත් එම චෝදනාවේ ඉලක්කය වූයේ හිටපු සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම තනතුර දැරූ මාස හතක කාලය ඇතුළත මෙම වංචාව සිදුව ඇති බව සමාජගත කිරීමය.
දෙවැනි තුරුම්පුව ගැසුවේ ආණ්ඩුවේම හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධනය. පසුගිය බදාදා දින කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලක්ෂ්මන් යාපා බරපතළ දේශපාලන බෝම්බයක් අතහරිමින් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත්, ඊට ඉකුත් යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් සම්බන්ධ වී ඇති බවත්, ඊට අදාළ සාකච්ඡා පසුගිය දිනෙක කොළඹ හෝටලයක පැවැත්වී ඇති බවත් කියා සිටියේය. මෙහිදී හිටපු ඇමැතිවරයාගේ නම්, ගම් හෙළි නොකිරීමට ලක්ෂ්මන් යාපා වගබලා ගත්තත් එමඟින් ඔහු ඉඟිකර තිබුණේ සජිත් පිලේ කොළඹ ප්‍රබලයකු මෙම බැසිල් ඝාතන කුමන්ත්‍රණයට නායකත්වය දී ඇති බවකි.

යාපා ගහපු ගේම

කෙසේ වෙතත් මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව පිළිබඳව මොහොතක් යන්නට මත්තෙන් මහින්දගේ කනටද වැටිණි.
එහිදී එම ආරංචිය ගෙනා පුද්ගලයන්ට සිනාසෙමින් මහින්ද කීවේ “මට නම් ආරංචි ලක්ෂ්මන් යාපා ඔය කතාව කියලා තියෙන්නේ මේ සැරේ මාතරින් අන්තිමටම වැටිලා ඉන්න නිසා කියලයි. බැසිල්ගේ නම කියලා ගොඩයන්න තමයි මිනිහා ෂුවර් එකටම ඔය කතාව කියලා ඇත්තේ” යැයි කියාය.
මේ තුරුම්පු දෙකම ආණ්ඩු පක්ෂයෙන් සජිත් පිල ඉලක්ක කරගෙන එල්ල වූ අතර, ඒ උණුසුම පිටම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් පිල ඉලක්ක කරගෙන පසුගිය සතියේ තවත් තුරුම්පු දෙකක් දේශපාලන පොර පිටියට අතහැරියේය. ඉන් පළමුවැන්න වූයේ සමඟි ජන බලවේගය විසින් එජාපයට එරෙහිව පවරා තිබූ නඩුවකදී අභියාචනාධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුවකි. එම තින්දුවේ වගන්ති එකින් එක මැතිවරණ වේදිකාවේදී කියවමින් රනිල් පෙන්වා දුන්නේ සමඟි ජන බලවේගය නීත්‍යානුකූල නොවන ආකාරයට කටයුතු කරන බවට අධිකරණය විසින්ම තීන්දු කර ඇති බවකි. දෙවැන්න වූයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මඟින් සමඟි ජන බලවේගයට සම්බන්ධ වූ සාමාජිකයන් සියයකට අධික පිරිසක් නෙරපීමට ගත් තීන්දුවය. මේ හරහාද රනිල් උත්සාහ කළේ සමඟි ජන බලවේගය දේශපාලන වශයෙන් අස්ථාවර එකක් බව රට හමුවේ පෙන්වා දීමටය.

සජිත් පිල උත්තර දෙයි

මේ ආකාරයට ආණ්ඩුවත්, එජාපයත් ඍජුවම සමඟි ජන බලවේගය ඉලක්ක කරගෙන අවසන් සතියේදී පහර පිට පහර එල්ල කිරීම හරහා පෙනී යන එක දෙයක් වන්නේ එම දෙපාර්ශ්වයටම සමඟි ජන බලවේගය තර්ජනයක් වී ඇති බවට ඉඟි පළවී ඇති බවකි. අනෙක් අතට මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රිවරුන් අති බහුතරයක් මේ වන විට සමඟි ජන බලවේගයට ඍජුවම සහාය දක්වන තත්ත්වයක හෝ එජාපයට වැඩ නොකර කර හරිමින් සිටින තත්ත්වයක් මතුව තිබීම නිසා එම පක්ෂයේ බිම් මට්ටමේ ප්‍රචාරක යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබීම මෙසේ සමඟි ජන බලවේගය ඉලක්ක කර පහරදීමට තවත් හේතුවක් වී තිබිණ. මෙම තත්ත්වය වළක්වා ගැනීම රනිල්ගේ මේ ද්විත්ව ප්‍රහාරයේ අරමුණු වී තිබිණ.
කෙසේ වෙතත් මෙම සියලු ප්‍රහාරයන්ට උත්තර දීමට පසුගිය සතියේ සමඟි ජන බලවේගයේ මහලේකම්වරයා වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පියවර ගත්තේය. කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මද්දුමබණ්ඩාර කියා සිටියේ ආණ්ඩුවත්, වික්‍රමසිංහ කණ්ඩායමත් එක්ව මේ වන විට සමඟි ජන බලවේගයත්, සජිත්වත් ඉලක්ක කර අසත්‍ය චෝදනා එල්ල කරමින් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවත්ය. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනා කිසිසේත්ම පිළිගත නොහැකි බව කියා සිටි මද්දුමබණ්ඩාර අදාළ කමිටු වාර්තාව ඒකපාර්ශ්වික බවත්, එම වාර්තා සැකසීමේදී එජාප පාර්ශ්වයේ හිටපු අමාත්‍යවරුන්ගෙන් කිසිදු කරුණු විමසීමක් සිදුකර නොමැති බවත් කියා සිටියේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

‘මාධ්‍ය’ බෝඩ් ගහගෙන ‘මාධ්‍යවේදීන්’ පාතාල ආයුධ ඇදලා?

Next Post

මැකො ගෙදර යන්න තීන්දු කරයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.