මන්නාරම මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට ඇතුලු 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටතහවුරු වීමත් සමග එම මාළු වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මන්නාරම මාළුවෙළඳ පොළේ සිටි වෙළෙන්ඳෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම මාළු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් ඇසුරුකරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකරමින් සිටි.










