• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රේල් ඉපදිලා අප්‍රේල්වල මැරිලා අප්‍රේල්වලම ලංකාවෙන් යළි මතුවුණු කව්ද මේ හිට්ලර්!!!

April 19, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
අප්‍රේල් ඉපදිලා අප්‍රේල්වල මැරිලා අප්‍රේල්වලම ලංකාවෙන් යළි මතුවුණු කව්ද මේ හිට්ලර්!!!
Share on WhatsAppShare on Facebook

‘අපේ රටේ දේශපාලකයන්ගේ හතරෙන්, තුනකටත් සාමාන්‍ය පෙළ විභාගය නෑ. ඒ අය කරන, කියන දෙයින් හොඳටම පේනවා ’ඕ ලෙවල්’ වත් පාස් නැති බව. මේක සම්පූර්ණ සත්‍යයක්.’ මේ අපූරු කියමන කියන්නේ මම නෙවෙයි. මේක දැන් අපේ සමාජයේ බොහෝ දෙනකු, බොහෝ කාලයක් පුරා කතාවෙන විශේෂිත වගතුගක්. මිනිස්සු මේ කතා නිකම් කියන්නේ නැහැ. අපේ රටේ දේශපාලකයන් කලින් කලට, කරනු ලබන විවිධ අමනෝඥ ක්‍රියා ආශ්‍රිත කරගනිමින් තමයි මේ වටාපිටාව නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ සිටින වත්මන් රජයේ එක්තරා ප්‍රකට, තරුණ දේශපාලකයකු කියූ අරුම, පුදුම කතාවක් නිසා සමාජය මේ දිනවල නැවැතත් දිගට, හරහට ‘ඕ ලෙවල් පුරාවෘත්තය’ මතු කරමින් සිටිනවා. අපි දන්නේ නැහැ මේ දේශපාලකයාට සාමාන්‍ය පෙළ තිබෙනවාද නැද්ද කියලා. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් පසුගියදා සමාජය ගිනි තියපු ඔහු කියූ වගතුග තමයි ‘හිට්ලර්ගේ ගුණ වැයුම.’ හිට්ලර් නමැති මෙතෙක් ලෝකයේ සිටි එකම අතිශය බියකරු, එමෙන්ම කුරිරු රාජ්‍ය පාලකයා ගැන ලොවෙහිම බහුතරයක් ජනී, ජනයා හොඳින්ම දන්නවා. ඒක ලෝක ඉතිහාසයට එකතු වුණු මහා කළු පැල්ලමක්. ඒ කතාව අපි මදක් පසෙකට තබමු.

අපේ රටේ සාමාන්‍ය පෙළ විභාග අධ්‍යයනයේ දෙවැනි වසරේ, එනම් 11 වැනි වසරේ ඉතිහාසය විෂය පොතේ තිබෙන එක් ප්‍රධාන පාඩමක් වන්නේ ‘අඩොල්ෆ් හිට්ලර්’ යන්නය. ඔබ දැන් ඕනෑම දරුවකුගෙන් මේ පොත අරගෙන කියවා බලන්න. මේ පාඩම පරිච්ඡේද 08කින් සමන්විත, එමෙන්ම හිට්ලර් යනු කවුදැයි බොහෝ පැහැදිලිවම විග්‍රහ කෙරෙන ඉතා සරල පාඩමක්. එහෙත් එහි තුළ අන්තර්ගත කරුණු දේශපාලනික වශයෙන් ගැඹුරුයි. සාමාන්‍ය පෙළ දෙවැනි වසර යනු, සෑම සිසුවකුම පාඩම් අධ්‍යයනය කරන සාමාන්‍ය වසරක්. ‘ඇඩොල්ෆ් හිට්ලර්’ යන එම පාඩමෙහි වදන් ටිකක් මෙසේය.

ජර්මනිය තුළ උමතු ජාතිවාදයක් පතුරුවමින් සිටි ඇඩොල්ෆ් හිට්ලර් 1933 දී එරට පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන ජර්මන් චාන්සලර්වරයා බවට පත්විය. ඔහු නට්සිවාදය පතුරවමින් කටයුතු කළ නායකයෙකි. නට්සිවාදය යනු පක්‍ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයකි. එසේම ප්‍රජාතන්ත්‍රවාදයට, කොමියුනිස්වාදයට මෙන්ම ධනවාදයටද විරුද්ධ දර්ශනයක් වූ මෙම නට්සිවාදයෙහි මූලික ඉගැන්වීම වූයේ, ලොව උතුම්ම ජාතිය ජර්මන් ජාතිය බවයි. යුදෙව්වන් හෙළා දැකීම නට්සිවාදයේ විශේෂ ලක්ෂණයකි. හිට්ලර් තම අනුගාමිකයන් ලවා ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ගිනි තැබූ අතර, එහි වරද කොමියුනිස්ට්වරුන් වෙත පැවරීය. අනතුරුව ඔහු සියලු දේශපාලන පක්‍ෂ තහනම් කොට කොමියුනිස්ට්වාදය සහ යුදෙව් ජනයා සංහාරය කිරීමට පටන්ගත්තේය. මෙහිදී හිට්ලර්ගේ එස්.එස්. හමුදාව හා ගෙස්ටාපෝ නමැති රහස් පොලිසිය ම්ලේච්ඡ ඝාතනවල යෙදුණි. හිට්ලර් විසින් ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන්ම අහුරා දමන ලදී. පුවත්පත් නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහනම් කෙරිණි.’

ඔබ මේ කියැවූයේ සාමාන්‍ය පෙළ ඉතිහාස පොතේ තිබෙන හිට්ලර් ගැනවූ පාඩමේ පරිච්ඡේදයකි. මෙම අතිශය කුරිරු මිනීමරු ඝාතකයා ගැන ලොව එක්රැස්වී ඇති වගතුග බොහෝය. එම කතාන්දර කියවන්නට දින ගණනක් හෝ මදිය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ‘ඕ ලෙවල්’ කරපු දරුවන් සියල්ලක්ම පාහේ දැන් හිට්ලර් ගැන දන්නා බැව් ඔබට සනාථ වී ඇත. මේ ලිපිය තුළින් තව තවත් හිට්ලර් පුරාවෘත්තය ගැන සොයා බලන්නට පෙර අප මෙයට දින කිහිපයකට පෙර සිදුවූ හිට්ලර් නාටකයේ එක් ජවනිකාවක් දෙස අවධානය යොමු කරමු. මේ ගැන ඔබ යමක් දැන සිටියත් මෙය නැවැත වදනින්, වදන ආවර්ජනය කිරීම අතිශය වැදගත්ය.

‘ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවා නම් කරන්නේ, ජනතාව බලාපොරොත්තු වුණු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරයා වුණාම යම් මට්ටමකට ඒකාධිපති පාලනයක් කරගෙන යයි කියලා. ඒක අපි දැක්කා පසුගිය කාලයේ ගරුතර මහා සංඝරත්නයත් කිව්වා. ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙක් වුණත් කමක් නැහැ කියලා. එහෙම වුණොත් හොඳයි කියලත් කිව්වා. නමුත් මේ දැන් ඔහු හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපණයට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම වුණත් පිළිගන්නවා. මොකද එතුමාට ඡන්දය දීපු හැටනව ලක්‍ෂයක් ජනතාව බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදියට හිට්ලර් කෙනෙක් හැටියට ක්‍රියාත්මක විය යුතුයි කියලා. මම වුණත් එහෙම හිතනවා. එහෙම නොවුණාම එතුමාට දොස් කියනවා.’

‘අන්තෝ ජටා බහි ජටා’ යැයි කියන්නේ මෙවැනි කතාවලටය. ‘කන්න ඕනෑ වුණාම කබරගොයිත් තලගොයිත් වෙනවා’ යැයි කියන මේ කතාව කියූ අපූරු මිනිසා කවුද? ඔහු අප සමාජයේ බොහෝ දෙනකු හොඳින් හඳුනන වත්මන් රජයේ ප්‍රවාහන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමය. දැනට 39 වැනි වියෙහි පසුවන ඔහු මහනුවර කීර්තිමත් පාසලක් වන ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි. හිටපු මුදල් අමාත්‍යවරයකු වන ආචාර්ය සරත් අමුණුගම ඔහුගේ මාමාය. මහනුවර ආසනය නියෝජනය කරන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බවට පත්වන්නේ 2010 වසරේදීය. ඔහුගේ දේශපාලන පක්‍ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර, දිලුම් අමුණුගම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බොහෝ හිතෛෂී පුද්ගලයකු වෙයි. කෙසේ හෝ මෙම නියෝජ්‍ය ඇමැතිවරයා පසුගියදා මෙම ‘හිට්ලර්’ කතාව ප්‍රකාශ කර සිටියේ ප්‍රසිද්ධියේය. ඒ හෙයින් මෙය සමාජය කලඹවන ආන්දෝලනාත්මක පුවතක් විය.

මෙම සිද්ධිය මත දැනට සමාජයේ බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර සිටින්නේ, හිට්ලර් ගැන ප්‍රසිද්ධියේ වර්ණනයක් කිරීම අතිශය පිළිකුල් අමනෝඥ ක්‍රියාවක් බැව්ය. කිසිදු වයස් භේදයකින් තොරව අහිංසක ජනතාව ලක්‍ෂ 50කට අධික පිරිසක් ඉතාමත් කෲර, ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ජර්මන් නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් යනු මුළුමහත් ලොවම අතිශය පිළිකුලට පත්කළ රාජ්‍ය නායකයෙකි. කෙසේ හෝ දිලුම් අමුණුගමගේ මෙම ප්‍රකාශය සිදුකර හෝරා කිහිපයක් ගතවන්නට මත්තෙන් හිට්ලර්ගේ දේශය වන ජර්මනිය සිහිගන්වමින්ම අපූරු ප්‍රකාශයක් නිකුත් කෙරෙැණේ, ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා වෙතිනි. ඔහු මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි. එය ඉංග්‍රීස් බසින්ම මුලින් කියවා බලමු.

zI’m hearing claims that a ‘Hitler’ could be beneficial to Sri-Lanka today. Let me remind those Voices that adolf Hitler was responsible for Human suffering and despair beyond imagination, with millions of Deaths. Definitely no role model for any Politician!’.

දැන් මෙහි සිංහල අරුත ගැන අපි හොඳින් අවධානය යොමුකර සිටිමු.

‘හිට්ලර් කෙනකු ශ්‍රී ලංකාවට සුබදායක වේයැයි මට අසන්නට ලැබිණි. ඇඩොල්ෆ් හිට්ලර් යනු දශලක්‍ෂ සංඛ්‍යාත මනුෂ්‍ය ඝාතන ඇතුළුව හිතාගත නොහැකි තරමේ දුක්වේදනා හා අපේක්‍ෂා භංගත්වයට වගකිව යුත්තා බව, එම හඬ නඟන අයට මා විසින් සිහිපත් කර දිය යුතුය. එය නම් දේශාපලකයකුට කිසිසේත්ම ගැළපෙන පරමාදර්ශී චරිතයක් නොවේ.’
මෙය කෙතරම් බුද්ධිමත් වගතුගක්ද? හිට්ලර්ගේ දේශය වන ජර්මනියේම බුද්ධිමත් මිනිසෙකු අද මෙසේ කියා සිටියි. ඔහුගේ මෙම විද්වත් කතාව දුටු ශ්‍රී ලංකාවේ සිටින කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ප්‍රකාශ කර ඇත්තේද, ‘මාගේ ජර්මානු වෘත්තීය සගයාගේ වදන් බොහෝ ඥානාන්විත’ බැව්ය. මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ භූමිකාව තිබෙන්නේ කොතැනකද? තත්ත්වය මෙසේ තිබියදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එකවර හිට්ලර් කෙනකු වීමට වත්මන් ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බවත්, එහෙත් හිට්ලර් කෙනකු දක්වා ඔහු තල්ලු වීමට ඉඩ ඇති බවත්ය.

ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ උද්ගතව ඇති මෙම ‘හිට්ලර් නාඩගම්’ පළමු තැන වේදිකාගතවීම සිදුකෙරුණේ මෙයට වසර 03කට පමණ ඉහතදීය. එනම් වත්මන් ජනාධිපති, එකල හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ උපන් දිනය වෙනුවෙන් 2018 වසරේදී පැවැත්වුණු සාංඝික දානයකදී, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනු නා හිමියන් ප්‍රකාශ කළේ අපූරු කතාවකි. එනම් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් ‘හිට්ලර් කෙනෙක් වෙලා හරි’ රටේ නිසි පාලනයක් පවත්වාගෙන යන ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළෝය.

‘ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් සමහර හඳුන්වලා තිබෙනවා. ඉතින් අපි මතක් කරන්නේ හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එකයි. මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන්න කියලා අපි නැවැතත් මතක් කර සිටිනවා’ අනුනායක හිමියෝ තවදුරටත් එදා අවධාරණය කර සිටියේය. කෙසේ හෝ උන්වහන්සේගේ මෙම ප්‍රකාශයට එකල විවිධ ආකාරයේ ප්‍රතිචාර රැසක් ලැබිණි.

ඇඩොල්ෆ් හිට්ලර් නමැති මෙතෙක් ලොව පහළ වූ බිහිසුණුම රාජ්‍ය නායකයා ගැන ඔබට කරුණු ලියා තබන්නට මේ ලිපියේ ඇති ඉඩ ඉතා අල්පය. එහෙත් අපගේ ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව ඇති කරුණුවලින් බැහැරව වෙනත් විමර්ශනයක යෙදීමට අප උත්සාහ කළෙමු. එහිදී ප්‍රධාන වශයෙන් දැකගන්නට වූයේ ඉතාමත් අපූරු වගතුගකි. එනම් මේ ගතවන අප්‍රේල් මාසය නොහොත් බක් මාසය හිට්ලර්ගේ මාසයක්ම වෙනවා යැයි ස්ථිර වන අපූරු කරුණු දෙකක් අප සොයා ගත්තේය. එය නම් හිට්ලර්ගේ උපත සිදුවී ඇත්තේ 1889 වසරේ අප්‍රේල් 20 වැනිදාය. එනම් හිට්ලර් ජීවත්ව සිටියේ නම් තවත් දින 2කින් ඔහුගේ වයස අවුරුදු 132ක් වන අතර, එහෙත් එපමණ කාලයක් කිසිවකුත් ජීවත්ව සිටින්නේ නැත. ඒ වුවද එනම් තවත් දින 2කින් ඔහුගේ 132 වැනි උපන් දිනය යෙදෙනු ඇතිය. අනෙක් අපූරු වගතුග වන්නේ හිට්ලර් මරණයට පත්වන්නේද 1945 අප්‍රේල් 30දා ඔහු සියදිවි හානිකර ගනියි. එවිට ඔහුගේ වයස අවුරුදු 56කි. එනම් ඔහු මරණයට පත්වී මෙම අප්‍රේල් මාසයට හරියටම වසර 76ක් සපිරෙයි. මේ ආකාරයට දැනට අපටත්, මුළු මහත් ලොවටමත් මෙලෙස උදාවී ඇත්තේ හිට්ලර්ගේ උපත, විපත සිදුකළ බක් මාසයයි.

සුගියදා හිට්ලර් ගැන බොහෝ වර්ණනා කළ දිලුම් අමුණුගම නම් මේ වගතුග කිසිවක් දන්නේ නැතැයි මම සිතමි. එසේ වූයේ නම් ඔහු ඒ ගැනද උදම් අනමින් මාධ්‍යයට කතා කරනු ඇතැයි මට සිතෙයි. කෙසේ හෝ අපගේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් හිට්ලර් වතගොත ගැන හොඳින් දන්නේ යැයිද මම සිතමි. ඒ සැබෑ ලෙසම ඔහු යුද ශාස්ත්‍රය හොඳින් දත් අයෙක් හෙයිනි. ඒ වුවද ඔහු හිට්ලර් වර්ණනය කළ තැනක් ගැන මම අසා නැත. ඔහු වටේ සිටින සමහරුන් මේ අමනෝඥ කතා පැවැසුවත් ඔහු එම ගොඩට නොවැටෙන්නට වගබලාගෙන ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් යනු තම නට්සිවාදය තුළින් ඉතාමත් බියකරු ලෙස බලය තහවුරු කරගත් රාජ්‍ය නායකයෙකි. එනම් ඔහු 1933 සිට 1945 දක්වා නොකඩවා වසර 12ක් ජර්මනියේ චාන්සලර්වරයා වශයෙන් කටයුතු කළේය. එය සම්පූර්ණයෙන්ම ඒකාධිපති කුරිරු පාලනයක් වූයේය. මෙම පාලනයේ ආදීනව නිසාම ඔහු විවිධ රට, රටවල් තමන්ගේ ආධිපත්‍යයට ගැනීමට යුද කළේය. අවසානයේදී දෙවැනි ලෝක මහා යුද්ධයේ නිර්මාතෘවරයා වූයේ හිට්ලර්ය. ලොවක විනාශයේ පෙරගමන්කරුවා ඔහුය.

හිට්ලර්ගේ කුරිරු පාලනයේ කතා රැසක් මෙහි ලියා තබන්නට ඉඩක් නැති වුණත්, ඔහු අහිංසක යුදෙව් ජාතිකයන් වෙනුවෙන් සිදුකළ ම්ලේච්ඡ මිනිස් සංහාරය ගැන යමක් ලියා තැබිය යුතුය. ඔහු වසර 4ක කාලයක් තුළ යුදෙව් ජාතිකයන් මිලියන 5.5ක් කුරිරු ලෙස ඝාතනයට ලක් කළේය. ඔහු එම ඝාතන ක්‍රම කිහිපයක් හරහා සිදුකළේය. ඔහු ප්‍රධාන ලෙස මෙම අපරාධය සිදුකළේ යුදෙව් ජනයා ගෑස් කාමරවලට දමා සිරකර මරණයට පත්කිරීමය. මෙම ගෑස් කාමර ඉතා විශාල ඒවා විය. ඒවායෙහි තැනින් තැන ජල ස්නානය කරන ආකාරයේ මෙන් ‘වතුර මල්’ වැනි උපකරණ සාදා ඇත. අල්ලාගෙන යන දහස් ගණනක යුදෙව් ජනයා මෙම කාමරවලට දමා ඉබියතුරු දමා සිරකරයි. බොහෝ ජනයා මෙම කරාමවලින් පිටවන්නේ ජලය යැයිද සිතයි. එහෙත් ගතවන්නේ ස්වල්ප කාලයකි. ‘වතුර මල්’ ‘ගෑස් මල්’ බවට පත්වෙයි. අහිංසක මිනිසුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තුරුම විෂ වායුව ගලාගෙන විත් මහා අපරාධයක් සිදුකරයි. මේ අතර ගෑස් බට සවිකරන ලද විශාල ට්‍රක් රථවල මිනිසුන් පටවාගෙන දුර ප්‍රදේශයකට ගෙනගොස් ගෑස් දමා ඝාතනය සිදුකළේය. හිට්ලර් මෙම ඝාතන සිදුකිරීමට ‘කාබන් මොනොක්සයිඩ්’ සහ ‘සික්ලෝන්’ නමැති විෂ වායු භාවිත කළේය.

ඇඩොල්ෆ් හිට්ලර් කෙතරම් අමනුෂ්‍ය, යක්‍ෂාවේශ රාජ්‍ය පාලකයකුද කිවතහොත්, ඔහු ජර්මනියේ සිටි මානසික සහ විවිධ ශාරීරික ආබාධ සහිත රෝගීන් පවා සොයා එක්තැනකට ගෙන විෂ ගෑස් ආඝ්‍රාණය කිරීමට සලස්වා මරණයට පත්කළේය. මෙවැනි ජනයාගෙන් ජර්මනියට වැඩක් නැතැයි ඔහු කිහිපවර කියා සිටියේය. ජර්මනියේ ප්‍රධාන නගර 6ක ඔහු ගෑස් ඝාතන කාමර ඉදිකර තිබුණේය. මානසික රෝග සහ ආබාධිත රෝගීන් පවා මෙසේ අතිශය කුරිරු ලෙස මරණයට පත්කිරීමට අණ දුන් හිට්ලර් ගැන තවත් කතා කරන්නේ කුමක්ද? එහෙත් අවසානයේදී ඔහු එම පාපයන්ට වන්දි ගෙව්වේ සුනඛයකු මෙන් මරණයට පත්වීමෙනි. කෙසේ හෝ සුනඛයකුට හෝ එවැනි මරණයක් අත්වන්නේ නැත. හිට්ලර්ගේ කුරිරු පාලනයට එරෙහිව සෝවියට් රුසියානු රතු හමුදා ප්‍රධාන කරගත් මිත්‍ර රටවල හමුදා ජර්මනියට ප්‍රහාර එල්ල කරමින් කඩාවදින විටදී, හිට්ලර් තම බිරිය ඊවා බ්‍රෝන් සමග භූගත බංකරයකට ගොස් සැඟවුණේය. එසේම ඔහු වහා තම බිරියට වස පානය කරන්නට සලස්වා මරණයට පත්කර, තමන්ගේ රිවෝල්වරය ගෙන තම හිසටම වෙඩිතබාගෙන මරණයට පත්වූයේය.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ ම්ලේච්ඡත්වය පමණක් මම ඔබට එලෙස ලියා තැබුවෙමි. එවැනි පාලනයක් ශ්‍රී ලංකාවට ඇති වන්නේ නම්, රටට ඇත්තේ බුදුන්ගේ සහ දෙවියන්ගේ පිහිට පමණි. රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ ‘හිට්ලර් කතාව’ ගැන අන්තර්ජාල පාඨකයකු අපූරු කතාවක් කියා තිබුණේය. මේ සේරම වැඩ කරන්නට පෙර මන්ත්‍රීවරුන්ට මූලික ඉතිහාසය ඉගැන්වීමට ප්‍රතිපාදන වෙන් කරන්නට ඕනෑ යැයි ඔහු ප්‍රකාශ කර තිබුණේය.

කෙසේ හෝ මෙවැනි කතාන්දර ගලාගෙන යන විටදී ඇඩොල්ෆ් හිට්ලර් ගැන එතෙරින් ආරංචි වූයේ ඉතාමත්ම නැවුම් පුවතකි. එනම් අප්‍රිකානු රටක් වන නැමීබියාවෙන් ඇඩොල්ෆ් හිට්ලර් නමැති කළු ජාතික දේශපාලකයකු බිහි වීමය. ඔහු මේ වන විට එම රට තුළ ඉතාමත් ජනප්‍රිය දේශපාලකයකු වී ඇති අතර 2020 දෙසැම්බර් මාසයේදී පැවැති මහ මැතිවරණයේදී ඔහු ආසනයක්ද ජයග්‍රහණය කර ඇත. ඇඩොල්ෆ් නමැති නාමය නැමීබියාවේ බහුතරයකට තිබෙන බවත්, හිට්ලර් නමැති නාමය පසුව යෙදුණු බවත් ඔහු පවසයි. බී.බී.සී. සේවය ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු පවසා ඇත්තේ, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ගැන තමා දන්නා නමුත්, ඔහුගේ ආකාරයේ පාලනයක් තමා ප්‍රතික්‍ෂේප කරන බවත්ය. ඔහුගේ සම්පූර්ණ නාමය ඇඩොල්ෆ් හිට්ලර් උනෝනාය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඩාලි පාරෙන් හමන සුළගෙන් පොහොට්ටුවට රිදෙයිද?

Next Post

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට බැසිලුත් එයි

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.