නවක මන්ත්‍රීවරුන්ට ලබා දීම සදහා වාහන සීමිත සංඛ්‍යාවක් ආනයනය කිරීමට මීට පෙර ගෙන තිබූ තීන්දුව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
කොවිඩ් තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.










