ඉකුත් පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයකින් බලය ඇල්ලීමෙන් පසු නිවාස අඩස්සියේ රදවා සිටි මියන්මාරයේ හිටපු අගමැතිනි අවුන් සාන් සූකී මහත්මිය පළමුවරට පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ ඇය සම්බන්ධයෙන් ආරම්භ වූ නඩු කටයුත්තට මුහුණ දීම සදහාය.
මෙහිදී එක් නීතීඥවරයකු පමණක් හමුවීමට ඇයට අවස්ථාව සලසා දී තිබිණ.
රාජ්‍ය රහස් හෙළිකරීම ඇතුලු චෝදනා කිහිපයක් ඇයට එරෙහිව එල්ල කිරීමට හමුදා ආණ්ඩුව පියවර ගෙන ඇත.
කෙසේවෙතත් නඩු විමසීම ආරම්භ වී සුලු මොහතෙකින් එය කල් තැබීමට විනිසුරුවන් පියවර ගෙන තිබිණ.










