• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපති ඇත්ත පෙන්වයි! නවුෆර් මව්ලවි මහමොළකරුද? නැතිනම් ඇන්ටන් බාලසිංහම්ද?

May 25, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
නීතිපති ඇත්ත පෙන්වයි! නවුෆර් මව්ලවි මහමොළකරුද? නැතිනම් ඇන්ටන් බාලසිංහම්ද?
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවී දැන් වසර දෙකකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. නමුත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුව තවමත් නොවිසඳුණු එකකි. එම මහ මොළකරු කවුරුන්ද යන්න ඉක්මණින් හෙළිකරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් රජයට එල්ලවන බලපෑම්ද අඩුවක් නැත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද දිගින් දිගටම ඒ පිළිබඳ විමසන්නට විය. රජය මහජන ආරක්ෂාව පිළිබඳ නව අමාත්‍ය ධුරයක් පත්කිරීමත් සමඟ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සෙවීමේ වගකීම භාර වූයේද එම ඇමැතිවරයාටය. දිගින් දිගටම මේ ආකාරයෙන් එල්ලවන බලපෑම් මධ්‍යයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධුරය භාරගත් සරත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා නවුෆර් මවුලවි නැමැත්තෙකු වන බවය. පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට පත් වූ නවුෆර් මවුලවි මේ දක්වාම සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.

නවුෆර් මවුලවි නැමැත්තා උපත ලබා ඇත්තේ 1978 වසරේදීය. ඒ කාත්තන්කුඩි නගරයේදීය. සාමාන්‍ය පෙළ දක්වා කාත්තන්කුඩිහිදී අධ්‍යාපනය ලැබූ නවුෆර් උසස් පෙළ හදාරා ඇත්තේ මාදම්පේ ඉස්ලාමියා අරාබි විද්‍යාලයෙනි. ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ සංකල්පය ඔහුට ලැබී ඇත්තේ එම පාසලෙනි.

පසුව ශ්‍රී ජමෙයිතුල් ඉස්ලාමීය සංවිධානයේ ප්‍රචාරක නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහු 2000 වසරෙන් පසුව අග්නිදිග විශ්ව විද්‍යාලයේදී අරාබි භාෂාවද හදාරා ඇත. අනාවරණය වී ඇති අන්දමට නවුෆර්ට සහරාන් පළමුවරට මුණ ගැසී ඇත්තේ 2004 වසරේදී පමණය. නමුත් ඒ වන විට ඔහු සහරාන්ගේ බිරිඳගේ පාර්ශ්වයේ ඥාතියකු බවට පත්වී සිට ඇත.

2005 වසරේදී සහරාන් ආරම්භ කළ ඩාරුල් අද්හාර් අද් දයියා නැමැති සංවිධානයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නවුෆර් 2006 වසරේදී කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර ඒ වන විට ඔහු සහ සහරාන් අතර හිත් නොහොඳකමක් ඇති වී තිබුණු බවක්ද දැන ගන්නට ඇත.

2006 වසරේ කටාර් බලා පිටත්ව ගියද ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නැවත 2008 වසරේදී කටාර් බලා පිටත්ව ගොස් ඇත. එහිදී නීති කාර්යාලයක පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ නවුෆර් 2016 වසර දක්වාම සේවය කර ඇත්තේ කටාර් රාජ්‍යයේය. ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසරකට එක් වරක් බැගින් පමණි.

අනාවරණය වී ඇති ආකාරයට 2017 වසරේ මැදවච්චිය රඹාවැව ප්‍රදේශයේ පැවැති තවුහිද් ජමාත් සංවිධානයේ පළමු පුහුණු කඳවුරටද නවුෆර් මවුලවි සහභාගි වී ඇත. එමෙන්ම සහරාන් විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස නවුෆර් මවුලවි පත් කළ බවටද තොරතුරු වාර්තා වී ඇත. එමෙන්ම 2019 වසරේ මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ගේ පවුලේ උදවියට මුදල් ගෙනගොස් දී ඇත්තේද නවුෆර් මවුලවි සහ ඔහුගේ බිරිඳ විසිනි.
කෙසේ නමුත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ නවුෆර් මවුලවි යනු සහරාන් කල්ලියේ න්‍යායාචාර්යාවරයා යැයි සිතිය හැකි බවය. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ඇන්ටන් බාලසිංහම් කළ කාර්යය හා සමාන කාර්යයක් සිදු කරන්නට ඇති බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබඳ පසුගියදා නැවත වරක් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළේ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය සිදුකළ පරීක්ෂණයේදීද නවුෆර් මවුලවි පිළිබඳ හෙළිවී ඇති බවය.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව ඇමෙරිකාව විසින් සැකකරුවන් තිදෙනකුට නඩු පවරා ඇත. ඒ, ශ්‍රී ලංකාවේදී සිදුවූ පාස්කු ප්‍රහාරයේදී තම රටේ පුරවැසියන්ද ඝාතනය වීම නිසාය. එම පරීක්ෂණ සඳහා එෆ්.බී.අයි. නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය සමඟ එකතුව සිදු කළ පරීක්ෂණ හරහා පුද්ගලයන් තිදෙනකුට නඩු පැවරීම සිදු කෙරිණි. ඒ අතරින් එක් පුද්ගලයෙකු වන්නේ නවුෆර් මවුලවිය.

මේ අතර පසුගිය සතියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නීතිපති දප්පුලද ලිවේරා මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුදැයි යන්න කොමිසමේදී ලැබුණු සාක්ෂි හරහා හෙළිදරව් නොවන බවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නවුෆර් මවුලවි නොවන බවට සැකයක්ද ඒ නීතිපතිවරයාගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන බවක්ද දිස් විණි.

තවත් දින කිහිපයකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශය සැබැවින්ම දෙබරයට ගල් ගැසීමක් බඳු විය. නීතිපති තනතුරෙන් ඉවත්ව යාමට ඔන්න මෙන්න කියා තිබියදී කරුණු හෙළිදරව් කළද දප්පුල ද ලිවේරා මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර ඇත්තේ මීට බොහෝ කලකට පෙර වීමද විශේෂත්වයකි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්ත විමර්ශන ඒකකය සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේ පාස්කු ප්‍රහාරයට බොහෝ කලකට පෙරය. ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නාලක සිල්වා මහතා ඒ වන විට සිටි නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලූ නමුත් එම උපදෙස් නොලැබීම මත ඒ සඳහා පියවර ගැනීමට නාලක සිල්වා මහතාට අවස්ථාව ලැබුණේ නැත. ඒ මහතා විසින් ගොනුකළ පරීක්ෂණයට අදාළ වාර්තා විවෘත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මාස ගණනකට පසුවය. විශේෂත්වය වන්නේ එවකට නීතිපති කාර්යාලයේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ දප්පුල ද ලිවේරා මහතා වීමය. නාලක සිල්වා මහතා විසින් සිදුකළ පරීක්ෂණ වාර්තා සියල්ල තිබුණේද ලිවේරා මහතා යටතේය. නීතිපති තනතුරෙන් විශ්‍රාම යෑමට ඔන්න මෙන්න කියා තිබියදී ලිවේරා මහතා සිදුකළ ප්‍රකාශය වැදගත් වන්නේ එම කරුණු මතය.

මේ වන විට අනාවරණය වී ඇති පරිදි සහරාන්ව අන්තවාදය සඳහා තල්ලු කර ඇත්තේ නවුෆර් මවුලවි විසිනි. නවුෆර් මවුලවිගේ එකම අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීමය. ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා ප්‍රහාර මාලාවක් දියත් කිරීමට ඔහු සැලසුම් කර ඇත. නමුත් එම ප්‍රහාර මාලාව දියත් කිරීමට සැලසුම් කර තිබී ඇත්තේ 2020 වසරේදීය. නමුත් සහරාන් විසින් පාස්කු ප්‍රහාර මාලාව දියත් කළේ 2019 වසරේදීය.

නවුෆර් මවුලවි ශ්‍රී ලංකාව පුරා ප්‍රහාර මාලාව දියත් කිරීමට සුදුසු දිනය ලෙස තෝරාගෙන ඇත්තේ නිදහස් දිනයය. එමෙන්ම නුවර පෙරහැර පැවැත්වෙන දිනයද ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් සලකා බැලූ බව අනාවරණය වී ඇත. 2020 වසරේ නිදහස් දින ප්‍රහාරයේ මූලික සැලසුම් සකස් කිරීමට 2019 වසරේ ජාතික නිදහස් දිනය සිදු වන ආකාරය පිළිබඳ ඔත්තු බැලීමද ඔවුන් සිදු කර ඇත. නවුෆර් මවුලවිට අමතරව මේ වන විට ඇමෙරිකාව විසින් නඩු පවරා ඇති එක් පුද්ගලයෙකු වන්නේ එලෙස 2019 වසරේ ජාතික නිදහස් උළෙලේ ඔත්තු බැලූ තැනැත්තාය. නමුත් එලෙස ඔවුන් ඔත්තු බලා සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ප්‍රහාර එල්ල කිරීමටය.

ඔවුන් දෙදෙනාට අමතරව ඇමෙරිකාව විසින් නඩු පවරා ඇත්තේ 2018 වසරේ වවුනතිව් පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ තැනැත්තාටය. ඔහු කටයුතු කර ඇත්තේ සහරාන්ගේ සන්නද්ධ අංශයේ නායකයා ලෙසිනි. වවුනතිව් ඝාතනයෙන් පසු සවුදි රාජ්‍යය බලා පිටත්ව ගිය ඔහු අත්අඩංගුවට පත් වූයේ එහිදීය. පාස්කු ප්‍රහාරය සිදුවන විට ශ්‍රී ලංකාවේ නොසිටි ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිවක් දැන නොසිටි බවද අනාවරණය වී ඇත.

වවුනතිව් පොලිස් ඝාතනයෙන් පසු පැහැරගත් ගිනි අවි දෙකෙන් එකක් හමු වූයේ එළුවන්කුලම ප්‍රදේශයේ පොල් වත්තක් මැද පවත්වා ගෙන ගිය රහසිගත කඳවුරේදීය. නවුෆර් මවුලවිගේ සැලසුම වී ඇත්තේ එවැනි කඳවුරු කිහිපයක් ශ්‍රී ලංකා පුරාම ඉදි කිරීමය. 2019 වසර වන විටද ඔවුන් සතුව තිබුණු අවි ආයුධ ප්‍රමාණය ඉතා සීමිත වූ අතර ඔවුන් සෙමෙන් සෙමෙන් සූදානම් වී ඇත්තේ 2020 වසරේ සිදු කිරීමට තීරණය කර තිබූ දැවැන්ත ප්‍රහාරය සඳහාය.

දැනට අනාවරණය වී තිබෙන පරිදි මූලික සැලසුම් වෙනස් කරමින් සහරාන් හදිසියේ පාස්කු ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ 2019 මාර්තු මාසයේදීය. ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශවලට එම තොරතුරු ලැබී ඇත්තේ ප්‍රහාරය සැලසුම් කළ මාර්තු මාසයේදීමය. මෙසේ 2020 වසරේ දියත් කිරීමට නියමිතව තිබූ සැලසුම් වෙනස් කර 2019 වසරේ හදිසි ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සහරාන් කටයුතු කළේ මන්දැයි යන්න දැන් ඇති වී තිබෙන ගැටලුවය. ඒ සඳහා නවුෆර් මවුලවි සමඟ ඇති වූ මතගැටුමක් හේතු වූ බවටද තොරතුරු ලැබී ඇත. එසේ නම් ඒ හරහා මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා නවුෆර් මවුලවි යැයි පැවැසීම කෙතරම් සත්‍යයක්ද යන්නය. දැන් සෙවිය යුත්තේ එම ගැටලුවලට පිළිතුරුය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මෙන්න නායකයෝ…! FB එකේ වයිරල් යන වීඩියෝව…!!

Next Post

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නවතී!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.