මහජන නියෝජිතයින් සිය වරප්‍රසාද හුවා දක්වමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට උත්සාහ කරන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වරප්‍රසාද හිමි එම මහජන නියෝජිතයින් තමන්ට එම අවස්ථාව ලබාදුන් ජනතාවට පිටුපා එලෙස කටයුතු කරන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ විමර්ශනය අවසන් වනතෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කථානායකවරයාගෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
එමෙන්ම මහ මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ද එලෙස වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.










