නව මහ බැංකු පනත් කෙටුම්පත හරහා යෝජනා කරන මහ බැංකුව ස්වාධීන කිරීමේ වැඩපිළිවෙළ පිටුපස ඇති අනතුර සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් පළ කළේය.
ඒ අනුව දැනට පවතින මහබැංකු මුදල් මණ්ඩලය වෙනුවට පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය යනුවෙන් ආයතන 2ක් පිහිටුවා සාමාජිකයන් රැසකට එය පැවරීමට යෝජනා කොට ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කිසිවකුටත් එයට බලපෑම් කළ නොහැකි බව එම කෙටුම්පතේ සදහන් බවද ජාගොඩ මහතා කියා සිටියේය.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව සිදුකෙරෙන්නක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.