පාර්ලිමේන්තුව ලබන 13 වැනිදා රැස්වීමෙන් පසු ලබන ජනවාරි 17 වැනිදා රැස්වීමට තීරණය කරනු ලැබ තිබීමත් සමග මාසයකට අධික කාලයක් මන්ත්‍රීවරන්ට නිවාඩුවක් හිමිවනු ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ( තෙවැනි වර කියවීමේ ඡන්දය) අනිද්දා (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඊට පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව ලබන 13 වැනිදා අඟහරුවාදා දවස පුරා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.