ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමේ PT -6 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කරයි.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී ඇති මෙම යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබු සියලු සම්බන්ධතා බිඳ වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙක් ගමන් කරමින් සිට ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.










