පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල නැගෙනහිර පළාතේ ජන්ද ඉලක්ක කර විශේෂ දේශපාලන මෙහෙයුමක නිරත වෙමින් සිටින බව දැනගන්නට තිබේ.
මෙවර ජනාධිපතිවරණයේ ඉතා තීරණාත්මක සාධකය බවට නැගෙනහිර පළාතේ ජන්ද පත්ව තිබීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ අවස්ථා කිහිපයකදීම නැගෙනහිර පළාතේ සංචාරය කර ඇති බැසිල් රාජපක්ෂ මහතා විවිධ දේශපාලන පාර්ශ්ව කිහිපයක්ම මුණ ගැසී සාකච්ජා පවත්වා තිබේ. ඒ අතර නැගෙනහිර ප්‍රබලයන් වන රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුද සිට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපය තුළ රිෂාඩ්ගේ හා හකීම්ගේ ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනකු පොහොට්ටුව හා එක්වීමට සූදානමින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.